ජීවිතය සුලු කොට තකන්න එපා

මීට අුරුද්දකට පෙර අපේ බ්ලොග් කරුවකු වූ යසරුවන් මිය ගියේ දිය ඇල්ලක
නාන්නට ගොසිනි. එය අප එක වර කම්පනයට පත් කල සිදුවීමක් විය. නැවතත් ඒ
මතකය හා ශෝකය වැඩි වූයේ මේ සිංහල අවුරුදු දින මගේ හොදම මිතුරකුගේ එකම
සොයුරා දියේ ගිලීමෙන් මිය ගිය බැවිනි.

සෙසු අයගේ අවවාද නොතකා ගිය මේ ගමන නිසා අද අපට ඉතිරිව ඇත්තේ වේදනාව පමණි. මීට අමතරව අපේ ගමේ තවත් තරුණයන් දෙදෙනෙක් එදිනම දියේ ගිලී මිය ගියහ. ඔවුන්
සිටියේ අධික බී මතිනි.

මෙය එක්තරා ඉල්ලීමකි. කරූණාකර ඔබේ ජීවිත අනවශ්‍ය අවදානමකට ලක් කරන්න එපා.

6 comments so far

  1. -බිன்ku- on

    කොච්චරක් කිව්වත් එකයි වෙන්නේ, ඒ නොදැනුවත්කමටවත් නෙමේ. තමුන්ගේ විනෝදාත්මකටත් පුරුෂකමත් පෙනවන්න එක්කයි එසේ කරන්නේ. ඊට දැනුවත් කිරිමකට වඩා ගතයුතු ක්‍රියාමාර්ග නොගැනීමත් මේ තත්වයේ වැඩි අඩුවක් දකින්නට නැතිවීමට හේතුවක්.

  2. අනූ on

    ඇත්තටම කියන දෙයක් අහන්නෙ නැති උනාම වෙන්නෙම ඔහොම දේවල්

  3. Dilan on

    මත් පැ බිමේ ආදිනව කොච්චර දැනගෙන හිටියත් අපේ මිනිස්සු ඒ වැරැද්ද දිගටම කරනවා.මත් පැන් නොතිබෙන්න ඔය ජිවිත තවමත් තිබෙන්න ඉඩ තිබිනා.

  4. rathutharuva on

    කොපමණ දැනුවත් කලත්,මොන තරම් ඛේදනීය සිදුවීම් උනත් කවුරුවත් පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ. සිරීපාද වන්දනාවෙ යන අතරමග හමුවෙන සුන්දර ගංගාවක් අසබඩ නගරයක ජීවත් වෙන කෙනෙක් හැටියට, මේ වගේ සිදුවීම් අනන්ත අප්‍රමානව අත් විඳල තියෙනව මම. ගඟේ ගිලිලා කී දෙනෙක් නම් මැරුනද..ළඟකදි නම් මුකුත් වාර්ථා උනේ නැහැ. මම හිතන්නෙ පොලීසිය යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙන නිසා වෙන්න ඇති.

  5. Tharindu Gayan Wijethunga on

    මේ වගේ දේවල් ගැන රට දැනුවත් කරන්න අපි එකට එක්වෙන්න ඕනා.

  6. kanchan on

    අකිකරැකම හරි බයනකයි නේ


Leave a reply