Archive for the ‘මානව අයිතිවාසිකම්’ Category
බ්ලොග්කරුවකු අත්අඩංගුවට පත් වීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු අවශ්‍යයි!
බ්ලොග් අඩෙවියක පළ වූ කිසියම් ලිපියක් හෝ ප්‍රතිචාරයක් හේතුකොට ගෙන බ්ලොග්කරුවකු අත්අඩංගුවට පත් ව ඇති බවට නිශ්චිත නොවන පුවතක් පැතිර යමින් තිබෙනවා. එසේ වුවත් ඒ බ්ලොග්කරු කවුද, පළ ව තිබූ සටහන හෝ ප්‍රතිචාරය කුමක් ද, අදාළ අඩෙවිය කුමක් ද යන්න පිලිබඳ කිසිදු තොරතුරක් ප්‍රසිද්ධියට පත් ව නැහැ. මෙසේ අතිශය ගුප්ත ආකාරයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා දැන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. මේ ගුප්ත භාවය නිසා අන්තර්ජාලයට ලියන කියන අදහස් පල කරන සියලු දෙනාට ම හිස් කරදාසියක අත්සන් කෙරුනු වරෙන්තුවක් නිකුත් වී ඇති සෙයක් දිස් වෙනවා.
මෙසේ අත්අඩංගුවට පත් වීමට තරම් වූ බ්ලොග් සටහනේ/ප්‍රතිචාරයේ ස්වභාවය කෙබඳුද. එය ඇත්තේ කොහිද? මේ ගැන දැනට පල ව ඇති වාර්තා දෙක මේවායි Youth arrested over web comments on the President
Blogger arrested in Sri Lanka for “offensive” comments regarding President and Defense Secretary? අග මුල පාදාගත හැක්කේ මේ සිද්ධිය පිලිබඳවත් අදාල බ්ලොග්කරු/ප්‍රතිචාරකරු පිලිබඳවත් තොරතුරු එක් රැස් කර පල කිරීම මගින් පමනයි.
මේ සිද්ධිය ගැන ඔබ දන්නා කිසියම් තොරතුරක් වේ නම් එය warunakanishka@gmail.com යන ලිපිනයට ඊමේල් කරන්න. එසේ තොරතුරු ලබා දෙන ඔබේ පුද්ගලිකත්වය හා රහසිගතභාවය සියයට සියයක් සුරක්ශිත කෙරෙනු ඇති.
Comments (4)