Archive for the ‘දේශපාලන’ Category

බ්ලොග්කරුවකු අත්අඩංගුවට පත් වීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු අවශ්‍යයි!

බ්ලොග් අඩෙවියක පළ වූ කිසියම් ලිපියක් හෝ ප්‍රතිචාරයක් හේතුකොට ගෙන බ්ලොග්කරුවකු අත්අඩංගුවට පත් ව ඇති බවට නිශ්චිත නොවන පුවතක් පැතිර යමින් තිබෙනවා. එසේ වුවත් ඒ බ්ලොග්කරු කවුද, පළ ව තිබූ සටහන හෝ ප්‍රතිචාරය කුමක් ද, අදාළ අඩෙවිය කුමක් ද යන්න පිලිබඳ කිසිදු තොරතුරක් ප්‍රසිද්ධියට පත් ව නැහැ. මෙසේ අතිශය ගුප්ත ආකාරයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා දැන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. මේ ගුප්ත භාවය නිසා අන්තර්ජාලයට ලියන කියන අදහස් පල කරන සියලු දෙනාට ම හිස් කරදාසියක අත්සන් කෙරුනු වරෙන්තුවක් නිකුත් වී ඇති සෙයක් දිස් වෙනවා.

මෙසේ අත්අඩංගුවට පත් වීමට තරම් වූ බ්ලොග් සටහනේ/ප්‍රතිචාරයේ ස්වභාවය කෙබඳුද. එය ඇත්තේ කොහිද? මේ ගැන දැනට පල ව ඇති වාර්තා දෙක මේවායි Youth arrested over web comments on the President
Blogger arrested in Sri Lanka for “offensive” comments regarding President and Defense Secretary? අග මුල පාදාගත හැක්කේ මේ සිද්ධිය පිලිබඳවත් අදාල බ්ලොග්කරු/ප්‍රතිචාරකරු පිලිබඳවත් තොරතුරු එක් රැස් කර පල කිරීම මගින් පමනයි.

මේ සිද්ධිය ගැන ඔබ දන්නා කිසියම් තොරතුරක් වේ නම් එය warunakanishka@gmail.com යන ලිපිනයට ඊමේල් කරන්න. එසේ තොරතුරු ලබා දෙන ඔබේ පුද්ගලිකත්වය හා රහසිගතභාවය සියයට සියයක් සුරක්ශිත කෙරෙනු ඇති.

හෘද සාක්ෂියේ ඛේදවාචකය හෙවත් ලාංකේය සමාජය

ලාංකේය හෘද සාක්ෂිය පිළිබදව අප අතින් මීට පෙර බ්ලොග් ලිපි වල බොහෝ විට ලියැවුණි. මේ ලිපිය ලියන්න ට හේ තු සාධක අප හට ඕනෑ තරම් විය. හිරි වැටුණු සමාජ සංවේදනයකට උරුම කම් කියන ලාංකේය සාඩම්බරත්වයට එරෙහිව නැගී සිටින්නේ කෙසේ දැයි අප දන්නේ නැත. එක්කෝ අප මේ හෘද සාක්ෂිය අහිමිව හිරි වැටී ගිය සමාජයට අතුල් පහරවල් එල්ල කල යුතුය. එසේත් නැති නම් හිරි වැටුණවුන් සේ බලා සිටිය යුතුය.

මේ ලියැවීමට පාදක කර ගන්නට වූ මුල්ම සිදු වීම අම්පාරේ සිද්ධියකි. එනම් ගම්මුන් එකතුව අපරාධකරුවකු මරා දැමූ පුවතය. අපරාධකරුවකු මරා දැමීම එතරම් දෙයක් නොවේ යැයි ද එය එසේ විය යුතු යැයි ද කියනවුන් වර්තමාන සමාජ භූමීකාව තුල අපිට බුරුතු පිටින් සොයා ගත හැකි වන නමුදු එම නිසා ඒ පිටි පස සැඟවුනු අනතුර ප්‍රශ්න නොකර සිටීමට අපට නොහැක. අපට පැන නැගෙන මූලික ප්‍රශ්නය මේ කැළෑ නීතිය විසින් අපේ සමාජය දක්කා ගෙන යනු ලබන්නේ කොතැනටකට ද යන්නයි. ශිෂ්ටත්වයෙන් අපවර්තනය වන ලාංකේය සමාජයේ දී හෘද සාක්ෂියක් ඇතිව ජීවත් වීමේ අසීරුව පවත්නා මොහොතේ දී වඩාත් තදින්ම අප හට දැනෙන් නේ එහෙයිනි. අද දවසේ පාතාලය මර්ධනය උදෙසා අනුගමනය කරන ක්‍රියා මාරගය අපි සැවොම දනිමු. මෙය සාමාන්‍ය සමාජයේ ආවේගයන්ට අනුව වඩාත් නිවැරදිම ක්‍රියා මාර්ගය ලෙස අර්ථ දැක්වෙනුනිසැකය. එහෙත් නීති පද්ධතියකින් සහ ශිෂ්ඨත්වය පිළිබද පුරසාරම් දොඩවන ලාංකේය සමාජයේ ඉරණම කොයිබට ද යන ප්‍රශ්නය ඒ සෑම පුවතක් පිටු පසම සැඟව පවතී.

