චේ
“විප්ලවීය සටන ඇරඹීමට සියලු සුදුසු තත්වයන් ඇතිවන තෙක් බලා සිටීම අවශ්‍ය නොවේ. අරගලය ඉදිරියට යද්දී අරගලය විසින්ම තත්වයන් නිර්මාණය කරනු ඇත.”
“ෆිදෙල් ට කියාපල්ලා මට වුන මේ වැරදීම විප්ලවයේ අවසානය නොවෙයි කියලා. එය ලොවේ කොතැනින් හෝ යළිත් ඇතිවෙනවා ඇති කියලා. ”
අර්නෙස්ටෝ චේ ගුවේරා
ජීවත්ව සිටින්නවුන් මල ගිය එවුන් සේ ජීවත් වන යුගයක මියගිය අයෙක් ගේ අවතාරය නැගී සිටින්නාක් මෙන් “චේ” තවමත් ලොව පුරා හදවත් වලට ජීවය ලබා දෙමින් සිටී. රුපියල් දහයක් වත් තරම් නොවටිනා වෙඩි උණ්ඩ වලින් ඔහුගේ ශරීරය නිසල කලද , තමාට එරෙහිව නැගුනු අධිරාජ්‍යවාදී නූතන ධනවාදයේ හස්තයන්ට එරෙහිව “චේ” ජිවමානව නැගී සිටින්නාක් මෙන් අපට දැනේ. මන්ද යත් ඔහු ඉතිහාසය තුරා මානව දයාවේ සංකේතයක් ලෙස ස්ථාන ගත වන බැවිනි. දේශපාලකයන් වෙනුවෙන් ඇඳ ගැනීමට සූදානම් වන ලාංකීය සමාජයේ මිනිස්සුන් හට “චේ” අභිමුඛ වන විට මග හැර යාමට සිතෙන්නේ එබැවිනි.
පෞද්ගලික ගේම් ගැසීම ආශ්වාදජනක විය හැක. නමුත් එය අනාගතයේ දී මාරාන්තික විය හැක.
මියගිය මිනිසුන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කිරීම කෙසේ වෙතත් නුපන් පරම්පරාව වෙනුවෙන් කල යුතු යමක් ඇත. අප අතර සදා සැරින “චේ” එය පවසනවා ඔබට ඇසෙනවාද?
Leave a Reply