මැරතන් මුල්ම සටහන

———- නුදුරු බොදු ගොවි අවු. 39. උස “5 , 2 ” වන උගත් රූමත් දියණියට සහකරුවකු  මව සොයයි. සොහොයුරිය කැනඩාවේ පදිංචිව සිටියි.

මේක සති අන්ත පුවත් පතක පලවුනු මංගල දැන්වීමක. විවාහය යනු දෙදෙනකු අතර ඇතිවන උත්තරීතර බැඳීමක් විය යුතු නමුත් ඒ බැඳීමට ඉහත තරුණියගේ සොයුරිය වෙනත් රටක පදිංචි වී සිටීම බලපාන්නේ කෙසේද? අතිශය සංස්කෘතික යැයි අභිමානයෙන් පෙලෙන ශ්‍රී ලංකාවේ දී  මිනිස් සම්බන්ධතා අතිශය නීච ආකාරයට පහත හෙලන අයුරු දැන ගැනීමට අවශ්‍ය නම් ඉරිදා පුවත් පතක මංගල දැන්වීම් තීරය දෙස බලන්න. මෙම සොයුරිය වෙනත් රටක පදිංචි වී සිටීම නිසා ලංකාවේ ජීවන වියදම දැනට ඉහළ යන ආකාරයට මතු යම් දවසක තව දුරටත් ලංකාවේ වාසය කල නොහැකි වුවහොත් එම රටේ පදිංචියට යාමට අවස්ථාව ඇති බව ඇඟවීමට විය හැක. නැතහොත් මනාලිය සමග විදෙස් සංචාරයක නිරත වීමට වාසනාව උදාවන බව දැන්වීමට විය යුතුය.
මේ දේවල් කතා නොකර සිටීමට බොහෝ අය කැමතිය. එක්කෝ මේ ලංකාවෙ හැටි කියා හිත හදා ගනිති. නැතිනම් ආවට ගියාට මඟුල් තුලා කල නොහැකි බව කියමින් සැනසෙති. ලාංකේය සමාජයේ මනුස්සකම් ගැන කතන්දර මාධ්‍ය දිගේ අපේ ආචාර්ය මහාචාර්ය වරුන්ගේ ශ්‍රී මුඛ වලින් දෝර ගලන සමයේ මේවා ගැන සමාජ සංවාද ඇති වන්නේ නැත. සාහිත්‍යයය , ඉතිහාසය පාසල් වල හරිහැටි උගන්වන්නේ නැතැයි අපි පස් පඩංගුවේ අධ්‍යාපන බලධාරීන්ට බැණ වදිමු. ඊට පෙර  අපි මේවා දිහා හැරී බලමු. එක්කෝ වෙනස් කල යුතුය. නැතිනම් එකඟ නොවිය යුතුය.
තවත් ඕනෑ තරම් උදාහරණ සපයා දිය හැක. අවශ්‍යය වන්නේ මානව සබඳතා හරහා වැටී ඇති ම්ලේච්ඡත්වයේ ගති ස්භාවය තුරන් කිරීමට පෙල ගැසීමයි. අලුත් අවුරුද්දේ මගේ මුල්ම ප්‍රාර්ථනාව එයයි. මානව සම්බන්ධතා වල සැබෑ ගුණ සුවඳ දැනෙන සමාජයක්.

Advertisement

1 comment so far

  1. පුබුදු on

    ජය වේවා!!!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: