ආගමික අන්තවාදයේ කරුමය

පසුගිය දවසක අපි විශාල කලබැගෑනියක් නිර්මාණය කල සිදුවීමක් සිදුවුණි. ඒ අනවසරයෙන් ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීමේ වරදරට හිමි නමක් අත් අඩංගුවට ගැනීමත්, ඉන්පසු අධිකරණයේ එම නඩුව කැඳවූ විට භික්ෂූන් වහන්සේ නැගී නොසිටීමත් යන කරුණු නිසා. විකාර සහගත රටක් වන ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ  මූලික විඳීමට බාධා කිරීම ආතල් එකක් කර ගැනීම නිසා මේ සිවිල් නීති කඩ කිරීම සාධාරණිකරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවුනා. අපි දන්නා තරමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ලංකාව ඉරානයේ හෝ වෙනත් අරාබි රටක් මෙන් ආගමික රාජ්‍යයක් නොවන බව හැමෝම දන්නා කරුණක්. ඒ අනුව රටේ සිවිල් නීතියට ගරු කිරීම ආගමික නායකයන් හට වුවත් අදාලය යන සරල කාරණාව මුලින්ම තේරුම් ගැනීමට මේ අන්තවාදී බුද්ධ පුත්‍රයන් හට නොහැකි වීම ගැන ඇත්තේ ලොකු කණගාටුවක්. මේ ස්වාමීන් වහන්සේට අනුව පාරේ වම් පැත්තෙන් ගමන් කිරීමට පූජක පක්ෂයට හැකිවිය යුතුයි. මොකද ඔවුන්ගේ අමන තර්ක අනුව රටේ මූලික නීතියට ඉක්මවා යන බලයක් ඔවුන් සතුව ඇතැයි උපකල්පනය කරන නිසා. දැන් මූලික සිද්ධිය දෙසට අවධානය යොමු කරමු.

කාලයකට ඉහත පන්සලක් නිවස අසල පිහිටා තිබීමේ අවාසනාවට මම ද මුහුණ දුන්නා. ආගම යනු මිනිසුන්ගේ මානසික සුවය සදන දෙයක් වුවද ඉරිදා උදේ පාන්දර ඇරඹෙන මේ පිරිත් දේශනාව ශබ්ද විකාශන යන්තූ මගින් ප්‍රදේශය පුරා රැව් දෙන විට , සතියේ දවස් හයක් පුරාවට මානසික , ශාරීරික විඩාවට පත්වුනු නූතන යුගයේ ලාංකිකයාගේ භූමිකාව නියෝජනය කරන අපිට ඉරිදා උදයේ අමතර පැයක් නිදා ගැනීමට තියෙන අවස්ථාව අහිමි වෙනවා. පිරිත් වාදනය අසන්නට අවශ්‍ය නම් ඒක අවශ්‍ය පුද්ගලයා අසනවා විනා බලෙන් මිනිසුන් මත පටවා අනෙකාගේ නිදහසට යම් ආකාරයකින් හෝ බාධා කරන මේනියාව මොකද්ද කියන එක තේරුම් ගන්නට හරි අමාරුයි. හරියට බස් වල යනකොට වාදනය වන කැසට්, රේඩියෝ මගින් රියදුරා අපේ නිදහසට බාධා කිරීම වගේ වැඩක්.

අන්තවාදී මුහුණවර ගත් ජාතික වාදී , ආගම් වාදී ව්‍යාපාර හරහා ශෝකාන්ත බවට පත්වූ ඇෆ්ගනිස්ථානය පිළිබඳව කතාව කියවල හමාර කලේ ඊයේ. මෙවැනි ව්‍යාපාර හරහා බැට කෑ රටවල් සඳහා උදාහරණ ඕනෑ තරම් තියෙනවා. මිනිසුන්ගේ  මූලික අයිතිවාසිකම් සහ වඩා යහපත් සමාජයක් උදෙසා වන සමාජ දේශපාලන ව්‍යාපාරයක සේයාවක් වත් දකින්නට නැති ශ්‍රී ලංකාවේදී ඒ වෙනුවට බිහි වන නොයෙක් උරුමයන් යුයි කියාගත් කරුම පක්ෂ වලට පින්සිදු වන්නට මෙවැනි මතවාද පවත්තවා ගෙන යාමට අවශ්‍යය පිටිවහල තවමත් ලැබෙනවා. ඒක නිසා කරුණාකර රටේ සිවිල් නීතියට ගරු කිරීම වඩා වැදගත් බව මේ උන්නාන්සේලා තේරුම් ගන්නට කාලය එළඹිලා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව පුරවැසියකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස දී ඇති නිසා කරුණාකර ආගම අප මත බලෙන් පටවන්නට එපා කියන කාරණාව මතක් කර දෙන්නට සිද්ධ වෙනවා.

