කොපුලේ වැහි බිඳුවක රස
මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා ///
ගීත රචකයාගේ විශිෂ්ඨ කුසලාතවය පෙන්වන්නේ එම අවසාන පද කිහිපයෙන් බව මගේ හැඟීමයි. හරසුන් අඳෝනා වැනි ගීත රචනා බහුල යුගයක රචකයා මතුකර ඇති කාරණාව අපි විමසා බලමු. කුමක්ද ඔහු මේ “කොපුලේ වැහි බිඳුවක රස බලන්න තිබුනා” යයි කියන්නෙ? කොපුල මත වැහි බිඳුවක රස බලනවා කියන්නේ කොපුල මතට සියුම් හාදුවක් දීම. මන්දාරම් අඳුර මැද වැටෙන වැස්ස ප්‍රේමයේ පුංචි දඟකාරම් වලට උපකාර කරනවා වගෙයි. එවැනි පොඩි දඟකාරකමක් කරන්නට පෙම්වතුන් කොපමණ සිහින මවනව ඇතිද? මෙම පෙම්වතාටත් වටපිටාව ඉගි බිඟි පානවා වගෙයි. ප්‍රේමය හා බැඳුනු ශෘංගාරය මෙම රචකයා කියාපාන්නෙ ශ්‍රාවක සිත් කුලප්පු කරමින් නොව තම තමන්ගේ ප්‍රේම සිහිවටනයන් වෙත ඔවුන් කැඳවා ගෙන යමින්. සවනත තුල වැකී හදවත තුල හිතන්නට යමක් ඉතිරි නොකරන ගීත රචනා අභියස මෙම ගීතය කොපමණ විශිෂ්ඨ ගීතයක් බවට පත් වනවාද යන්න ඔබට වැටහෙනවා. ප්‍රේමය යනු සදාකල්හිම මානව සමාජය තුල පැවතිය යුතු සොඳුරු සංකල්පයක්. අහිමි වූ පෙම්වතිය හා බැඳුනු අතීත සැමරුම් මෙම පෙම්වතා සිහිකරන්නේ වයිර සහගත සිතකින් නොවෙයි.මූලික වශයෙන් මෙම ගීතය තුල වදන් සීරුවට සකසා ගෙන ඇති ආකාරය ඉතා පැහැදිලිව පෙනෙනවා. රචකයා සතු ව්‍යංගයෙන් අදහස් ප්‍රකාශ කිරීම මෙම ගීතය රසවත් භාවය ඔප් නංවනවා. සාහිත්‍යමය ගුණය අපූරුවට රැකුණු මෙවන් ගීත රචනා අපේ සිත් සතන් ඉදිරියටත් පිනවනු නොඅනු මානයි.
Leave a Reply