රෝහිත භාෂණ වරෙක මෙසේ කීවේය. “යුගයේ මිනිස් හෘද සාක්ෂිය යනු ලේ වැකුණු පාපන්දුවකි, අපි කල යුත්තේ ඊට පෙරලා පහර දී හැකි තරම් ඉන් ඈත් වීමය”. යථාර්තය එය නම් එයට පිටු පෑමට සිතීම එක්තරා අනදමකට මෝඩ කමක් වන්නේය. නමුදු අප ජීවත් වන යුගය මතින් පිය මනින්නේ කොතැනටදැයි අපි නැවත නැවතත් ප්‍රශ්න කල යුතුය. නැවතත් මේ සංවාදයේ මුලින් මතුකල ප්‍රශ්නය දෙසට නැවත හැරී බලමු. එනම් ලාංකේය සමාජ සංවේදනය මේ තරමටම අසංවේදී ඇයිද යන්නය.

පවත්නා යුගය එහෙයි කියන්නන් හට වෙන්වුන යුගයකි. එසේ කරන්නට බැඳී නොසිටවුන් හට අනතුරු දායක යුගයකි. පවත්නා සමාජ ක්‍රමය අපට කියමින් සිටින්නේ කුමක් ද? තමන්ගේ වැඩක් බලාගෙන සිටින ලෙසයි. එනම් යුගයේ දේශ ප්‍රේමීයා ගේ භූමිකාව ප්‍රශ්න නොකර රඟපෑමයි .ඒ අනුව තමන් අවට පවතින සමාජය ප්‍රශ්න කිරීමට හෝ ඊට එරෙහිව නැගී සිටිම දේශ ද්‍රොහී භාවය ලෙස සැලකෙන යුගයකදීය. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ අපට බ්ලොග් අවකාශයෙන්ම සොයා ගත හැක. මේ සියලු නිර්ණය කිරීම් වලට අනුව කලකදී ජන සමාජයේ හතුරකු වූ කරුණා අම්මාන් දේශ ප්‍රේමීයකු වන්නේය.

ලාංකේය සම්ජය ඉතා වේගයෙන් සිය සමාජ වගකීම් අමතක කොට ස්වකීය තනි තනි ගේම් ගසන්නන්ගේ පාරාදීසයක් බවට පත් වීම අපි තැති ගැන්මෙන් යුතුව බලා සිටිමු. නීතිය  විසින් විසඳිය යුතු ප්‍රශ්න වෙනුවට කැළෑ නීතිය රජ කරන්නට පටන් ගෙන ඇති යුගයේ ත්‍රාසජනක භාවය පිළිබදව අමුතු පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.
මේ ලිපිය හැදින්වීමක් පමණි. සංවාදය ඉදිරියට ගොඩ නගමු.

නිර්ණාමික බ්ලොග් කරණය , තර්ජන සහ බ්ලොග් අවකාශය

නිර්ණාමික බ්ලොග් කරණය සහ ප්‍රතිචාර පල කිරීම පිළිබඳව නොයෙකුත් මතවාද සිංහල බ්ලොග් අවකාශය තුල පසුගිය කාලය පුරාවටම දකින්නට ලැබුනි. අපට වැඩි වශයෙන් දකින්නට තිබුනේ නිර්ණාමික බ්ලොග් කරණය හා ප්‍රතිචාර පල කිරීම පිළිබඳවඊට එරෙහි මතවාදයන්ය. නිර්ණාමිකත්වය  කශේරුකාව පිළිබද, ලියන්නාගේ කශේරුකාව පිළිබඳ ගැටලුවක් ලෙස සම්පිණ්ඩනය කෙරෙන අදහස් අපට ඕනෑ තරම් දකින්නට ලැබුනි. අපගේ මෙම  ලිපියේ අරමුණ නිර්ණාමික ප්‍රතිචාර පිළිබඳව සාකච්චා කිරීම නොව

  • නිර්ණාමික ලේඛන කලාව
  • ආරූඪ නාම
  • නිර්ණාමික බ්ලොග් කරණය 

යන සංකල්ප පිළිබඳව සංවාදයක් මතු කිරීමය.

