පිස්සුද මල්ලි
එක දවසක අපේ හිතවතකුගෙ ගෙදරකට ගොඩ වැදුනා. ගෙදර සාලයේ සංගීත භාණ්ඩ කිහිපයක් තියල තිබුනා . මම හිතුවා ගෙදර උදවියට සංගීත භාණ්ඩ වාදනයේ දක්ෂතාවයක් ඇති කියල. ඒක බොහොම සතුටට කාරණාවක් වන නිසා. මගේ මනසට එවෙලෙ ආපු ප්‍රශ්නය මම ඇහුවා.
” මේවා වාදනය කරන්න ඔයා දන්නවද?”
මගේ හිතවතා හිනා වෙලා මෙහෙම කිව්වා.
“පිස්සුද මල්ලි. මට ඔය එක්කවත් ගහන්න බෑ”
එහෙනම් මේවා තියාගෙන ඉන්නෙ මොකටද කියන ප්‍රශ්නය මගෙ හිතට මතු වුනත් මම කට වහගෙන හිටියා. ගෙදර සාලෙ මැද තේරුමක් නැතිව සංගීත භාණ්ඩ තියාගෙන ඉන්නෙ ඇයි? සංගීත භාණ්ඩ යනු ප්‍රදර්ශන භාණ්ඩ නොවෙයි. විකිණිමට වගේ තබා තිබුනා නම් එය පිලිගත හැකියි. නමුත් මෙහෙම වුනේ ඇයි? වටිනාකම් අහිමි වි ගිය , තමන් තුල යමක් නැතැයි සිතා පාරිභෝගික භාණ්ඩ හරහා සිය වටිනාකම් පෙන්වන ලාංකීක සමාජයේ ගැහැණු මිනිස්සුන්ගේ ඛේදවාචකය ඔය. කියවන අය හිතයි “ඇයි මම ආසයි සංගීතයට. ඒක නිසා මට වාදනය කරන්න බැරි වුනත් සංගීත භාණ්ඩයක් ගෙදර තියාගෙන ඉන්න එක නරකද?” කියල. එතකොට කියන්න වෙනෙ සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙ නෑ කියන එක . මොකද කුඹුරෙ වැඩ කරන්න හිරමණයක් අරගෙන යන සිරිතක් ලාංකේය සමාජයේ නොතිබුන නිසා. නමුත් අද දවසෙදි තම තමුන්ගේ වටිනාකම් පෙන්වීමට සහ හිස් බව මකා ගැනීමට ඔය වගේ සරල ආතල් වලින් සැනසෙන සමාජයක් බිහි වෙලා ඉවරයි.
කලාව රසවිඳීමත් එක්තරා ආකාරයක පංතිමය ස්ථර වලට බෙදා ගත්ත ලාංකික සමාජය ගැන පිට දුක හිතෙන්නෙ මේවා දකින කොට. ඒක නිසා බොහෝ තැන්වලදි බඩු භාණ්ඩ වලට තියෙන්නෙ එහි මූල්‍යමය වටිනාකමට වඩා වැඩි අගයක්. ඒක පංතිමය අගය විදහා දක්වන දෙයක් .
උදාහරණ : වාහන, ගෙවල්, ඉඩම්,
පමා නොවී මොනව හරි ටිකක් ගෙනත් ගෙදර සාලෙ මැද්දෙන් තියාගන්න. නැත්තම් ඔබේ අසල්වැසියා ඔබට වඩා ඉහළ යයි.
Leave a Reply