“ඔබ ආගම දහමට ලැදිද?”

ලංකාවේ ජාතික යැයි කියා ගන්නා පුවත්පතක ටැබ්ලොයිඩ් තීරුව දේස එබී බැලුවහොත් හැමදාම වගේ දකින්නට ඇති සුපුරුදු ලිපි තියෙනවා . ඒ අතර  ප්‍රධාන එකක් තමයි නලුවෙක් හෝ නිලියක සමග සම්මුඛ සාකච්ඡාව. ඔය සාකච්ඡාවෙ දි අහන අනිවාර්ය ප්‍රශ්නයක් තමයි මේ.

“ඔබ ආගම දහමට ලැදිද?”
හතරේ පහරක් ගැසීමට ජයසූරියට පිට ඉන්නට පිටින් පන්දුවක් වැටෙනව දැක්කම ඇතිවෙන ප්‍රීතියට සමාන ප්‍රීතියකින් යුතුව එයාලා මෙහෙම උත්තරක් ලබා දෙනවා.
“ඔව් , මම ගොඩක් ආගම දහමට ලැදියි. කොතරම් වැඩ තිබුනත් මම උදේ ට විනාඩි 45 ක් විතර භාවන කරනවා. පන්සල් යනවා. ”
ඔය උත්තතරේ ඇහුවම කියවන මිනිස්සුන්ට හිතෙනවා අනේ අපි කොච්චර පව් කාරයොද , මෙච්චර වැඩ රාජකාරී තියාගෙනත් අර මිනිස්සු ජීවත් වෙන අපූරුව කියල. ඊට ප්‍රශ්න කීපයකට පස්සෙ අදාල සාකච්ඡාව මෙහෙයවන්නා මෙහෙම අහනවා.

“කලා ලෝකය තුල ඔබට එරෙහිව කැපිලි කෙටිලි තියනවද?”
එතකොට එයාලා මෙහෙම කියනවා.
“ඔව් අනේ බලන්න, මට හිතා ගන්න බෑ මේ වගේ දේවල් කරන්නෙ ඇයි කියලා. හරිම කලකිරීමක් ඇති වෙනවා වෙලාවකට”
මෙන්න මේ වෙලාවට තමයි අපිට උතුර දකුණ මාරු වෙන්නෙ. මොකද අපි දන්න සාමාන්‍ය තර්ක ශාස්ත්‍රය අනුව ඉහත ප්‍රශ්න වල උත්තර අනුව එළඹෙන්න පුලුවන් නිගමන ඉතා සරලයි.

හැමෝම පන්සල් යන භාවනා කරන උදවිය නම් ——> සියලු දෙනා යහපත්  අය විය යුතුයි.
එනයින් ඉරිසියාව, කුහක කම ඇති උදවිය සිටිය නොහැක.

නමුත් දෙවනි ප්‍රශ්නයට අපිට ලැබෙන උත්තරය තර්ක ශාස්ත්‍රයට විරුද්ධයි. මේ අපේ රටේ කලාවේ ස්භාවයයි. ප්‍රශ්න අහන තැනැත්තා , පීඩනයට පත්ව දේශපාලනය ඉදිරියේ නන්නත්තාර වන ලාංකීය ජන සමාජය දෙපයින් නැගී සිටුවීමට කලාකරුවෙක් ලෙස ඔහු හෝ ඇයට කල හැක්කේ කුමක් දැයි අසන්නේ නැත. ඒ වෙනුවට සිල්ලර ප්‍රශ්න සහ උත්තර ටිකකින් සිය පිටුව පුරවා මුද්‍රණයට යවයි. එවිට එය ජාතික පුවත්පතක් ලෙස සති අන්තයේ හෝ සතිය මැදදී එළි දකියි. මට හිතෙන විදිහට මේවා එවිට විජාතික බවට පත් වේ. මොකද කලාව තුල කලාකරුවා සතු කාර්යභාරය ප්‍රශ්න නොකොට මෙවැනි දේවල් ඇසීම කරන්නේ විජාතිකයින්ම විය යුතු බැවිනි.

කලාකරුවා සතු සමාජ, දේශපාලන , සංස්කෘතික කාර්යභාරයක් ඇත. එම කාර්යයන් ඉටු කරනවාද නැද්ද යන්න ප්‍රශ්න කීරීම වෙනුවට “අලුත් ගේ හදන්නෙ කවද්ද?”, ” ඔයා ලව් කරනවද?” වගේ ප්‍රශ්න ඇසීම අර ජාතික පුවත්පත් වල සාකච්ඡා මෙහෙයවන්නා හටත් ඒවා කෑදර කමින් ගිල දමනා පාඨකයින් හටත් ආතල් එකක් විය හැක. ඒ වුනාට අපිට හිතෙන විදිහට ඔය වගේ අහිංසක ආතල් නිසා අන්තිමේදී කෙල වෙලා ගිය දවසට අනේ අපොයි කියා සිතීමටද ඉඩ ඇත. කියවන ඔබේ ආතල් කැඩෙන එක ගැන දුක සිතෙන නමුත් සමාජ ප්‍රගමනය උදෙසා ඔබේ ආතල් කැඩීමට ලියන අප හට සිදුවේ.  ඒක නිසා පොඩ්ඩක් හිතල බලන්න.

Advertisement

No comments yet

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: