කසුන් – 2
මේ තියෙන්නෙ කසුන් දුන්න තවත් උත්තරයක් ඉහත සාකච්ඡාවෙදී ම.
ප්‍රශ්නය – කසුන් ආගමට තිබෙන නැඹුරුතාවය කොහොමද?
කසුන් – (සිනාසෙමින්) මම පන්සල් යන්නෙ නෑ. ගෙදර අය කිව්වොත් එයාලව ගෙනියනවා. වැඳලා අදහනවා අඩුයි. ඇත්තටම ඒ පැත්තටම නැඹුරුතාවයක් නැහැ.
මේ ටික කියෙව්වම අපේ අය පව්කාරයට ගල් ගැසීමේ චේතනාවෙන් කසුන් ට විරුද්ධව පෙල ගැසෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි කසුන් ගැන ආඩම්බර වෙනවා මෙන්න මෙතනදි. ඒ කසුන් ආගම අදහන එක නැති එක ගැන අපිට තියෙන අමාරුවක් නිසා නොවෙයි. මොකද කසුන් ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ආගමික නායකයෙක්ගෙ චරිතයක් නොවන නිසා.
අනුන්ගේ ජීවිත දිහාවට බොහොම පුගුස්සාජනක පිළිකුල් සහගත භාවයකින් යුතඋුව ඉබී බැලීමට නූතන මාධ්‍ය මුදලාලි ලා විසින් හුරු කරනු ලැබුු ලාංකේය ජන සමාජයට කසුන් කියන දේවල් අතුල් පහරක් එල්ල කලා හා සමානයි. මේ මාධ්‍ය මගඩිය නිසා අනෙකා විදින තමන් තුල නැතැයි සිතන යමක් වෙනුවෙන් වෙහෙසෙන්න අපේ සමාජය හුරු වෙලා ඉවරයි.
“බලන්නකො අර නලුව හදල තියෙන ගේ. අම්මෝ අපිට කොහෙන්ද ඕවා.”, ” බලපල්ලකො අරූට තියෙන ආතල්” වගේ කියමන් අපි අතින් ගිලිහෙන්නෙ ඔන්න ඔය වගේ විෂ බීජ සමාජ ගත වුනාම තමයි. ඒක නිසා ප්‍රශ්න කරන කොට සහ සොයනකොට තමන්ට අදාල දේවල් විාතරක් හොයන්න , අහන්න. අනිකා විදින දේවල් වල ආතල් හොයන්න ගිහින් ඔයාලගෙ චජීවීතේ ආතල් කඩා ගන්න එපා.
good post.ela
niyam post ela thawa lityana suba pathanwa