Archive for the ‘බ්ලොග්’ Category
බ්ලොග්කරුවකු අත්අඩංගුවට පත් වීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු අවශ්‍යයි!
බ්ලොග් අඩෙවියක පළ වූ කිසියම් ලිපියක් හෝ ප්‍රතිචාරයක් හේතුකොට ගෙන බ්ලොග්කරුවකු අත්අඩංගුවට පත් ව ඇති බවට නිශ්චිත නොවන පුවතක් පැතිර යමින් තිබෙනවා. එසේ වුවත් ඒ බ්ලොග්කරු කවුද, පළ ව තිබූ සටහන හෝ ප්‍රතිචාරය කුමක් ද, අදාළ අඩෙවිය කුමක් ද යන්න පිලිබඳ කිසිදු තොරතුරක් ප්‍රසිද්ධියට පත් ව නැහැ. මෙසේ අතිශය ගුප්ත ආකාරයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා දැන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. මේ ගුප්ත භාවය නිසා අන්තර්ජාලයට ලියන කියන අදහස් පල කරන සියලු දෙනාට ම හිස් කරදාසියක අත්සන් කෙරුනු වරෙන්තුවක් නිකුත් වී ඇති සෙයක් දිස් වෙනවා.
මෙසේ අත්අඩංගුවට පත් වීමට තරම් වූ බ්ලොග් සටහනේ/ප්‍රතිචාරයේ ස්වභාවය කෙබඳුද. එය ඇත්තේ කොහිද? මේ ගැන දැනට පල ව ඇති වාර්තා දෙක මේවායි Youth arrested over web comments on the President
Blogger arrested in Sri Lanka for “offensive” comments regarding President and Defense Secretary? අග මුල පාදාගත හැක්කේ මේ සිද්ධිය පිලිබඳවත් අදාල බ්ලොග්කරු/ප්‍රතිචාරකරු පිලිබඳවත් තොරතුරු එක් රැස් කර පල කිරීම මගින් පමනයි.
මේ සිද්ධිය ගැන ඔබ දන්නා කිසියම් තොරතුරක් වේ නම් එය warunakanishka@gmail.com යන ලිපිනයට ඊමේල් කරන්න. එසේ තොරතුරු ලබා දෙන ඔබේ පුද්ගලිකත්වය හා රහසිගතභාවය සියයට සියයක් සුරක්ශිත කෙරෙනු ඇති.
නිර්ණාමික බ්ලොග් කරණය , තර්ජන සහ බ්ලොග් අවකාශය
නිර්ණාමික බ්ලොග් කරණය සහ ප්‍රතිචාර පල කිරීම පිළිබඳව නොයෙකුත් මතවාද සිංහල බ්ලොග් අවකාශය තුල පසුගිය කාලය පුරාවටම දකින්නට ලැබුනි. අපට වැඩි වශයෙන් දකින්නට තිබුනේ නිර්ණාමික බ්ලොග් කරණය හා ප්‍රතිචාර පල කිරීම පිළිබඳවඊට එරෙහි මතවාදයන්ය. නිර්ණාමිකත්වය කශේරුකාව පිළිබද, ලියන්නාගේ කශේරුකාව පිළිබඳ ගැටලුවක් ලෙස සම්පිණ්ඩනය කෙරෙන අදහස් අපට ඕනෑ තරම් දකින්නට ලැබුනි. අපගේ මෙම ලිපියේ අරමුණ නිර්ණාමික ප්‍රතිචාර පිළිබඳව සාකච්චා කිරීම නොව
- නිර්ණාමික ලේඛන කලාව
- ආරූඪ නාම
- නිර්ණාමික බ්ලොග් කරණය
යන සංකල්ප පිළිබඳව සංවාදයක් මතු කිරීමය.
