කොපි කිරීම : ආගන්තුකයා හට

“දියත් කුලේ අපි” නම් බ්ලොග් අඩවියේ පලවූ ලිපිය හා සබැදේ.එම ලිපියේ නිර්මාණය පහත දක්වමි.

මගේ ගෙදර සාලයක් ඇත…

එහි පිංතූර එල්ලන බිත්තියක් ඇත…

තාත්තාගේ පිංතූරයක් එහි එල්වා ඇත…

නමුත්….

එය රාමුවකින් වටවී ඇත…

එහි සීයාගේ පින්තූරයක් එල්වා ඇත…

එයද රාමුවකින් වටවී ඇත…

එහි එල්වා ඇති මවගේ පිංතූරයද

රාමුවකින් වටවී ඇත…

එහි මගේ පින්තූරයද එල්වා ඇත…

එය රාමුවකින් වටවිය යුතුව නැත…

නමුත්….

එය වටාද රාමුවක් ඇත..

 දැන් පහත නිර්මාණය දෙස බලන්න

“අපේ ගෙදර තිබුණා

අපේ සීයගේ පින්තූරයක් ….

ඒක වටේ හතරැස් රාමුවක්……

අපේ තාත්තා කියන විදිහට

තාත්ත ගේ සීයගෙ පින්තූරෙ වටෙත්

තිබිල තියෙන්නෙ

හතරැස් රාමුවක්….

ඇයි අපේ තාත්ත…..

තාත්ත ගේ පින්තූරෙ වටෙත්

හතරැස් රාමුවක්….

එතකොට ,

මම ……”

උපුටා ගැනීම

සියපතක උදානය සමරු කලාපයෙනි

(රාජකීය විද්‍යාලයීය කලා උළෙල 2002)

රචකයා – වින්දන විධුර කුමාර කහඳගේ

 

නිර්මාණය අමු අමුවේ කොපි නොකල පමණින් සාධාරණ යැයි නොසිතමි. අවම වශයෙන් සැබෑ නිර්මාපකයා ගැන සඳහනක් හෝ කලේ නම් වටින බව මගේ අදහසයි. මෙය ඉදිරිපත් කලේ මඩ ගැසීමේ අරමුණින් නොව සැබෑ නිර්මාපකයා වූ වින්දන විධුර කුමාර කහඳගේ හට සාධාරණයක් ඉටු කිරීමේ චේතනාවෙනි.

ස්තූතියි

9 comments so far

  1. -බිன்ku- on

    නිර්මාණ පිටපත් කිරිම වැනි දේ එදා ඉදන්ම සිදු වුණ අතර අදටත් අඩුවක් නැතිව සිදු වෙයි. ඇත්තෙන්ම මේ කවියේ මුල් පදය ඒ ‘කොපි’ කිරිමකට ලක් වුවේයැයි කියන කවියට වඩා අර්ථිකත්වයෙන් පොහොසත් බවක් දැනෙයි. දියත් කුලේ එවැන්නක් පල වුයේයැයි හිතාගැනිමටද අපහසුය. කෙසේ වුවත් එය වැරද්දකි. එයින් නිර්මාපකයාගේ තැවුලට හේතු වෙයි.

  2. palitha on

    මෙවැනි පළල් නිර්මාණයක් සියල්ල සමග බෙදාගැනීමට උත්සාහය අගය කළ යුතු වුවත් යම් උපුටා ගැනිමක් පිළිබද සටහන් කොට නිර්මාණකරුවාට වන ගරුත්වය ලබා දිම යුතුකමකි

  3. මෙය කර්තෘ සඳහන් නොකර, අඩුම තරමේ මේ අනුසාරයෙන් නිර්මාණය කරන ලදැයි කියාවත් සඳහන් නොකර උපුටාගැනීම නම් අනුමත කරන්න බැහැ.

