Archive for April, 2008|Monthly archive page

ආර්ථික

ලංකාව යනු අද දවසේ කෂණික දේවල් නිසා උද්දාමයට පත් වන රටකි. උද්ධමනය 28.4% කි. එවිට ආණ්ඩුව පවසන්නේ සංවර්ධනය සහ යුදධය යන දෙකම කරගෙන යන විට ඔහොම වෙනවා කියාය. තවත් සමහර නිලධාරීන් “ඔව් අපි සල්ලි අච්චු ගහනව තමයි, ඇයි මිනිස්සුන්ගෙ අතේ සල්ලි තියෙන කොට ඔයාලට ඉරිසියද ? ” ආදී ප්‍රශ්න නගති. එක්කෝ ආර්ථික විශේෂඥයයින් ආණ්ඩුවලට උපදෙස් දීමෙන් වැලකිය යුතුය. නැතිනම් ආණ්ඩුව එම උපදෙස් නොතකා සිටින්නට තරම් මෝඩ වුවත් ඒ ගැන කයිවාරු නොකියා සිටිය යුතුය.

මේ ශ්‍රී ලංකාවයි

අවිනිශ්චිත

අවිනිශ්චිත භාවයෙන් යුතුව සැරසරමින් සිටින්නඑමි. විටක සියලු දේ අතහැර දමමින් ද පලා යාමට මං සොයමින්ද ළතැවෙමි. ආත්මය හමුවේ අභිමුඛ වන්නේ මා නොව වෙනත් අයෙකි. මම සොයමින් සිටින්නෙමි. මා තුල සිටින්නේ කවුද? ජීවිතය තුල එක්කෝ මම සොයන්නට යන්නේ අනවශ්‍යය දෙයක් විය යුතුව. එහෙත් කම්පනයෙන්ද , කලකිරීමෙන් ද යුතුව සොයන්නෙමි.

ඇයි?

මොකද්දෝ අවිනිශ්චිත භාවයක් මගෙ හිතේ සමහර වෙලාවට හොල්මන් කරනවා. මේ දවස් වල ඒක වැඩියි. වෙනදට මිත්‍රත්වයෙන් දිගු වන දෑත් බොහොම උණුසුම් හැඟීමෙන් යුතුව වැළඳ ගන්න මම දැන් උදාසීන බවින් පස්සට යනවා. ජීවිතයේ අරමුණු රහිත භාවය විසින් අසරණ කරනු ලැබු මම ඔහේ බලාගෙන ඉන්නවා. ඒ ඇයි?

9.42

වෙලාව 9.42.  සෙම අමාරුව නිසා රෑ නිදි මරන එක හරි අමාරු වැඩක්. කමක් නෑ දන්නෙම නැතුව කාලය ගෙවිලා යයි නෙ. හවස ටිකක් කලින් යන්න කියලයි කල්පනාව. තවම කල්පනා කරමින් ලියනවා. බලමු මොකද වෙන්නෙ කියලා.

බොරු

අපි වෙනස් වන්නට ආරාධනා කරමින් සිටින්නෙමු. පොඩි එකාට බොරු කියා පාසලට ඇතුලත් කරන්න දත කන , ඉන් පසු සමාජය තුල ආත්මාර්ථකාමී ලෙස හැසිරීමට උගන්වා සාමූහිකත්වයෙන් මිනිස් සමාජය වෙන් කර තැබීමට වෙහෙසෙන ඔබේ තක්කඩි කම් වලට තිත තැබීමට අපි ආරාධනා කරන්නේ වෙනස් වීම පිළිබඳව අපි සිහින දකින බැවිනි.
එන්න වෙනස් වන්න.
වෙනස් කරන්න.

වෙනස් කරන්න

ලංකාව තුල ෆැන්ටසි ඇතැයි කලින් කීවේවි. නගරයේ ඉන්න බොහෝ අය කියන ඊනියා ෆැන්ටසි සිංහල බෞද්ධ ගමක් ඇත. ඊ  ගම තුල බඩු කාරයන්ද , ඕප දුප සොයන්න්නද , දෙකක් දාගෙන හැන්දෑවට වැනි වැනි එන බේබද්දන් ද නැත. ඔය ඇත්තේ අපේ සිහින වල මවාගත් දේය. නමුත් පාරට බහින අපිට හමුවන්නේ මුලින් කී බඩු කාරයන්ද , ඕප දුප සොයන්න්නද , දෙකක් දාගෙන හැන්දෑවට වැනි වැනි එන බේබද්දන් වය.
ෆැන්ටසි යතාර්ත බවට පත් කිරීමට ඔබ කැපවිය යුතුය. එය ඉබේ සිදුවන තෙක් බලාසිටින ඔබගේ ඇඩ්රස් නැතිවී ගිය දාට අනුන්ට බැන වැදී පලක් නැත.
වෙනස් විය යුතු යැයි සිතනවානම් වෙනස් කරන්න.

