කකුලක් පාගන්න

බස් එකක යන්න. වැරදිලා හරි කාගෙ හරි කකුලක් පාගන්න. ඔබට අහගන්න වෙන වචන ටිකත් , බැල්මත් ගැන නැවත නැවත හිතල බලන්න. යුද්ධය විසින්ද 89 සහ ඊට පෙර ප්‍රචණ්ඩත්වය විසින් අසරණ කර දැමූ ලාංකික සමාජයේ ගැහැණු මිනිසුන්ගේ වර්තමාන කතන්දරයයි. මිනිස්සු පාරෙ , බස් වල කෝච්චියේ යන විට අපිට දකින්න ලැබෙන්නෙ වයිරය කැටිවුන මුහුණු. ධනේශ්වරය විසින් හෙම්බත් කල මුහුණු . ලස්සන හාමුදුරුවන්ගේ ජනප්‍රීයවාදී බණක් අසා, හාමුදුරුවන්ටව ඡන්දය දී නිවන් යාමට පතන ලංකාවේ මිනිස් ආත්ම වල ඇතුලාන්තයට එබී බැලීමට අවශ්‍ය නම් කකුලක් පාගල බලන්න. එවිට ඔබට දැනේවි ඔබ වටා සමාජය තුල සැබෑ තත්වය. “ගොන් දෙපැය” මගින් පෙන්වන වයිරයද , ද්වේශය ද සමග අත්වැල් බැඳ ගන්නා අපේ කාලයේ මානව සමාජයේ ඉරණම කොයිබටද?

2 comments so far

  1. samanalee on

    ඇත්ත, රූපවාහිණිය, චිත්‍රපට, අළුතෙන් එන සින්දු, මේ හැම දේකින්ම පෙන්වන්නෙ වෛරය, ද්වේශය විතරයි.. දයාව, කරුණාව වැනි මිනිස්‌ ගති ගුණ වලට දැන් තැනක්‌ නැති තරම්.

  2. Vishva Kumara on

    මෙහෙම දිගටම ගියොත් Recidence Evil වල වගේ සමාජයක් තමයි ඉතුරු වෙන්නේ…


Leave a reply