අනේ අපේ ආතල් එකට කෙල වුනා
ලංකාවේදි දේශපාලනය තුල තිබිය යුත්තේ අරමුණු , න්‍යාය හෝ ප්‍රතිපත්ති නොව බාහිර ආටෝපයයි. අනුන්ගේ ජීවිත දිහා අනවශ්‍යය තරමේ පුග්සාජනක කුතුහල භාවයකින් එබී බලන ලාංකිකයා දේශපාලන නායකයන් තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? එක්කෝ ආගමික නායකයෙක් සිතා පිදිය හැකි අයෙක්, කඩවසම් කෙනෙක්, ඉතිහාස විශේශඥයෙක් යන කවුරු හෝ කෙනෙකි. එවිට දේශපාලකයා සතුව තිබිය යුතු මූලික ගුණාංග වෙනුවට වෙන මොනවදෝ සොයාගෙන අවසානයෙ “අනේ අපේ ආතල් එකට කෙල වුනා” යැයි කියමින් ළතැවීමට සිදුවනු ඇත.
දේශපාලනය යනු පුද්ගල ප්‍රතිරූප වන්දනාව නොවන වග ඔබ තේරුම් ගන්නේ කවදාද?
Leave a Reply