නිර්ණාමික හෝ ආරූඪ නාම ලේඛන කලාව

නිර්ණාමික ලේඛන කලාව හෙවත් ආරූඪ නම් වලින් ලේඛන කල්වෙහි යෙදීම ලොව පුරා පිළිගත් සම්ප්‍රදායකි. ලොව පිළිගත් ලේඛකයන්, පත්‍ර කලාවේදීන් ඇතුලු  බොහෝ දෙන් නිර්ණාමිකව හෝ ආරූඪ නාම වලින් බ්ලොග් කරණයේ යෙදී ඇත. උදාහරණ ලෙස

  • මාර්ක් ට්වේන්
  • මක්සිම් ගෝර්කි
  • ලුවිස් කැරොල්
  • ස්ටීවන් කිංග්
  • ජෝජ් එලියට්
  • වී අයි ලෙනින්

ඇතුලු ඉතා දීර්ඝ ලැයිස්තුවක් අපට හමුවේ. මේ සියලු දෙනාම නොයෙකුත් හේතු මත ආරූඪ නාම වලින් ලේඛන කලාවේ නිරත වූහ. මීට අමතරව ලංකාව තුල නිර්ණාමිකව ලේඛන කලාවේ යෙදුනු ලේඛකයන් අපට ඕනෑ තරම් හමුවේ. මෙම ලේඛකයින් ගේ සැබෑ අනන්‍යතා බොහෝ කල් සඟවා පවත්තවා ගැණුනු අතර එමගින් ඔවුන්ට ඒ ඒ කාල සීමා තුල පැවති සමාජ, දේශපාලන සංස්ථාවෙන් එල්ල විය හැකි තර්ජන , පීඩා මග හරවා ගැනීමට කටයුතු යෙදිණි.

  • හික්කඩුවේ සුමංගල හිමි
  • ලසන්ත වික්‍රමතුංග
  • ඒ ජේ ගුණරත්න
  • කසුරි
  • සුන්දර නිහතමානී ද මැල්
  • වික්ටර් අයිවන්
  • විමලසිරි ගම්ලත්

ලංකාවේ ආරූඪ හෝ නිර්ණාමික ලේඛන කලාවේ යෙදුනෝ වෙති. ඒ අතර විමලසිරි ගම්ලත් පසු කාලීනව විමල් වීරවංශ ලෙස ප්‍රසිද්ධියට පත් විය. 

නිර්ණාමික බ්ලොග් කරණයේ යෙදෙන්නේ ඇයි????????
අද බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනෙකුට ඇති ගැටලුව නම් “ඇයි කෙලින් ලියන්න බැරි?”, “මොකද කොන්ද පණ නැද්ද?” ආදී දේ ය. නමුත් අප සියලු දෙනාම ලේඛන කලාවේ පිලිගත් සිද්ධාන්ත අනුව සලකා බලන විට අරුමයක් නොවන නිර්ණාමික හෙවත් ආරූඪ නම් වලින් බ්ලොග් කරණයේ යෙදීම ගැටලුවක් කර ගන්නේ ඇයිද යන්නට තේරුම් ගැනීම අසීරුයි. නමුත් ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය මතවාද හා ගැටෙන විට , විවේචනය කරන විට, රටක පවතින සමාජ දේශපාලනික ව්‍යූහයන් ප්‍රශ්න කරන විට ඊට එරෙහිව එල්ල වන ප්‍රතිචාර අතිශය දරුණුයි. සමහර විට මෙම නිසා බ්ලොග් කරුවන් සිරගත කිරීමට ලක්වුණු අවස්ථා පවා ලෝකයේ තිබෙනවා. මීට අමතරව බ්ලොක් කරුවන් හට නොයෙකුත් තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු වී තිබේ. සමහර විට ඔබ නොදන්නවා වුනත් ලංකාවේ සමහර බ්ලොග් කරුවන්ගේ අනන්‍යතා සඔයා ගෙන ඔවුන්ට මානසික පීඩා ගෙන දෙමින් , සමීපතමයින් හට තර්ජනය කල අවස්ථා පවා අප අත් දැක තිබේ. මේ සියල්ල සිදු වන්නේ මතවාදිමය වශයෙන් එකඟ නොවීම් දිරවා ගන්නට බැරි කම හේතුවෙන් බව ඉතා පැහැදිලිය.