හාමුදුරුවනේ,

ලංකාව කියන්නෙ පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා

Advertisement

8 comments so far

  1. ksasun on

    රාජ්‍ය සහ ආගම යන දෙක එකිනෙක පටලවා ගන්නට උත්සහ දරන රටක මෙවැනි විකාරරෑපි නාඩගම් අමුතු දෙයක් වෙන්න බැහැ. ලංකාව ගමන්ගන්නේ අඳුරට මිසක් ආලෝකය දෙසට නොවෙයි. අද අපි මේ අත්දකිමින් තිබෙන විගඩමක් බඳවු සමාජ ක්‍රමය අපේ ඉහත පරම්පරාවන් හරියාකාරව ගනුදෙනු බේරා නොගත්ත එකෙහි ප්‍රතිඵලයන්. ආන්තික විඥ්ඥාණවාදී මතයන් කොන්දේසි විරහිතව සමාජගත වීමට එරෙහිව හරිහමන් ප්‍රතිවිරෝධයක් ජනිත නොවීමේ ප්‍රතිඵලයන් තමයි මේ. තවදුරටත් මේ රටේ ආගම,ජාතිය පෞද්ගලික වූ දේ නොවෙයි. ටික දෙනෙකු එකතු වී දක්කන නරාවලකට ලංකාව කෙමින් කෙමින් ගමන් ගනිම්න් ඉන්නවා. මේ ඊනියා ආගම,ජාතිය නමින් එළියට එන අත්තොනෝමතික හඩවල් එක්අතකට කෙලවරක් නැති හීනමානයේ ප්‍රකාශනයක්.

  2. හරේෂ් on

    පව් අනේ අපි! මට ඔය ගැන සුපුරුදු අත්දකීම් නෑ. නමුත් ඔය ශබ්ද විකාශන කෙරුවාව කියන මගුල නම් මහ වදයක් තමයි. ඔයා කියනව වගේ ඇයි මේ මිනිස්සුන්ට බලෙන් අස්සවන්නේ. කසුන් කියනව වගේ ටික ටික අපි ආගමික අන්තවාදයේ නරා වල වෙත ගමන් කරනව නේද. දැන් ලංකාවෙ හොඳම යාළුවත් ඉරානයලුනේ. එහෙන් අරගන්න දේවල් තව ඉදිරියට තියෙයි හරි හරියට…

  3. mahasona on

    me blog entry ekata reply ekak liyala thiyanawa. dakkada?
    (kelinma nokiwwata mekata thamai reply karala thiyenne)
    mama nam utthara dunna ekata. gihin balana.
    http://manojcola.blogspot.com/2008/09/blog-post_27.html

  4. නිලන්ත on

    සද්ද දූෂණය, පන්සල්, පල්ලි මඟින් ම පමණක් නොව අල්ලපු ගෙදර මහ හඩින් දමන කැසට් යන්ත්‍රයෙනුත් වෙනවා නොවෙද?

  5. dasun sameera on

    ඔය කියන ස්වාමීන් වහන්සේ රටේ නිතියට විරුද්ධව ගිය අවස්තා දෙකක් තියනවා දැන ගත්ත ආකාරයට
    1. සබ්දවිකාෂ යන්ත්‍ර අවස නොලබා දැමීම.
    2. විනිසුරුට ආචාර නොකිරීම.

    1. වෙනි කාරණවේදී එවන් වරදක් කළා නම් අනිවාර්යෙන් ඒගැන කටයුතු කළ යුතුයි. එහෙදී ස්වාමීන් වහෙන්සේ නමක් හෝවේවා පියතුමෙක් වේවා එය එසේ වෙය යුතුයි.

    2 වෙනි කාරනාවෙදිනම් මට ඔබත් එකක් එකඟ විය ‍නොහැකියි.‍ මොකද ස්වාමීන් වහන්සේ නමක් රටේ රජුටවත් ගෟරව කළයුතු නෑ. විනිසුරුට වුවත් එච්චරයි. භික්ෂුවකට ඉහලින් සිටින්නේ ධර්මය හා බුදු රජාණන් වහන්සේ පමණයි. එය නීතියට විරුද්ධනම් නීතිය වෙනස් විය යුතුයි. එහිදී කළයුතුව ඇත්තේ පවතින නීතය වෙනස් කිරීම ‍මි පූජකයන්ට දොස් පැවරීම ‍නොවේ. වෙනත් පූජකයන්ට වුවද ඔව්න්ගේ ආගමික පිළිගැනීමට අනුකූලව ජීවත් වීමට නීතිය හරස්වේනම් ඒවාද වෙනස් විය යුතුයි.

  6. අදහස් අවකාශය on

    @ දසුන් – මම හිතනවා ලංකාවෙ තියෙන්නෙ ආගමික රාජ්‍යක් නොවන නිසා සිවිල් නීතියට සියලු දෙනාම ගරු කල යුතුයි. නැතිනම් මේක මහ අවුල් ජාලයක් වෙනවා.

  7. dasun sameera on

    ආගමික රාජ්‍යක්ද නැත්ද කියන එක මෙතන ගැටළුවක් නෙ‍වේ. වචනයක් මත හිරවෙන්නනේ මොකටද? මතක නැද්ද ලංකාවේ මුස්ලිම්(ඉස්ලාම්) නීතියකියලා එකකුත් තියනවා. එහෙනම් එවාත් ඉවත් විය යුතුයි නේද? කොහෙමත් භික්ෂුවකට නීතියක්දාන්න(විනය නීති) පුළුවන් බුදුකෙනෙකුට හා සංගායනාවකදී භික්ෂූන්ගේ සම්මුතියකින් පමණයි. ඔය කියන අවස්තාවේදී විනිසුරු ගේ උද්ධච් භාවය ගැනැත් සැලකිල්ලට ගන්න ඕනා. මම කියන්නේ මාද්‍යවලින් දැන ගත් තොරතුරු අනුව.

  8. […] ආගමික අන්තවාදයේ කරුමය […]


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: