ස්ත්‍රී චර්ම ඡේදනය : වාරිස් ඩයිරි

වාරිස් ඩයිරි ගේ කාන්තාරයේ කුසුම කියවා අහවර කලේ අද සවස් යාමයේ දීය. ඒ පිරිමි භාවය පිළිබඳ උපන් ලජ්ජාවකින් සහ ලිංගික කුහක භාවයට එරෙහි වූ කෝපයෙන් දැවෙමිනි. වාරිස් ඩයිරි යනු කවුද? ඇය නිරූපිකාවකි. සෝමාලියා වේ ගොත්‍රයක ඉපිද ස්ත්‍රී භාවය නිසා උපන් දුක් පීඩා වලට මුහුණ දුන් වාරිස් අවසානයේ දී ලන්ඩනය ට පැමිණ නිරූපිකාවක ලෙස ජීවිතය ජය ගනී. නමුත් ඇගේ ජීවිතයේ අඳුරු පැතිකඩක් ඇය හෙලි කරන්නේ අප කම්පාවට පත් කරවමිනි. එනම් ස්ත්‍රී චර්ම ඡේදනයයි. ඒ පිළිබදව අසා තිබුනද , කියවා තිබුණද වාරිස් ගේ පොත ඇති කල කම්පනය ඒ ගැන ලියන්නට මෙහෙය වීය.

ස්ත්‍රී චර්ම ඡේදනය යනු කුමක්ද?

මෙය අරාබි කරයේ සහ අප්‍රිකානු රටවල අවුරුදු 4000 පමණ තරම් වන චාරිත්‍රයකි. එනම් දැරියන්ගේ ප්‍රජනේන්ද්‍රියේ බාහිර කොටස් කපා ඉවත් කිරීමයි. මේ කපා ඉවත් කරන කොටස ස්ත්‍රී ශරීරයේ අතිශය සංවේදි කොටසකි. මෙහි අරමුණ කාන්තාවන් හට ලිංගික සතුට ලැබීම වැලැක්වීමය. නමුත් අනාරක්ෂීතව ඉතා ප්‍රාථමික ලෙස සිදු කරන මෙම කටයුත්තෙන් බොහො දැරියන් ආසාදනයන්ට ගොදුරු වීම සහ අධික ලෙස ලේ වහනයෙන් මිය යති. මේ සඳහා උපයෝගි කරගන්නේ පිහි තල, බ්ලේඩ් තල, ගල් පතුරු වැනි දෑ ය. තවද සමහර අවස්ථාවන් හි මෙය දැරියන් විවාහයට පෙර වෙනත් මිනිසුන් හා එකතු වීම වැලැක්වීමට ප්‍රජනේන්ද්‍රිය මැහුම් දමා යම් ප්‍රමාණයක් වසා දැමීමට තරම් පිළිකුල් සහගත බව මේ පොත කියයි. එක්සත් ජාතීන් ගේ වාර්තා වලට අනුව ලොව පුරා වසරකට දැරියන් මිලියන දෙකකට ආසන්න පිරිසක් මේ කුරිරු ක්‍රියාවට ලක් වේ. මේ පොත තුල වාරිස් ඩයරි විස්තර කරන ආකාරයට ඉන් පසු මුත්‍රා කිරීම, ඔසප් වේදනා ඇයට දැරිය නොහැකි තරම් විය. ඇගේ වාසනාවකට ලන්ඩනයේ දී පසු කාලීනව ශල්‍යකර්මයකට භාජනය වී එම වේදනාවෙන් මිදෙන්නට ඇයට හැකියාව ලැබුණත් එම අවස්ථාව නොලද දහස් ගණන් දැරියන් මේ ලියන මොහොතේ පවා ජීවත් වෙති. වාරිස් විස්තර කරන ගෝත්‍ර සම්ප්‍රදාය තුල දැරියක් විවාහ වීමට නම් ඇය චර්ම ඡේදනයට ලක් වී තිබිය යුතුය.

මානව වර්ගයාට නිගරුවක් වන මෙවැනි චාරිත්‍ර ගොඩ නැගුනේ ඇයි? බොහෝ විට මේවා ආගමික හා සංස්කෘතික විශ්වාසයන් මත බැඳී ඇත. නමුත් පුරුෂාධිපත්‍ය උපරිමයට ගිය තිරිසන් සමාජ තුල සිය ලිංගික කුහකත්වය මුදුන් පමුණා ගෙන ඇත්තේ මෙවැනි ක්‍රියා සමාජ ගත කිරීමෙනි. කාන්තාවගේ ප්‍රජනේන්ද්‍රියේ කොටස් කපා ඉවත් කල යුතු නම් පුරුෂ ලීංගයේ කොටසක් කපා දමන්නට මේ සමාජයන් ඉදිරිපත් නොවන්නේ මන්ද? ගැහැණියට ලිංගික සතුට අහිමි ද ? දෙවියන්ගේ නාමය ට මුවාවී මේ වපුරන අන්තවාදයන්ගේ පලය කුමක්ද?

වාරිස් ගේ අත්දැකීම කොතරම් කටුක දැයි කිවහොත් ඔසප් දිනවල දී ඇය වේදනාව දරා ගත නොහැකිව කාන්තාරයේ වැල්ලේ වලක් සාරා ඉණ තෙක් එහි වැලලී සිටි බව මේ පොත විස්තර කරයි. ගැහැණියක් කායිකව සහ භාවාත්මකව දුබල කිරීමට එය සමත් වන බව වාරිස් කියන්නේ එම කම්පනය අපට දැනෙනන්ට සලස්වමිනි.