නිර්ණාමික හෝ ආරූඪ නාම ලේඛන කලාව
නිර්ණාමික ලේඛන කලාව හෙවත් ආරූඪ නම් වලින් ලේඛන කල්වෙහි යෙදීම ලොව පුරා පිළිගත් සම්ප්‍රදායකි. ලොව පිළිගත් ලේඛකයන්, පත්‍ර කලාවේදීන් ඇතුලු බොහෝ දෙන් නිර්ණාමිකව හෝ ආරූඪ නාම වලින් බ්ලොග් කරණයේ යෙදී ඇත. උදාහරණ ලෙස
- මාර්ක් ට්වේන්
- මක්සිම් ගෝර්කි
- ලුවිස් කැරොල්
- ස්ටීවන් කිංග්
- ජෝජ් එලියට්
- වී අයි ලෙනින්
ඇතුලු ඉතා දීර්ඝ ලැයිස්තුවක් අපට හමුවේ. මේ සියලු දෙනාම නොයෙකුත් හේතු මත ආරූඪ නාම වලින් ලේඛන කලාවේ නිරත වූහ. මීට අමතරව ලංකාව තුල නිර්ණාමිකව ලේඛන කලාවේ යෙදුනු ලේඛකයන් අපට ඕනෑ තරම් හමුවේ. මෙම ලේඛකයින් ගේ සැබෑ අනන්‍යතා බොහෝ කල් සඟවා පවත්තවා ගැණුනු අතර එමගින් ඔවුන්ට ඒ ඒ කාල සීමා තුල පැවති සමාජ, දේශපාලන සංස්ථාවෙන් එල්ල විය හැකි තර්ජන , පීඩා මග හරවා ගැනීමට කටයුතු යෙදිණි.
- හික්කඩුවේ සුමංගල හිමි
- ලසන්ත වික්‍රමතුංග
- ඒ ජේ ගුණරත්න
- කසුරි
- සුන්දර නිහතමානී ද මැල්
- වික්ටර් අයිවන්
- විමලසිරි ගම්ලත්
ලංකාවේ ආරූඪ හෝ නිර්ණාමික ලේඛන කලාවේ යෙදුනෝ වෙති. ඒ අතර විමලසිරි ගම්ලත් පසු කාලීනව විමල් වීරවංශ ලෙස ප්‍රසිද්ධියට පත් විය.
නිර්ණාමික බ්ලොග් කරණයේ යෙදෙන්නේ ඇයි????????
අද බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනෙකුට ඇති ගැටලුව නම් “ඇයි කෙලින් ලියන්න බැරි?”, “මොකද කොන්ද පණ නැද්ද?” ආදී දේ ය. නමුත් අප සියලු දෙනාම ලේඛන කලාවේ පිලිගත් සිද්ධාන්ත අනුව සලකා බලන විට අරුමයක් නොවන නිර්ණාමික හෙවත් ආරූඪ නම් වලින් බ්ලොග් කරණයේ යෙදීම ගැටලුවක් කර ගන්නේ ඇයිද යන්නට තේරුම් ගැනීම අසීරුයි. නමුත් ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය මතවාද හා ගැටෙන විට , විවේචනය කරන විට, රටක පවතින සමාජ දේශපාලනික ව්‍යූහයන් ප්‍රශ්න කරන විට ඊට එරෙහිව එල්ල වන ප්‍රතිචාර අතිශය දරුණුයි. සමහර විට මෙම නිසා බ්ලොග් කරුවන් සිරගත කිරීමට ලක්වුණු අවස්ථා පවා ලෝකයේ තිබෙනවා. මීට අමතරව බ්ලොක් කරුවන් හට නොයෙකුත් තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු වී තිබේ. සමහර විට ඔබ නොදන්නවා වුනත් ලංකාවේ සමහර බ්ලොග් කරුවන්ගේ අනන්‍යතා සඔයා ගෙන ඔවුන්ට මානසික පීඩා ගෙන දෙමින් , සමීපතමයින් හට තර්ජනය කල අවස්ථා පවා අප අත් දැක තිබේ. මේ සියල්ල සිදු වන්නේ මතවාදිමය වශයෙන් එකඟ නොවීම් දිරවා ගන්නට බැරි කම හේතුවෙන් බව ඉතා පැහැදිලිය.
