sexual harassment
පසුගිය දිනක රූපවාහිනී සාකච්ඡාවක දී ලංකාවේ නිළියකගෙන් නිවේදකයා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා.
“ලංකාවේ කාන්තාවට එරෙහිව ඇති sexual harassment එක ගැන ඔබ මොකද කියන්නෙ?”
මේ නිළියත් සමාජමය කරුණු කාරණා වලින් ප්‍රශ්නය විග්‍රහ කීරීම පැත්තක තබා ” ඔව් මෙයා , බලන්නකො . ඊයා ” ආාරයේ උත්තරයක් ලබා දුන්නා. අදාල නිළියගෙන් එවැනි උත්තරයක් ලැබෙන බව බලන ප්‍රේක්ෂකයා පවා හොදාකාරවම දන්නා නමුත් පොඩි කික් එකක් ගැනීමට අතරින් පතර ඔය වගේ රැඩිකල් ගනයේ යැයි සිතෙන ප්‍රශ්න දෙක තුනක් දමා ගැසීමට මේ මෙහෙයවන්නාගේ භූමිකාව කරන බක පණ්ඩිතයන් පැකිලෙන්නෙ නෑ.
ඔතනදි මතුවන අනිත් කාරණාව සංවාදය අතිශය ගැඹුරු සිංහල වදන් යොදා මෙහෙයවන ඉදිරිපත් කරන්නා හදිසියේම sexual harassment කියන වචනෙ මෙතනට ඇද ගැනීම. කොච්චර රැඩිකල් කියල පෙන්වන්න හැදුවත් මෙතනදි ඇත්ත එළියට එනවා. ලංකාවෙ මිනිස්සු වචන වලට හරි බයයි. ලිංගිකමය පීඩනය කියන වචනය යෙදුවොත් තමන්ගෙ කන්‍යාභාවයට හානි වෙයි කියල හිතන තරමෙ බයක්, ලැජ්ජාවක් ඇතිවෙන්නෙ ඇයි කියන එක තේරුම් ගැනීම හරි අමාරු කටයුත්තක්. මේ වචන ප්‍රසිද්ධියෙ කිව්වොතින් ගෑණු ළමයි ඇඹරිලා ගිහින් , පිරිමි අය කට කොනකින් හිනාවෙනවා.
ඇත්ත කාරණාව නම් මේවා අපි නිදහසේ කතා කල යුතුයි. ඔව් ලංකාවෙ ගැහැණියට විතරක් නෙවෙයි පිරිමියාට එරෙහිවත් ලිංගිකමය පීඩනයක් තියෙනවා. ආතල් අහිමි වුන ලාංකීය සමාජයේ විකෘතීන් එළියට එන්නෙ ඔය කියන ලිංගික පීඩනය හරහා. මේවා ගැන කතා නොකර ලැජ්ජාවඑන් ඇඹරිලා ඉන්න ගියොත් හැමදාම එක තැන තමයි. ඒක නිසා වචන ඉස්සරහ පැනල දුවන්න එපා. වෙනස් කල යුතු නම් ඔබ වෙනස් වී සිටින්න.
(ලියපු දේවල් වලට ලැජ්ජ හිතුන නම් අපිට කරන්න දෙයක් නෑ)
Leave a Reply