බලහත්කාරකමක්

ළඟදි දවසක කලින් ආකාරයේ රූපවාහිනී සාකච්ඡාවක දී රවින්ද්‍ර රන්දෙණිය මහත්මයා අපූරු අදහසක් ඉදිරිපත් කලා. ඔහුගෙන් ලංකාවෙ චිත්‍රපට වාරණය ගැන  දරන මතය ප්‍රශ්න කිරීමට ලක්වුනා. එහිදී ඔහු මෙහෙම කිව්වා.
“චිත්‍රපටයක් කියන්නනෙ බලහත්කාරකමක් නෙවෙයි. රූපවාහිනිය ගෙදර සාලය මැදට ඇවිත් අවසරයකින් තොරව හැම දේම පෙන්නනවට වඩා ඒක වෙනස්. අපිට කැමති නම් පමණක් ගිහින් මුදල් ගෙවලා බලන්න පුලුවන්. ලංකාවෙ මිනිස්සු මේ යතාර්තය තේරුම් ගන්නෙ නෑ. ”
මේක ඉතා නිවැරදි කතාවක් . ලංකාවෙ තීරණ ගන්නෙ බහුතර ප්‍රේක්ෂකයා නොවෙයි. නොයක් බහුබූත මත වාද වලින් සැදි වාරණ මණ්ඩල. වතාවක් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල “ඉර මැදියම” චිත්‍රපටිය අන්තර්ජාතික සිනමා උළෙලක් නියෝජනය කිරීම වැලැක්වූයේ එක පුදගලයකුගේ උවමනාව මත. සමහර විට මේ තීරණ තීන්දු ගන්නෙ අදාල සංස්කෘතික විෂය භාර ඇමතිවරයා හෝ ඔහුගේ ලේකම්. කලා නිර්මාණ කරන්නෙ පුදගලයින් කිහිප දෙනඑකඋගේ මතයට සරිලන ආකාරයට නොවෙයි. එහෙම බැලුවොත පවතින රජයක අත්තනෝමතික පාලනයට එරෙහි කලා නිර්මාණයක් හෝ සමාජ සංවිධාන වල මුල් බැසගත් කුහක භාවයන් විවේචනය කරන චිත්‍රපටියක් හදන්න ලංකාවෙදි කලාකරුවාට නිදහස  ලැබෙන්නෙ නැහැ. කලාව සහ නිර්මාණ රස විඳ විවේචනය කිරීම ජනතාව සතු කාර්ය භාරයක්. නමුත් ලංකාවෙදි මේක කරන්න බැහැ. චිත්‍රපටයක් හදපු ගමන් තමන්ගෙ හිතවතකුට කියල (සිවිල් සමාජජයේ සංකේත ගත චරිතයක්) විචාරයක් ලියා ගන්නවා “මේක අති විශිෂ්ඨ නිරමාණයක්” ආකාරයේ. තව රඟපෑ නලු නිළි කැල කියනවා “මේක මගේ සිනමා දිවියේ සංධිස්ථානයක්” වගේ කතන්දර. අන්තිමට මේවා අතරෙ හිරවෙන ප්‍රේක්ෂකයා හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා.
කලාව සහ නිර්මාණ වල සැබෑ අයිතිය, විවේචනය කිරීම , සංවාද ගොඩ නැගීම ජනතාව සතු කාර්යභාරයක්. මුලින් කිව්වා වගේ බලෙන් චිත්‍රපට පෙන්නන්නෙ නැති නිසා අවශ්‍ය පුද්ගලයට එය බලන්න දෙන්න.

Advertisement

No comments yet

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: