Archive for April, 2009|Monthly archive page
ආගන්තුකයා හට ස්තූතියි
“දියත් කුලේ අපි” බ්ලොග් අඩවියේ පලවූ ලිපිය පිළිබඳව අවංක අදහස් දැක්වූ ආගන්තුකයා හට ස්තූතියි.
කොපි කිරීම : ආගන්තුකයා හට
“දියත් කුලේ අපි” නම් බ්ලොග් අඩවියේ පලවූ ලිපිය හා සබැදේ.එම ලිපියේ නිර්මාණය පහත දක්වමි.
මගේ ගෙදර සාලයක් ඇත…
එහි පිංතූර එල්ලන බිත්තියක් ඇත…
තාත්තාගේ පිංතූරයක් එහි එල්වා ඇත…
නමුත්….
එය රාමුවකින් වටවී ඇත…
එහි සීයාගේ පින්තූරයක් එල්වා ඇත…
එයද රාමුවකින් වටවී ඇත…
එහි එල්වා ඇති මවගේ පිංතූරයද
රාමුවකින් වටවී ඇත…
එහි මගේ පින්තූරයද එල්වා ඇත…
එය රාමුවකින් වටවිය යුතුව නැත…
නමුත්….
එය වටාද රාමුවක් ඇත..
දැන් පහත නිර්මාණය දෙස බලන්න
“අපේ ගෙදර තිබුණා
අපේ සීයගේ පින්තූරයක් ….
ඒක වටේ හතරැස් රාමුවක්……
අපේ තාත්තා කියන විදිහට
තාත්ත ගේ සීයගෙ පින්තූරෙ වටෙත්
තිබිල තියෙන්නෙ
හතරැස් රාමුවක්….
ඇයි අපේ තාත්ත…..
තාත්ත ගේ පින්තූරෙ වටෙත්
හතරැස් රාමුවක්….
එතකොට ,
මම ……”
උපුටා ගැනීම
සියපතක උදානය සමරු කලාපයෙනි
(රාජකීය විද්‍යාලයීය කලා උළෙල 2002)
රචකයා – වින්දන විධුර කුමාර කහඳගේ
නිර්මාණය අමු අමුවේ කොපි නොකල පමණින් සාධාරණ යැයි නොසිතමි. අවම වශයෙන් සැබෑ නිර්මාපකයා ගැන සඳහනක් හෝ කලේ නම් වටින බව මගේ අදහසයි. මෙය ඉදිරිපත් කලේ මඩ ගැසීමේ අරමුණින් නොව සැබෑ නිර්මාපකයා වූ වින්දන විධුර කුමාර කහඳගේ හට සාධාරණයක් ඉටු කිරීමේ චේතනාවෙනි.
ස්තූතියි
ජීවිතය සුලු කොට තකන්න එපා
මීට අුරුද්දකට පෙර අපේ බ්ලොග් කරුවකු වූ යසරුවන් මිය ගියේ දිය ඇල්ලක
නාන්නට ගොසිනි. එය අප එක වර කම්පනයට පත් කල සිදුවීමක් විය. නැවතත් ඒ
මතකය හා ශෝකය වැඩි වූයේ මේ සිංහල අවුරුදු දින මගේ හොදම මිතුරකුගේ එකම
සොයුරා දියේ ගිලීමෙන් මිය ගිය බැවිනි.
සෙසු අයගේ අවවාද නොතකා ගිය මේ ගමන නිසා අද අපට ඉතිරිව ඇත්තේ වේදනාව පමණි. මීට අමතරව අපේ ගමේ තවත් තරුණයන් දෙදෙනෙක් එදිනම දියේ ගිලී මිය ගියහ. ඔවුන්
සිටියේ අධික බී මතිනි.
මෙය එක්තරා ඉල්ලීමකි. කරූණාකර ඔබේ ජීවිත අනවශ්‍ය අවදානමකට ලක් කරන්න එපා.
භාෂණ ත්‍රස්තවාදියෙකු වී තිබේ
රෝහිත භාෂණ සිංහල කොටියෙක් යැයි නම් කල වෙබ් අඩවි සටහනක් දුටුවේ
යම් කලකට පෙරය. භාෂණ ත්‍රස්වාදියෙක් යැයි නම් කල සැනසීම දේශ ප්‍රේමයෙන්
ඔද වැඩී ගිය සමාජයට ඉතා ලෙහෙසි කරුණකි. නමුත් භාෂණ ගේ සියලු මතවාද හා
එකඟ නොවූ පමණින් අපට ඔහු ත්‍රස්තවාදියෙකු යැයි නම් කල හැකිද?
නූතන ලාංකීය සමාජයේ රජය විවේචනය හෝ පවතින ක්‍රමයට අනුගත නොවීම
බරපතල අපරාධයක් ලෙස සැලකේ. එහෙත් ත්‍රස්තවාදය සිය එකම සතුරා ලෙස
සලකමින්, ජඩ දේශපාලයනට එරෙහි වන්නන් දුටු කල පොලු අමෝරා ගන්නා
ලාංකේය ජන සමාජයට භාෂණ ත්‍රස්තවාදියකු ලෙස පෙනීම පුදුමටක් නොවේ.
Comments (5)
Comments (9)
Comments (5)