කසුන් කල්හාර
නව පරපුරේ සංගීතඥයකු වන කසුන් කල්හාර ගෙන් කලින් සටහනේ අපි සඳහන් කරපු ආකාරයෙ ප්‍රශ්න කිහිපයක් අහලා තිබුනා පුවත් පතක් මගින්. මේ කසුන් ඒවාට ලබා දීල තිබුන උත්තර.
ප්‍රශ්නය – කසුන් හැම වෙලේම පෞද්ගලික තොරතුරු අඩුවෙන් කතා කරන්නෙ ඇයි?
කසුන්- මම කැමතියි. මම කරන දේ ගැන විතරක් මාධ්‍ය හරහා කතා කරන්න. මොකද මගේ පෞද්ගලික දේ ප්‍රේක්ෂකයාට අදාල නැහැ.
ප්‍රශ්නය – ඒත් රසිකයෝ තමන් ආදරය කරන අයගේ පෞද්ගලික දේවල් දැන ගැනීමට කැමතියි නේද?
කසුන් – රසිකයා ඉන්නෙ එතන නම් මට රසිකයා එපා.
මේ දෙවනි ප්‍රශ්නෙට දුන්නු උත්තරේ දැකපු, ජනතාවට ඕනෑම කුණු ගොඩක් ගිල්ලවන්න සැරසිලා ඉන්න මාධ්‍ය උදවිය එක පාරට තුෂ්නිම්භූත වන්නට ඉඩ තිබෙනවා. එහෙමත් නැතිනම් දෙවනි ප්‍රශ්නෙදි කසුන් උත්තර දෙන්න ඇත්තෙ “රසික” යන නම ඇති කසුන් ගෙ මිත්‍රයෙක් ගැන හිතේ තියාගෙන වෙන්න ඇති කියලා හිතාගෙන සැනසෙන්නත් පුලුවන්. ඒ කියන්නෙ “රසික ඉන්නෙ බොරැල්ලෙ නම් මට ඌ සත පහකට වටින්නෙ නෑ. මොකද මම මිනිහට ඉන්න කිව්වෙ මරදානෙ නිසා” ආකාරයේ අර්ථ කතනයක් ලබා දෙන්න ඉඩ තියෙනවා.
කසුන් මේ කියන්න හදන්නෙ මොකද්ඳ? කලාකරුවගෙ සමාජ කර්තව්‍යය සමාජයටත් , රස විඳින්නා හටත් නැවත මතක් කර දීම. ඒක බොහෝ දෙනෙකුට දිරවන්නෙ නැති කාරණාවක් වෙනන් පුලුවන්. පෞද්ගලික ගත් පැවතුම් වලින් වත් , තමන් හදන්න යන අලුත් නිවස ගැනවත් පම්පෝරි ගහන්න කසුන් යන්නෙ නැති නිසා කසුන් ට කලාව වෙනුවෙන් යමක් කරන්න වෙලාව ඉතුරුයි. ඒක නිසා කසුන් තමන්ට කලින් හිටපු පරම්පරාවටත් , නව පරපුරටත් අභියෝගයක් වන නිර්මාණ බිහි කරනවා. කලාකරුවා ඇතුලෙ ආගමික නායකයින් හොයන්න වෙහෙසෙන රසික්තවයට කසුන් බාධාවක් වෙන්නෙ ඔය නිසා තමයි.
කසුන් ඔබට අපේ ආචාරය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මේ උදාහරණෙම ඇති කසුන් ගේ සමාජ කියවීම ගැන හොඳ අදහසක් ගන්න. කොහොමත් මේ වගේ කලාකරුවන් අර පම්පෝරි ගායකයින්ට එල්ල කරන්නේ දරගන්න බැරි අතුල් පහරවල්. මම පුද්ගලිකව ඒ මානසිකත්වයට හරි ආසයි..!
කසුන් උඹට ජයෙන් ජය…!!