චින්තනයේ ස්භාවය
“ලංකාවේ සාක්ෂරතාව 98% පමණ වේ. එය දකුණු ආසියාවේ අංක එකද ආසියාවෙන් අංක දෙකද වෙයි. නමුත් එයින් මිනිසුන්ගේ සිතීමේ හැකියාව හෙලී නොවේ”
රෝහිත භාෂණ අබේවර්ධන, හිරු කණ්ඩායම
ඉහත භාෂණ ගේ ලිපියකින් උපුටා ගත් වැකිය නූතන ලාංකීය සමාජයේ මුග්ධ භාවය පිළිබදව අපූරු කියමනකි. චින්තනය විලංගු ලූ දේශයකදී සත්‍යයද , සාධාරණය ද වල පල්ලට යවා ඇත. ඉතිරි වන්නේ ලේ පැල්ලම් පමණි.
“උපුටා ගත් වැකිය නූතන ලාංකීය සමාජයේ මුග්ධ භාවය පිළිබදව අපූරු කියමනකි. චින්තනය විලංගු ලූ දේශයකදී සත්‍යයද , සාධාරණය ද වල පල්ලට යවා ඇත. ඉතිරි වන්නේ ලේ පැල්ලම් පමණි.”
ඇත්ත.
එය එසේමය, ඉතිහාසය තුලින් පාඩම් ඉගෙන නොගන්නා ජාතියක අනාගතය යනු බියකරු වේදනාවන්ගෙන් පිරි එකක් වීම නොවැලැක්විය හැකිය. කළු ජුලියට වසර 25 ක් ගතවී ඇත එහෙත් තවමත් ඒ ගැන ප්‍රභල සමාජ විවේචනයක් ගොඩ නැඟී නැත. මෙවන් නිද්රාශීලී, යාන්ත්‍රික ජනසමාජයක් තුල සත්‍යය හා අවබෝධයට ඉඩක් නැත. නැවත වරක් යුද්ධයේ අඳුරු සෙවනැලි සමාජය පුරා වඩාත් පුළුත්ව හොල්මන් කරයි. එහෙත් ඊනියා අර්ථශුන්‍ය යුධ විරෝධයත්, අන්තවාදී යුධකාමයත් අතර සත්‍ය සොයාගැනීමට තවමත් කිසිවෙකුත් උත්සහ නොගනී.හරිහැටි වටහා නොගත් ගැටළුවකට පිළිතුරු සොයමින් සිටියි…
98% සාක්ෂරතාවයත් තිබියදීත් අපේ රටේ දියුණුව කොහොමද ?? මේ 98% ඉලක්කම කොහොමද ගත්තෙ. මම නම් හිතන්නේ මේ ඉතාම ඉහල සාක්ෂරතා අගයත් සත්‍ය ලෙසම ඇති අගයත් අතර වෙනසක් තියෙනව කියල. මේ අගය ගන්න තෝරගත්තු සාම්පල නියැදිය කොලොඹ නගරයෙ පුද්ගලයන් නම් බොහොම වෙලාවට 98% අගය හරි වෙන්න පුලුවන්. නමුත් දුර බැහැර ගම් පලාත් වල අය, ආදි වාසීන්, අලුතින් මුදාගත් නැගෙනහිර ප්‍රදෙශ්වල අය මේ නියැදියට අයත් ද ?? එහෙම පුළුල් පරාසයක පැතිරුණ නියැදියක් ඇත්තටම තෝරගෙන මේ 98% අගය ලැබුණ නම් ලන්කාවෙ මිනිස්සුන් ගෙ මොකක් හරි වරදක් තියෙනවා – සාක්ෂරතාවය 98% යි – නමුත් රට වල පල්ලෙ. අනේ මන්ද මට හිතුන හැටි මේ !
අනික අපි අන්ක 2 ලු නෙ, ඉතින් අන්ක 3 රටේ දියුණුවයි අපියි පොඩි සැසැදීමක් කලොත් හොදයි නේද .. අපි එයාලට වඩා ගොඩක් දියුණු ඇති නේද 🙂
“අනික අපි අන්ක 2 ලු නෙ, ඉතින් අන්ක 3 රටේ දියුණුවයි අපියි පොඩි සැසැදීමක් කලොත් හොදයි නේද .. අපි එයාලට වඩා ගොඩක් දියුණු ඇති නේද ”
සමාවන්න. ලංකාවට වඩා සාක්ෂරතාවයෙන් අඩු වුවද ආර්ථික, දේශපාලන සහ සමාජීය වශයෙන් දියුණු රටවල් ආසියාව තුල අපට ඕනැ තරම් හමුවේ. භාෂණ මේ කියමන තුල උපහාසාත්මක ලෙස දැක්වූයේ අන්තවාදයන් තුල සිය චින්තනය සීමා කර ගත් ජාතියක අනනය තාවයයි.