අනේ අපේ ආතල් එකට කෙල වුනා

ලංකාවේදි දේශපාලනය තුල තිබිය යුත්තේ අරමුණු , න්‍යාය හෝ ප්‍රතිපත්ති නොව බාහිර ආටෝපයයි. අනුන්ගේ ජීවිත දිහා අනවශ්‍යය තරමේ පුග්සාජනක කුතුහල භාවයකින් එබී බලන ලාංකිකයා දේශපාලන නායකයන් තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? එක්කෝ ආගමික නායකයෙක් සිතා පිදිය හැකි අයෙක්, කඩවසම් කෙනෙක්, ඉතිහාස විශේශඥයෙක් යන කවුරු හෝ කෙනෙකි. එවිට දේශපාලකයා සතුව තිබිය යුතු මූලික ගුණාංග වෙනුවට වෙන මොනවදෝ සොයාගෙන අවසානයෙ “අනේ අපේ ආතල් එකට කෙල වුනා” යැයි කියමින් ළතැවීමට සිදුවනු ඇත.
දේශපාලනය යනු පුද්ගල ප්‍රතිරූප වන්දනාව නොවන වග ඔබ තේරුම් ගන්නේ කවදාද?

අවාසනාවට ඇත්ත කතාවක්

වවාගෙන කන ලෙසට ජනතාවට බණ දේශනා කරන ඇමති වරු සිටිති. වවාගෙන කන්නට ඉඩක් ද විවේකයක් ද ඇත්තේ කොයින්දැයි අදාල ඇමති වරුන්ගේ ප්‍රකාශ වර්ණනා කරන මාධ්‍ය කරුවෝද ප්‍රශ්න නොකරති. නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති නොමැති කල්හි රට මෙහෙයවා ගත නොහැකිව සිටින කල්හි බයිලා ගසන ඇමතිවරුන් ඉදිරිපිට අපි කුමක් කල යුතුද?

සරල ආර්ථික න්‍යායන්ට අනුව නම් ශ්‍රම විභජනය කියා දෙයක් ඇත. මහල් නිවාසයේ ජීවත් වන දොස්තර වවමින් සිටිනවාට වඩා තමන්ගේ රාජකාරියට කැපවීම අගනේය. නමුත් මේ ශ්‍රී ලංකාවයි.

“අවාසනාවට ඇත්ත කතාවක්”

සූ අක්කාට පමණයි

නින්ද කපා තනි යහනේ හිටිය මට
නින්ද නොයා තනිකම හද පෙලුව විට
බෙහෙතක් සොයා තනිම මගෙ දුරු වන්ට
දුන් ඔවදනට තුති දැන් සූ අක්කා ට

අතීතයේ

මම මේ ලියමන දේවල්  දේවල් නිසා ඔබ අමනාප වීමට ඉඩ ඇත. නමුදු මට යුද්ධය නිසා ඉරිතලා ගිය ලාංකේය සමාජය පෙනේ. හෙම්බත් වුන මුහුනු වල අපේක්ෂා භංගත්වය නිතර දකින්නෙමි. පාලකයින් ද යුද්ධයට උඩ ගෙඩි දෙමින් කෑගසන උන්ගේ දු පුතුන් පිට රටවලද නොයෙකුත් තැන් වල වැජබෙද් දී උතුරේත් දකුණේ ත් එකිනෙකා හමුමේ ජීවිත අහිමි කරගන්නා තරුණ ජීවිත මා දකින මම සාපලත් ලාංකේය වැඩිහිටි පරම්පරාව විසින් කඩේ යාවනු ලැබුු අපේ පරම්පරාව ගැන දුක් වෙමි. මා උපන් දේශයේ වසර 2500 ඉතාිහාසයට පෙර 1989 දී එනම් වසර 20 කට පෙර අතීතයේ ම්ලේච්ඡ භාවය මහද පෙලයි. සත්‍යය කටු ඔටුන්නක් මෙන් රැගෙන යන්නාගේ රුධිරයෙන් වන්දි ඉල්ලන දේශයකදී මා වටා මුණ ගැහෙන මිනිස් ආත්ම මා කම්පනය කරමින් ඇත.