Archive for the ‘සමාජ’ Category
බ්ලොග්කරුවකු අත්අඩංගුවට පත් වීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු අවශ්‍යයි!
බ්ලොග් අඩෙවියක පළ වූ කිසියම් ලිපියක් හෝ ප්‍රතිචාරයක් හේතුකොට ගෙන බ්ලොග්කරුවකු අත්අඩංගුවට පත් ව ඇති බවට නිශ්චිත නොවන පුවතක් පැතිර යමින් තිබෙනවා. එසේ වුවත් ඒ බ්ලොග්කරු කවුද, පළ ව තිබූ සටහන හෝ ප්‍රතිචාරය කුමක් ද, අදාළ අඩෙවිය කුමක් ද යන්න පිලිබඳ කිසිදු තොරතුරක් ප්‍රසිද්ධියට පත් ව නැහැ. මෙසේ අතිශය ගුප්ත ආකාරයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා දැන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. මේ ගුප්ත භාවය නිසා අන්තර්ජාලයට ලියන කියන අදහස් පල කරන සියලු දෙනාට ම හිස් කරදාසියක අත්සන් කෙරුනු වරෙන්තුවක් නිකුත් වී ඇති සෙයක් දිස් වෙනවා.
මෙසේ අත්අඩංගුවට පත් වීමට තරම් වූ බ්ලොග් සටහනේ/ප්‍රතිචාරයේ ස්වභාවය කෙබඳුද. එය ඇත්තේ කොහිද? මේ ගැන දැනට පල ව ඇති වාර්තා දෙක මේවායි Youth arrested over web comments on the President
Blogger arrested in Sri Lanka for “offensive” comments regarding President and Defense Secretary? අග මුල පාදාගත හැක්කේ මේ සිද්ධිය පිලිබඳවත් අදාල බ්ලොග්කරු/ප්‍රතිචාරකරු පිලිබඳවත් තොරතුරු එක් රැස් කර පල කිරීම මගින් පමනයි.
මේ සිද්ධිය ගැන ඔබ දන්නා කිසියම් තොරතුරක් වේ නම් එය warunakanishka@gmail.com යන ලිපිනයට ඊමේල් කරන්න. එසේ තොරතුරු ලබා දෙන ඔබේ පුද්ගලිකත්වය හා රහසිගතභාවය සියයට සියයක් සුරක්ශිත කෙරෙනු ඇති.
හෘද සාක්ෂියේ ඛේදවාචකය හෙවත් ලාංකේය සමාජය
ලාංකේය හෘද සාක්ෂිය පිළිබදව අප අතින් මීට පෙර බ්ලොග් ලිපි වල බොහෝ විට ලියැවුණි. මේ ලිපිය ලියන්න ට හේ තු සාධක අප හට ඕනෑ තරම් විය. හිරි වැටුණු සමාජ සංවේදනයකට උරුම කම් කියන ලාංකේය සාඩම්බරත්වයට එරෙහිව නැගී සිටින්නේ කෙසේ දැයි අප දන්නේ නැත. එක්කෝ අප මේ හෘද සාක්ෂිය අහිමිව හිරි වැටී ගිය සමාජයට අතුල් පහරවල් එල්ල කල යුතුය. එසේත් නැති නම් හිරි වැටුණවුන් සේ බලා සිටිය යුතුය.