නිර්ණාමික බ්ලොග් කරණයට එරෙහි වන හේතු සාධක
මෙම ලිපිය පුරා නැවත නැවතත් සඳහන් කරන පරිදි බ්ලොග් අවකාශය තුල නිර්ණාමිකත්යට එරෙහි වන්නේ තමන් දරන මතයට විරුද්ධ බ්ලොග් කරුන් ගේ නිර්ණාමිකත්වයට වීම විශේෂිතයි. බොහෝ විට තමන්ගේ මතවාදය සහ එකඟ වෙන බ්ලොග් කරුවන්ගේ නිර්ණාමිකත්වය ප්‍රශ්න කරන්නට මේ පොලු අමෝරා ගන්නා අය ඉදිරිපත් වෙන්නේ නැහැ. පසුගිය කාලය පුරා මෙම කාරණය නිසා සිංහල බ්ලොග් අවකාශය තුල සිටින නිර්ණාමික බ්ලොග් කරුවන්ට
නොයෙකුත් තර්ජන , අපහාසවලට මුහුණ දීමට සිදු වුනා. සමහරුන් මේ නිර්ණාමික බ්ලොග් කරුවන්ගේ අනන්‍යතාවයන් සෙවීමට මහත් වෙනසක් ගනු ලැබුවේ අප තැති ගැන්වීමට ද ලක් කරමින්. තවත් අය නිර්ණාමික බ්ලොග් කරුවන් ගේ අඩවි සින්ඩිකේටරයෙන් පන්නා දැමිය යුතු යැයි කියන මතවාද පවා ඉදිරිපත් කර තිබුනේ එක්තරා ආකාරයක අන්තර්ජාල චණ්ඩි පාට් රඟ දක්වමින්. නමුත් තමන් හා එකඟ නොවූ පලියට එසේ කිරීම කෙතරම් යුක්ති සහගත දැයි අපි ප්‍රශ්න කරමු.

අනන්‍යතා නිර්මාණය උදෙසා බ්ලොග් කරණය  ???????????????????????????????????
මේ  තර්ජන කරන සමහරුන්ට වැළඳී ඇති රෝගය  ලෙස අප දකින්නේ බ්ලොග් ලිවීම යන් අනන්‍යතා නිර්මාණය කර ගැනීමේ මාර්ගයක් ලෙස ඔවුන් උපකල්පනය කිරීමයි. අනන්‍යතා අහිමු වූ නූතන ලාංකිකයා හට “අහවල් බ්ලොග් එක ලියන්නෙ මම”  යනුවෙන් තෘප්තිමත්වීමට ඇති අවස්ථාව මේ බ්ලොග් කරුවන් නිසා අහිමි වන බව නොරසහකි. මන්ද නිර්ණාමිකයන් බ්ලොග් ලියන්නනේ අනන්‍යතා නිර්මාණය උදෙසා නොවන බව අප හොදාකාරව තේරුම් ගෙන සිටිනා බැවිනි. එම නිසා නිර්ණාමික බ්ලොග් කරනයට එරෙහිව කූණු හරුපයෙන් බැනීමටත් , ඔවුන්ගේ අනන්‍යතාව සොයා ගැනීම සිතමින් සිටීමෙන් සමහරවිට සිය නින්ද අහිමි කරගැනීමත් කර නොගන්නා ලෙසට මේ අයට අකමැත්තෙන් වුවත් අවවාදයක් දීමට අපට සිදු වන්නේ එහෙයිනි.

මීලඟ ලිපියෙන් තවත් සාකච්චා කරමු.