මේ වාරිස් ඩයිරි පමණක් මුහුණ දුන් අත් දැකීමක් පමණක් නොවේ . සංස්කෘතික කාරණා මත යැයි කියමින් වුවද සිය ලිංගික ජීවිතයේ තක්කඩි කම් වලට යෙදෙන්නට පිරිමින් විසින් නිර්මාණය කරගත් සමාජ රාමු සහ හර පද්ධති අපට ඕනැ තරම් හමුවේ. ඒවා මග හැර යාම නොව ඒවා අභිමුඛ වී එරෙහි වීම අපගේ කාර්යය විය යුත්තේය.

 

සටහන

නව කතාව

වාරිස් ඩයරි මුහුණ දුන් සත්‍ය අත් දැකීම් ඇසුරු කොට ගෙන ඇය හා කැත්ලීන් මිලර් එක්ව රචිත Desert Flower කතාව 1999 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර්ජාතික කීර්තියට පත් විය. “කාන්තාරයේ කුසුම” නමින් මෙම පොත රංජිත් කුරුප්පු මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇත.

Advertisement

20 comments so far

  1. සු on

    ස්ත්‍රිය පිරිමියාගේ දේපොලක් ලෙස භාණ්ඩයක් ලෙස සැලකීම…වගේ දේවල් ගැන කිවුවහම පුරුෂාධිපත්‍ය ගැන කියවනවා සමතැන් ඉල්ලනවා කියලා ගැහැණුන්ට හිනාවෙන පිරිමි මේ කතාවට සසල වෙනවා නම්.. ඉන් යම් වෙනසක් වේවි..වාරිස් දිරිය ගැහැණියක්..ඒත් ජීවිතයේ එක් පැත්තක් අඳුරේ..ඇයට දුන් ශාරීරික වදය නිසා.. කාන්තාව පුද්ගලයෙකු ලෙස නොසලකන සමාජවල ගැහැණුන්ගේ ඉරණම මේකයි. අඩු වැඩි වශයෙන් අපේ සමාජවලත් යම් යම් එවැනි දේවල් පවතිනවා… කියන්න ‍ඕන නැහැනෙ…සටහනට ස්තූතියි.. ඉරිදා වෙනකන් නොඉඳ ලිවීම ගැන සතුටුයි : )

  2. y2kclni on

    මේක නම් අහනකොටත් ඇඟහිරිවැටෙන අමනුෂ්‍ය වැඩක්. මම මීට කලින් මේ ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව අසා තිබුනත් එය කුමක්දැයි කියා දැනත්තෙ මේ ලිපියෙන්. තව දෙයක් මම අහලා තිබෙනවා ඉස්ලාම් ආගමිකයන් මේ ආකාරයෙන් කුඩා පිරිමි ළමුන්ගේ ලිංගේන්ද්‍රියෙ යම් කොටසක් කපා ඉවත් කරන බව.

  3. blogsanjeew on

    මමත් මේ පොත කියවල තියෙනව, පුරුෂාධිපත්‍ය

  4. Bernadine Dilshi on

    මොනව කියන්නද කියල හිතාගන්න බෑ. අහනකොටත් ඇඟ හිරිවැටෙන කතාවක්.

  5. malee_msg on

    මේ පොත මං ලගත් තියෙනවා…ඔය සම්බන්ධයෙන් මමත් මුලින්ම දැනගත්තේ පොත කියෙව්වට පස්සෙයි…හරිම කණගාටුයි ඒ සම්බන්ධයෙන් මොකද කොයි තරම් කුරිරු වැඩක්ද ‍ඒක..? පස්සේ අ‍ම්මේ ඔබයි රත්තරං කියන පොතෙනුත් කියෙව්වා මේ ගැනම..කොහොමත් අරාබි රටවල කන්තාවන් තවමත් දාසියන් වහලින් වගේ පිරිමින්ගේ උපකරණ වගෙයි ජීවත් වෙන්නේ දයාබර ඩාලියා කියන පොත කියවන්න…ඒකේ තියනවා කන්තාව මොනා හෝ වැරැද්දක් කලොත් මරාදැමීමේ අයිතිය තාත්තට/සහෝදරයට/සැමියට තියෙනවා කියලා ! ඇත්තටම කලකිරෙනවා සමාජය ගැන.

  6. on

    මේ අතින් බැලුවම ලංකාවේ පිරිමි කොච්චර හොඳයිද ඒත් වැඩේ තියෙන්නේ ලංකාවේ ගෑණුන්ට අපේ කිසි අගයක් නැහැ

  7. අපොයි දෙයියනේ!!! ඔය වචනේ අහලා තිබුනත් ක්‍රියාවලිය මොකක්ද කියලා දැනගෙන හිටියේ නෑ මේක කියවනකන්. ඇඟ හිරිවැටිලා ගියා කියවනකොට :-O ඇත්තටම “ම” කියනවා වගේ ලංකාව හොඳයි දස දහස් ගුණයකින්.

  8. අදහස් අවකාශය on

    @ ම – “සංස්කෘතික කාරණා මත යැයි කියමින් වුවද සිය ලිංගික ජීවිතයේ තක්කඩි කම් වලට යෙදෙන්නට පිරිමින් විසින් නිර්මාණය කරගත් සමාජ රාමු සහ හර පද්ධති අපට ඕනැ තරම් හමුවේ. ඒවා මග හැර යාම නොව ඒවා අභිමුඛ වී එරෙහි වීම අපගේ කාර්යය විය යුත්තේය.”

    ඒක නිසා සාපේක්ෂව ලංකාව හොදද නැද්ද කියන එක කියන්න අමාරුයි.

    @ y2kclni – පිරිමිළමයින්ගේ සුන්නත් කිරීම මෙවබැනි වධ බන්ධනයක් නොවෙයි. එමගින් පසු කාලීන වේදනාවක් වත් , ලිංගික තