ජීවිතේ සුන්දරයි
මේ දවස් වල විභාගෙ. ඒ මදිවට ඉස්සරහ ජීවිතේට කරන දේවල් හොයා ගන්නත් ඕන. බදාදා හවස විභාගෙ ඉවර වුන හැටියෙ “අබා” බලන්න ගියා. ලංකාවෙ මට්ටමේ දී ඒක හොඳ වැඩක්. කාලෙකට පස්සෙ චිත්රපටියකට සෙට් වීමේ ආතල් එකත් අරගෙන එළියට බැස්සා. මිනිස්සු පිරුණු වැල්ලවත්තෙ පදික වේදිකාව අස්සෙ මිනිස්සුන්ගෙ ජීවිත දිහා බල බල හිතේ කිසි දෙයක් නැතිව ඔහේ ඇවිදගෙන ගියා. ළඟම තිබ්බ තොසේ කඩේකට ගියා. කෑවා , ප්ලේන්ටි බිව්වා. අන්තිමේ දී බැංකුවෙ ඉතුරු වෙලා තියෙන සොච්චමෙන් ටිකකුත් එළියට ඇදල ගත්තා. රෑ හොස්ටල් කාමරේ පුංචි හමුවීමක්. සින්දු අහගෙන රසකතා මැද්දෙ විභාග අතර තුර විවේකයක්. මම බෝඩිට එන කොට අනිත් උන් ටක පාඩම් කරනවා. ගොඩ කාලෙකට පස්සෙ අනිත් අයට බදු දීලා තිබ්බ හිතේ කොටස් ටික ආපහු අරගෙන කරදරයක් නැතුව නිදා ගත්තා.
ඊට පහු වෙනිදා ගෙදර යන්න පිටත් වුනා. ඇතුලෙ කොටු වෙලා ඉන්නවට වඩා එළියෙ බැහල ඇවිදින කොට හම්බ වෙන මිනිස්සු විවිධයි. කොටුවෙදි කෙල්ලෙක් අඬනවා. තව දෙන්නෙක් ආදරේ කරනවා. අර සීතලේ කවුද අයිස් ක්රීම් කනවා. එක දවසක් පන්ති යන කාලේ එහෙම ගිහින් අපිත් කෑවා නේද කියල ලියන කොට මතක් වුනා. එක එක ජාතියේ මිනිස්සු. හිනාවෙන, හෙම්බත්වුනු, හැඟීම් විරහිත මූණු ආදී නොයෙකුත් ජාතියෙන්. මිනිස්සු දැක්කම ලොකු සහනයක් දැනුනා. ඒක පාරටම වෙන ලෝකෙකින් ගොඩ බැස්සා වගේ. කෝච්චියෙ බස් එකේ පුරුදු වට පිටාව, දුක මැද්දෙ නිවනට. ගෙදර ගිහිල්ලා යාපනෙන්ම ගෙනාවයි කියපු කොට්ට කිලංගු කෑවා. ඔක්කොටම වඩා ඉවරයක් නැති වැස්ස. සේරම ජාති අස්සෙ එක පාරටම ජීවිතේ ගැන ආයෙමත් අර ලෝබකම ඇති වුනා. දමල ගහල යන්න හිතෙන්නෙ නැති තරමට ජීවීතේ ගැන ලෝබයි. ජීවත් වෙන්න තියෙන කෑදර කමට වඩා ජීවිතේ විඳින්න තියෙන මොකද්දෝ ආස හිතෙන හැඟීමක්.ගොඩක් දේවල් මතක් ගලා ගෙන එන කොට එක පාරට “සුනිල් මාධව” මහත්තයගෙ ලිපියක නම මතක් වුනා.
“ජීවිතේ සුන්දරයි”
ඔව් . ඒක ඇත්ත…………………………………………………………………………………
කියලම වැඩක් නෑ.. අපි කොයි තරම් එදිනෙදා හමුවන විවිධ මිනිස්සු ගැන අදහස් මවාගන්නවද? එයාල දුකින්, සමහරු සතුටින්. සතුටු අය ගැන අපි සතුටු වෙවී දුක් වෙන අය ගැන කරන්න දෙයක් නොමැති වීම නිසා ලත වෙනව. අනිතිමේදි කවුරුත් තම තමාට උරුම වුණ ජීවිතයක් ගෙවනව නේද? ඒ අවබෝධය තුල ජීවිතේ දුකක් වුණත් සුන්දරව විඳින්න පුළුවන්. ඒ අතින් බැලුවම ජීවිතේ කවදත් සුන්දරයි.
beautifully written…
උපරිමයි.. ජීවිතේ තියෙන්නෙ පහුගිය දේවල් ගැන හිත හිත විඳවන්න නෙමෙයි.. මේ ජීවත් වෙන ටික කාලෙ පුලුවන් තරම් සතුටින් ජීවත් වුනොත් ජීවිතෙ ගොඩක් සුන්දර බව හැඟේවි..
වතුර ඔනෙද තේ ඔනෙද මුන කට හොදන් එන්න මෙන්න මගෙන් වතුර බාල්දියක්