  4. ecH on

    මේ වගේ අදහසක් ඕන කෙනෙකුට ඔළුවක් පහල වෙන්න පුළුවන් ගෙදර තියෙන පරම්පාවෙ පින්තූර දිහා බලං ඉද්දි. නමුත් ‘දියත් කුලේ අපි’ ලියන ආගන්තුකයා නම් එවැන්නෙක් වෙන්න ඉඩ අඩුයි. මේ ගැන ඔහුගේ අදහස දැනගත යුතුයි.

  5. පිටස්තරයා on

    කවි රස විඳීම ගැන මට එච්චර හැකියාවක් නෑ. එක නිසා මේක කොපි කිරීමක් ද නැද්ද කියලා කියන්න මම දන්නේ නෑ. හැබැයි ආගන්තුකයා එහෙම අමු අමුවේ කොපි කරන කෙනෙක් විදියට මම දන්නේ නෑ. මෙම අදහස ඔහු එළි පිට කිව්වේ අපි ඉස්සරහාමයි.

    අනෙක් අතට ආගන්තුකයාගේ අතීතය අනුව මුල් කවිය ලියපු කතුවරයාගේ නිර්මාණයට ආගන්තුකයා බලපෑමක් වූවා වියද හැකියි. එසේ නොවිය ද හැකියි.

    කෙසේ වෙතත් ආගන්තුකයා නැතුව අපි අදහස් දැක්වීම එච්චර පළක් නෑ. නිකන් මට හිතුන දේවල් ටික මෙතන කිව්වා.

  6. @ecH, @පිටස්තරයා – ඔව්. ඔබලා දෙන්නාගේ අදහසුත් ඉවත දාන්න බෑ… මාත් ඇත්තටම ඒ ගැන හිතුවා. මේ බ්ලොග් අඩවියේ ලියන්නාටත් කිව්වා…

  7. මකබාස් on

    මේක කොපි කිරීමක් නොවෙන්න පුලුවං. හේතුව මේකෙ රාමුව කියන වචනේ ස්ට්‍රෙස් කරල තියෙන්නෙ. ෆ්‍රේම් එක. මේක කවියකට වඩා දාර්ශනික කන්ටෙක්ස්ට් එක්ක කියෙව්වොත්- ඒ කියන්නෙ
    1.පාරම්පරික ෆ්‍රේම් එක බිදින්න, ඒක කඩාගෙන , ඒකෙන් වෙන්වෙන්න තියෙන ටෙන්ඩන්සිය
    2.ෆ්‍රේම් එක=වචන අතර ස්පේස් එක යන අර්තයෙන් යෙදීම වෙන්නත් පුලුවන්.

    මේ ලක්ෂන දෙකම දෙවැනි කවියේ නැහැ.

  8. අදහස් අවකාශය on

    “මෙය ඉදිරිපත් කලේ මඩ ගැසීමේ අරමුණින් නොව සැබෑ නිර්මාපකයා වූ වින්දන විධුර කුමාර කහඳගේ හට සාධාරණයක් ඉටු කිරීමේ චේතනාවෙනි.

  9. -බිன்ku- on

    මකබාස්ගේ අදහසත් හරි වෙන්නත් පුළුවන් ඇතැම් විට ඔහු මේ කවිය කියවලා හිතෙ තිබ්බ සකල්පයන් ඔහ්ගේ ලෙස නොදැනුවත්ව ආවා වෙන්න පුලුවන්, මේ බව මට කල්පනා වුනේ පසුවයි.
    කොපි කිරිමේ කලාව බොහෝ මුහුණත් වලින් වුවත් ඇතැම් වෙලාවට ඒ අරමුණින් තමා කොපි කල බව නොදැන කලා වෙන්නත් පුලුවන්නේ.කෙසෙ වුවත් මුල්කවිය ලිව් වින්දන විධුර වෙනුවෙන් ලිවිම හොඳ කටයුත්තක්.


Leave a reply