නිර්ණාමික බ්ලොග් කරණයට එරෙහි වන හේතු සාධක
මෙම ලිපිය පුරා නැවත නැවතත් සඳහන් කරන පරිදි බ්ලොග් අවකාශය තුල නිර්ණාමිකත්යට එරෙහි වන්නේ තමන් දරන මතයට විරුද්ධ බ්ලොග් කරුන් ගේ නිර්ණාමිකත්වයට වීම විශේෂිතයි. බොහෝ විට තමන්ගේ මතවාදය සහ එකඟ වෙන බ්ලොග් කරුවන්ගේ නිර්ණාමිකත්වය ප්‍රශ්න කරන්නට මේ පොලු අමෝරා ගන්නා අය ඉදිරිපත් වෙන්නේ නැහැ. පසුගිය කාලය පුරා මෙම කාරණය නිසා සිංහල බ්ලොග් අවකාශය තුල සිටින නිර්ණාමික බ්ලොග් කරුවන්ට
නොයෙකුත් තර්ජන , අපහාසවලට මුහුණ දීමට සිදු වුනා. සමහරුන් මේ නිර්ණාමික බ්ලොග් කරුවන්ගේ අනන්‍යතාවයන් සෙවීමට මහත් වෙනසක් ගනු ලැබුවේ අප තැති ගැන්වීමට ද ලක් කරමින්. තවත් අය නිර්ණාමික බ්ලොග් කරුවන් ගේ අඩවි සින්ඩිකේටරයෙන් පන්නා දැමිය යුතු යැයි කියන මතවාද පවා ඉදිරිපත් කර තිබුනේ එක්තරා ආකාරයක අන්තර්ජාල චණ්ඩි පාට් රඟ දක්වමින්. නමුත් තමන් හා එකඟ නොවූ පලියට එසේ කිරීම කෙතරම් යුක්ති සහගත දැයි අපි ප්‍රශ්න කරමු.
අනන්‍යතා නිර්මාණය උදෙසා බ්ලොග් කරණය ???????????????????????????????????
මේ තර්ජන කරන සමහරුන්ට වැළඳී ඇති රෝගය ලෙස අප දකින්නේ බ්ලොග් ලිවීම යන් අනන්‍යතා නිර්මාණය කර ගැනීමේ මාර්ගයක් ලෙස ඔවුන් උපකල්පනය කිරීමයි. අනන්‍යතා අහිමු වූ නූතන ලාංකිකයා හට “අහවල් බ්ලොග් එක ලියන්නෙ මම” යනුවෙන් තෘප්තිමත්වීමට ඇති අවස්ථාව මේ බ්ලොග් කරුවන් නිසා අහිමි වන බව නොරසහකි. මන්ද නිර්ණාමිකයන් බ්ලොග් ලියන්නනේ අනන්‍යතා නිර්මාණය උදෙසා නොවන බව අප හොදාකාරව තේරුම් ගෙන සිටිනා බැවිනි. එම නිසා නිර්ණාමික බ්ලොග් කරනයට එරෙහිව කූණු හරුපයෙන් බැනීමටත් , ඔවුන්ගේ අනන්‍යතාව සොයා ගැනීම සිතමින් සිටීමෙන් සමහරවිට සිය නින්ද අහිමි කරගැනීමත් කර නොගන්නා ලෙසට මේ අයට අකමැත්තෙන් වුවත් අවවාදයක් දීමට අපට සිදු වන්නේ එහෙයිනි.
මීලඟ ලිපියෙන් තවත් සාකච්චා කරමු.
විශේේ ස්තූතිය – තොරතුරු , මූලාශ්‍ර සැපයූ ආනන්ධ වර්ධන සොයුරාහට
Comments (3)
Comments (8)