නොතෙමී තෙමි තෙමි සතුටින්
තනියම වත් යන්නට බැරි
කුඩේ යටින් ඔබේ ළඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා ///
වැස්සේ නොතෙමී යන්නට තනි කුඩයක් අවශ්‍යයි. නමුත් ආදරයෙන් බැඳුනු හදවත් දෙකකට මහ වැස්සේ තෙමුනත් ඔවුන් දෙදෙනා එකට එක්ව ගමන් කිරීම තරම් වටිනා දෙයක් නැහැ. එය මේ රචකයා ප්‍රකාශ කරන අපූර්ව ආකාරය සලකා බලන්න. ඔහු එය පවසන්නේ “නොතෙමී තෙමි තෙමි සතුටින්යන්නට තිබුනා” යැයි කීමෙන්. ප්‍රේමයේ සතුට ඇත්තේ භෞතික යාන වාහන, තත්වය , ගේ දොර වතුපිටි මත නොව හදවත් හි එකිනෙකා කෙරෙහි ඇති බැඳීම යන්න වග වග , වියැකුනු මිනිස් සබඳතා ඇති නූතන පාරිභෝගිකවාදී සමාජයට ගීත රචකයා පවසන බව අපට හැඟී යනවා. ප්‍රේමයේ වෙනුවට ගනුදෙනු ආදේශ වන අද දවසේ නැවත සිතා බලන්නට රචකයා අපව පොළඹනවා.
Leave a Reply