විශේේ ස්තූතිය – තොරතුරු , මූලාශ්‍ර සැපයූ ආනන්ධ වර්ධන සොයුරාහට

 

තර්ජන , ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශය

පසුගිය කාලය පුරාම බ්ලොග් අවකාශය තුල දක්නට තිබූ දෙයක් වූයේ බ්ලොග් කරුවන්ට එරෙහිව එල්ල වන තර්ජන, අපහාස ආදියයි. මෙම තත්වයට මුහුණ දීමට සිදු වූ බ්ලඔග් කරුවන් කිහිප දෙනෙකුම අපට දැකගත හැකි විය. beyond frame, ටැබූ , ආනන්දවර්ධන, බුමුතුරුණු මින් කිහිප දෙනෙකි. මෙය මෙතනින් නතර නොවන අතර තවත් විවාද සම්පන්න බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුම මෙම ඉරනමට ඉදිරියේ දී මුහුණ දෙනවාට සැක නැත.

මාධ්‍ය වේදීන් මරා දමන විටත් , පීඩනයට පත් කෙරෙන විට හා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබන විටත් නිසි හඬක් නොනැගෙන කල්හි මෙම බ්ලොග් කරුවන් ගැන සංවේදී වීම එක අතකට අවශ්‍යය දෙයක් නොවේ. නමුත් එසේ සංවේදී නොවී සිටීම බ්ලොග් කරුවකු සතු යුතුකම් කෙසේ වූවත් සාමාන්‍ය පුරවැසියකු ලෙස යුතු නොවන්නේ යැයි අපි කල්පනා කරමු. ඉහත බ්ලොග් කරුවන් ගැන කියු විගසම බ්ලොග් අවකාශය පුරා ඔවුනට එරෙහිව කොටි හිතවාදී, ජාති ද්‍රෝහී, සදාචාර විරෝදී ආදී ලෙස ලේබල ගණනාවක් අලවන්නට ඕනෑ තරම් පිරිස් සිටින බව අපි දැක ඇත්තෙමු. එහෙත් අනෙකා ගේ මතය හා එකඟ නොවූ පමණින් තලා පෙලා , චණ්ඩි පාට් දැමීමෙන් සියලු ප්‍රශ්න විසඳෙන බවට කල්පනා කරන බ්ලොග් අවකාශයේ මර්වින් සිල්ව ලා හට මේවා තේරුම් කරන්නට යාමෙන් වැඩක් වේ දැයි අප දන්නනේ නැත. එහෙත් එකඟ වීම සියලු තැන්හිම සර්ව සාධාරණ ක්‍රමය විය යුතු යැයි ද, විරුද්ධ වාදීන් යනු විදේශ බලවේග විසින් මෙහෙයවන්නන් යැයි මහා භීතිකාවකින් පෙලෙන මේ ලාංකිකයන්ට, අනෙකා හා පොලු අමෝරා නොගෙන සංවාදයේ යෙදුනු නොහැකිදැයි අප ප්‍රශ්න කරමු.

බ්ලොග් අවකාශය තුල අප විසින් ලිවීම ආරම්භ කරන අවදියේ අප තුල තිබූ එක බලාපොරොත්තුවක් විය. එනම් අසංවේදී භාවයට පත් ලාංකික සමාජය තුල සමාජ සංවාද ගොඩ නැගේය යන බලාපොරොත්තුවයි. එලෙසම ප්‍රධාන ධාරාවට එරෙහි වන්නන්ගේ මතවාද සංවාදයට භාජනය වන වේදිකාවක් බවට බ්ලොග් අවකාශය පත් වනු දැකීමයි. එහෙත් අවාසනාවට මෙන් අප දකින්නේ තර්ජනය කිරීම් ය, බැණ වැදීම් ය , කුණු හරුපය. ඉහත කී බ්ලඔක් කරුව් ගේ මතවාද හා 100% එකඟ තාවයක් අපට නැත. නමුත් ඔවුන් එළි දක්වන මතවාද සමග ගැටෙන්නට අපි සැම විටම උත්සහ කලෙමු. ඒ ඔවුන්ගෙන අපට ගත හැකි යමක් තිබෙන නිසාත් , එම සංවාද හරහා මිනිසුන් වෙනුවෙන් ගොඩ නැගෙන්නා වූ සමාජ ව්‍යාපාරයක් බිහි වනු දැකීමේ ත් අපේක්ෂාවෙනි.

