අන්තවාදයේ කරුමය – 2
අන්තවාදයේ කරුමය නමින් මුලින් ලියන ලද ලිපියට සෘජු ප්‍රතිචාර නොදක්වා තැන් තැන් වල ලියා තිබූ බැවින් නැවත මුල් ලිපියේ අර්ථය පැහැදිලි කිරීමට ලියන්නෙමි. නමුත් මුලින්ම කීමට ඇත්තේ කශේරුකාව පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම කෝකටත් හොඳ බවය.
මුල් ලිපිය නැවත සැලකිල්ලෙන් කියවා බැලුවහොත් ලංකාව යනු ආගමික රාජ්‍යක නොවන බව අවධාරණය කර ඇත්තේ ආගම සමග ඇති තරහක් හෝ වෙනත් ආකාරයේ නෝක්කාඩුවක් නිසා නොව පුරවැසියන්ගේ මූලික නිදහසට බාධා කිරීමට ආගමට මුවා වීමට එරෙහි වීම උදෙසාය. අනෙත් වැදගත් කාරණය වන්නේ ආගම මිනිසුන් මත බලෙන් පැටවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කරනු පිණිසය.
ඛේදවාචයක් බවට පත්වූ ශ්‍රී ලාංකාවේ සිය මධ්‍ය පාන්තික කුහක භාවය ද , හිස් කමද වසා ගැනීමට නොයෙකුත් විකාර රූපී රංගන වල යෙදෙන ලාංකිකයන් මත පදනම් වූ කරුම පක්ෂ වලට පින්සිදු වන්නට සිවිල් නීති කඩ කිරීම සාධාරණි කරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවෙන රටක දී මේ ලියැවීම් විකාරයකි. ශබ්ද විකාශන යන්ත්‍ර පිළිබඳ මූලික නීති පැනවූයේ ලංකාව තුල මිනිසුන්ට අවම වශයෙන් රාත්‍රි කාලයටවත් සැනසිල්ලේ සිටින්නට හැකි වන ලෙසටය. නමුත් තමන්ගේ අසල් වැසියා සුවසේ නිදා ගැනීම නිසා තමන්ගේ ආතල් බිඳ ගන්නා අපේ අමනයන් හට මේ නිතී නිසා හිත රිදේ. ආගම යනු අධ්‍යාත්මික සුවය සලසා ගැනීමට අවශ්‍ය දෙයකි. ජීවිතයේ දුක් ගංගාවක් නම් එය තරණය කර අධ්‍යාත්මික සැනසීම කරා එළඹීමට ඇති පාරුවක් ලෙස ආගම සැලකිය හැක. නමුත් කරන්නට වැඩක් නැති කමින් පෙලෙන ලාංකිකයා හට අවශ්‍ය පාරුවේ නැගී යාම වෙනුවට පාරුව කරේ තබාගෙන යාමය. මෙය අද දවසේ ආගම් වලට පමණක් නොව නොයෙක් ආකාරයේ අන්තවාදයන් හට යොමු වුනු ලාංකිකයන් හට අදාලය. එම නිසා අනුන්ගේ ආතල් කැඩීමට ඔබට ඇති ආසාව නිසා කරුම පක්ෂ සහ නොයෙකුත් සංවිධාන ඔබ ලා සමග රමණයේ යෙදුනු පමණින් ඔබ සමග රමණයේ යෙදීමට අප බැඳී නැත.
එම නිසා පෙර ලිපියේ අවසානයේ ලියූ දෙය නැවත ලියමි.
ඔන්න වතුර
ඔහොම යං,ඔහොම යං