මේ ලියැවීමට පාදක කර ගන්නට වූ මුල්ම සිදු වීම අම්පාරේ සිද්ධියකි. එනම් ගම්මුන් එකතුව අපරාධකරුවකු මරා දැමූ පුවතය. අපරාධකරුවකු මරා දැමීම එතරම් දෙයක් නොවේ යැයි ද එය එසේ විය යුතු යැයි ද කියනවුන් වර්තමාන සමාජ භූමීකාව තුල අපිට බුරුතු පිටින් සොයා ගත හැකි වන නමුදු එම නිසා ඒ පිටි පස සැඟවුනු අනතුර ප්‍රශ්න නොකර සිටීමට අපට නොහැක. අපට පැන නැගෙන මූලික ප්‍රශ්නය මේ කැළෑ නීතිය විසින් අපේ සමාජය දක්කා ගෙන යනු ලබන්නේ කොතැනටකට ද යන්නයි. ශිෂ්ටත්වයෙන් අපවර්තනය වන ලාංකේය සමාජයේ දී හෘද සාක්ෂියක් ඇතිව ජීවත් වීමේ අසීරුව පවත්නා මොහොතේ දී වඩාත් තදින්ම අප හට දැනෙන් නේ එහෙයිනි. අද දවසේ පාතාලය මර්ධනය උදෙසා අනුගමනය කරන ක්‍රියා මාරගය අපි සැවොම දනිමු. මෙය සාමාන්‍ය සමාජයේ ආවේගයන්ට අනුව වඩාත් නිවැරදිම ක්‍රියා මාර්ගය ලෙස අර්ථ දැක්වෙනුනිසැකය. එහෙත් නීති පද්ධතියකින් සහ ශිෂ්ඨත්වය පිළිබද පුරසාරම් දොඩවන ලාංකේය සමාජයේ ඉරණම කොයිබට ද යන ප්‍රශ්නය ඒ සෑම පුවතක් පිටු පසම සැඟව පවතී.
රෝහිත භාෂණ වරෙක මෙසේ කීවේය. “යුගයේ මිනිස් හෘද සාක්ෂිය යනු ලේ වැකුණු පාපන්දුවකි, අපි කල යුත්තේ ඊට පෙරලා පහර දී හැකි තරම් ඉන් ඈත් වීමය”. යථාර්තය එය නම් එයට පිටු පෑමට සිතීම එක්තරා අනදමකට මෝඩ කමක් වන්නේය. නමුදු අප ජීවත් වන යුගය මතින් පිය මනින්නේ කොතැනටදැයි අපි නැවත නැවතත් ප්‍රශ්න කල යුතුය. නැවතත් මේ සංවාදයේ මුලින් මතුකල ප්‍රශ්නය දෙසට නැවත හැරී බලමු. එනම් ලාංකේය සමාජ සංවේදනය මේ තරමටම අසංවේදී ඇයිද යන්නය.
පවත්නා යුගය එහෙයි කියන්නන් හට වෙන්වුන යුගයකි. එසේ කරන්නට බැඳී නොසිටවුන් හට අනතුරු දායක යුගයකි. පවත්නා සමාජ ක්‍රමය අපට කියමින් සිටින්නේ කුමක් ද? තමන්ගේ වැඩක් බලාගෙන සිටින ලෙසයි. එනම් යුගයේ දේශ ප්‍රේමීයා ගේ භූමිකාව ප්‍රශ්න නොකර රඟපෑමයි .ඒ අනුව තමන් අවට පවතින සමාජය ප්‍රශ්න කිරීමට හෝ ඊට එරෙහිව නැගී සිටිම දේශ ද්‍රොහී භාවය ලෙස සැලකෙන යුගයකදීය. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ අපට බ්ලොග් අවකාශයෙන්ම සොයා ගත හැක. මේ සියලු නිර්ණය කිරීම් වලට අනුව කලකදී ජන සමාජයේ හතුරකු වූ කරුණා අම්මාන් දේශ ප්‍රේමීයකු වන්නේය.
ලාංකේය සම්ජය ඉතා වේගයෙන් සිය සමාජ වගකීම් අමතක කොට ස්වකීය තනි තනි ගේම් ගසන්නන්ගේ පාරාදීසයක් බවට පත් වීම අපි තැති ගැන්මෙන් යුතුව බලා සිටිමු. නීතිය විසින් විසඳිය යුතු ප්‍රශ්න වෙනුවට කැළෑ නීතිය රජ කරන්නට පටන් ගෙන ඇති යුගයේ ත්‍රාසජනක භාවය පිළිබදව අමුතු පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.
මේ ලිපිය හැදින්වීමක් පමණි. සංවාදය ඉදිරියට ගොඩ නගමු.
Comments (4)
Comments (4)