ලසන්ත ඝාතනය ගැන බ්ලොග් කරුවන් ලෙස අප හඬක් නැගිය යුතුව තිබුනේ යැයි සහෝදර බ්ලොග් කරුවකු අප හා පැවසීය. නමුදු එය ඉෂ්ඨ නොවීය. මන්ද යත් ලසන්ත දේශපාලනික වූ බැවිනි. මෙතරම් දේශපාලනී කරණය වූ රටකදී ලසන්ත දේශපාලනික චරිතයක් වීම නිසා මිනිසුන්ගේ ජිවත් වීමේ නිදහස ද , ප්‍රකාශන නිදහස ද , යටපත් වන්නේ යැයි බොහෝ අය උපකල්පලනය කල බැවින් සාමූහිකව එයට එරෙහි වීමක් කරන්නට තරම් පෙළඹවීමක් කරන්නට අපට නොහැකි විය. ලසන්ත මෙතැනට අතුරු කතාවක් ලෙස ඈදා ගත්තේ බ්ලොග් කරුවකු මෙවැනි ඉරණමකට මුහුණ දුනහොත් ඊට ප්‍රතිචාර කුමන විදියේ වනු ඇතිදැයි නිගමනය කරගන්නනට සාධක එම සිද්ධි වලින් උකහා ගත හැකි බැවිනි.

මේ ලියන්නේ බ්ලොග් කරුවන් සියලුම දෙනාගේ භාෂණයේ නිදහස වෙනුවෙන් හඬක් නැගීම වෙනුවෙනි. ලියන්නට තිබුනේ කලකට පෙර වුව ද පමාවී හෝ ලියා තබන්නේ අසංවේදී භාවය නිසා මුලු මුනින්ම සමාජය හිරි වැටෙන්නට පෙර ලියා තැබීම යුතුකමක් සේ හැඟුණු බැවිනි.

හෘද සාක්ෂියක් නොමැති විට :යුධ අපරාධකරුවකු පාර්ලිමේන්තුවට

කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට ගිය පුවත දැන් පිලුණු වී හමාරය. හෘද සාක්ෂියක් නොමැති කල් හී එය එසේ වීම පුදුමයක් නොවේ. එහෙත් මිය ගිය මිනිසුන් උදෙසා යුක්තිය ඉටුවිය යුතුව තිබේ . එය පැහැර හැරීමට ලක්වන්නේ ඇයි?

කරුණා අම්මාන් යනු කවරෙක්ද? විනයාග මූර්ති මුරලි දරන් හෙවත් කරුණු අම්මාන් මේ සමාජයට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ඔහුගේ ත්‍රස්ත වාදී ඉතිහාසයට අමතරව අලුතෙන් යමක් ලියවුනි නම් ඒ ඔහු ජාත්‍යන්තර ආගමන හා විගමන නීති නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කල බව සහ දැන් දරන පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය පමණි. කරුණා අම්මාන් කලකදී සිංහල ජන සමාජයේ සතුරකු වූ අතර අද කිසිවකු ඔහු ගැන තව දුරටත් වද වෙන්නේ නැත. ජාතික හෙළ උරුමයට හා ජවිපෙ ට අනුව දේශ මාමක සම්මානයකින් පවා පිදුම් ලබන්නට සුදුසුය. නමුත් කරුණා අම්මාන් යුධ අපරාධ කරුවෙකි. නැගෙනහිර පළාතේ සිංහල පොලිස් නිලධාරීන් 600 ක් අමු අමුවේ ඝාතනය කිරීම ඇතුලු යුධ අපරාධ ගණනාවකට වරද කරුවෙකි.

සටන් බිමේ මිය යන සොල්දාදුවන්ගේ ලේ මතින් සිය දේශපාලනික සටන් පාඨ මෙහෙයවන ජවිපෙ සහ හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් පිරි නමන විට ඊට එරෙහි වූවා ද? නැත.ජවිපෙ පවා වැලපුනේ සිය මන්ත්‍රී ධුරය පිළිබඳ මිස එම ධුරයට පත් කරන පුද්ගලයා ගැන නොවේ. සිය අවස්ථා වාදී දේශපාලනය ඉතා හොඳින් පෙන්නුම් කරන මේ පක්ෂ කිසිදු හිරි කිතයකින් තොරව පාවා දීම් සිදු කරයි. මිය ගිය මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු නොවන්නේ මන්ද? දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ යුධ අපරාධකරුවන් ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩු පැවරුණේ මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු පිණිසය. ඊශ්‍රායලය ඇඩොල්ෆ් අයික්මාන් පසු පස ලුහු බැඳ ගියේ ද එම නිසාවෙනි. නමුත් ශ්‍රී ලංකාවේ දී? ඩිලාන් පෙරේරා හට සිය මිතුරු නාලන්ද එල්ලාවල වෙනුවෙන් හෘද සාක්ෂියට ඉඩ දීමට හැකි වූවා ද? නැත .

