අබා: ජැක්සන් කුරුසියේ තබා ඇණ ගැසීම
ළඟදි “අබා” බලන්න ගියා. අබා යනු කිතු ලකුණ එබ්බවූ නිර්මාණයක් බවත්, එය සිංහල ඉතිහාසය විකෘති කරන බවටත් මතවාද ගොන්නක් පැතිරගෙන යම කාලයක් මේ. ඇත්තටම ඒක එහෙමද ? කලා නිර්මාණ ඇතුලෙ ඉතිහාසය තුල තමන් දරන මතවාදය නිරූපණය කිරීමේ අයිතිය කලා කාරයට තියෙනවා. කලා නිර්මාණයක් කියන්නෙ ඇත්ත නෙවෙයි. උදාහරණයක් විදිහට “යකුන්ගෙ රැහේ ලේ ධාතුව” ගැන තියෙන මතවාදය ගැන ජැක්සන් කියන්නෙ තමන් ඒ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරන්න සූදානම් බව.
ලංකාව ඇතුලෙදි කොහොමටත් කලා නිර්මාණ කරන එක හරි අමාරු වැඩක්. පන්සිල් පද නොදන්න අය අබා බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි කියල කෑ ගහන රටක් මේ. “අබා” ජාතිවාදී ආගම් වාදී කරන්න පුලුවන් ඒ වගේම උදවියට විතරයි. ලංකාවේ ඉන්න වයසින් වැඩිහිටි මනසින් ළමා පරම්පරාවට චිත්‍රපටි හදනවට වඩා ලේසියි පවතින කඩේ යන රැල්ලට එකතු වුනා නම්.
“අනතවාදය හිසින් දරාගත් දේශයකදී ලේ පැල්ලම් ඉතිහාසයේ සටහන් තබනු ඇත.”
එය ප්‍රත්‍යක්ෂ උදාහරණ වලින් පෙන්වා දීමට නූතන ශ්‍රී ලංකාවට හැකි වී ඇත.
ඒක ඇත්ත…බාල රසයක් දෙන ගැහැණියකගේ අඩනිරුවත..හා දේශපාලකයන්ට හුණු ගෑම් හා මෝඩ ඡොක්ස් අඩංගු නිර්මාණයක් විදියට අබා එළියට ආවා නම් මේ මත ගොඩ නැගෙන්නේ නැති වෙන්න ඉඩ තිබ්බා..කොහොම උනත් මට නම් අබා යනු මම මේ දක්වා බැලු හොදම සිංහල චිත්‍රපටයයි
අබා ගේ පියා චිත්‍රරාජය යන කථාව මම මීට කලිනුත් අහල තියෙනවා. ඒක පළමුවරට සමාජගත කලේ ජැක්සන් විසින් නොවෙයි. ඒත් මෙය ගැටළුවක් බවට පත්වෙලා තියෙන්නේ දැන් මේ මොහොතේ. මේ සියල්ලම-සියළු විරෝධයන්ම අන්තවාදී ඕනෑ එපාකම් වලට ලඝු වෙලා.
පෞද්ගලික අදහස කිව්වොත්, මම නම් අබා සම්බන්ධයෙන් ලොකු දුර්වලතා දකිනවා. ඒත් ඒ ඔය ඉතිහාසය විකෘති කලාය යන සීමාවේ ඉඳගෙන නොවෙයි.