හෘද සාක්ෂිය ලංකාව තුලදී අවලංගු කාසියක් බවට පත් වන්නේ එ අයුරිනි. 71 , 83 , 89 දී මිය ගියවුන් වෙනුවෙන් කොමිසම් ගොඩ නැගුනි. සූරිය වැව මීනි ඇට කටු ගොඩ ගත් චන්ද්‍රිකා රජය බලයට ආවෙ භීෂණ සමයේ දී සිය දූ පුතුන් අහිමි වූ මව් වරුන්ගේ කඳුලු මතිනි. නමුත් පසු කලක දී ඝාතකයන් එම රජයේම කොටස් කරුවන් ලෙස එක්වී තනතුරු දරන්නට ගත්තේ පාවා දීමේ සලකුණු සටහන් කරමිනි. දේශපාලන වේදිකා මත තම දිවු පිදූ සඟයන් ගැන කඳුලු සලමින් බලයට පැමිණි විමල් වීරවංශ වැනි දේශපාලකයන් හට කරුණා අම්මාන් තම බලය රැක ගැන්මට උපන් උපයෝගි කරගත හැකි එකෙකු පමණි. ඒ ජඩ දේශපාලනයට හෘද සාක්ෂියක් නොමැත. 71 දී ද ඉන් පසුවද ගැලූ ලේ තවමත් තැනින් තැන ගල් ගැසී තිබේ. ලංකාවේ දී හෘද සාක්ෂිය තැනී තිබිය යුත්තේ ලෙයින් මසින් නොවේ. මන්ද පාවා දීම පැවැත්මේ එකම ක්‍රමය බැවිනි.

මිය ගියවුන්ගේ විලාප ඒ ගැන වැලපෙන සමීපතයන් හට මිස සෙසු ජන සමාජයට දැනෙන්නේ නැත. තමන්ගේ නොවන කල් හී මිනිස් ජීවිත වෙනුවෙන් හෘද සාක්ෂිය අවදි කිරීමට වඩා ස්වකීය පුද්ගලික ගේම් ගැසීම සුව දායක වන නිසා ඒ ගැන වද වීමට අවශ්‍යය නැත.  නමුත් තවමත් ජවිපෙ ඉල්මහ විරුවන් සමරයි. සූපර් ස්ටාර්, කිඩ්ස් ස්ටාර්, ඩාන්සින් ස්ටාර් යුගයේ සූරියවැව, බටලන්ද ඇතුලු වධක බිම් ද නැගෙනහිර පළාත තුල ඝාතනය වූ ඒ පොලිස් නිලධාරීන්ද හුදු ඉතිහාසය පමණි. ඒවා දැනටමත් අමතක කර හමාරය. තුවාල වූ හදවත් වල වේදනාව හරහා සිය බලය තහවුරු කර ගැනීම හැර ලාංකේය දේශපාලනයට කාර්යක් නැත. කරුණා අම්මාන් යුක්තිය ඉදිරියට ගෙන එන්නැයි කීම දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස නම් කිරීමට ඉඩ ඇත. කලෙක මිනී මරුවන් අප ඉදිරියේ සිනා පෑව ද කම් නැත. මන්ද හෘද සාක්ෂිය පාවා දී ඇති යුගයක දී එය අතිශය ස්වාභාවික බැවිනි.

චින්තනයේ ස්භාවය

“ලංකාවේ සාක්ෂරතාව 98% පමණ වේ. එය දකුණු ආසියාවේ අංක එකද ආසියාවෙන් අංක දෙකද වෙයි. නමුත් එයින් මිනිසුන්ගේ සිතීමේ හැකියාව හෙලී නොවේ”

රෝහිත භාෂණ අබේවර්ධන, හිරු කණ්ඩායම

ඉහත භාෂණ ගේ ලිපියකින් උපුටා ගත් වැකිය නූතන ලාංකීය සමාජයේ මුග්ධ භාවය පිළිබදව අපූරු කියමනකි. චින්තනය විලංගු ලූ දේශයකදී සත්‍යයද , සාධාරණය ද වල පල්ලට යවා ඇත. ඉතිරි වන්නේ ලේ පැල්ලම් පමණි.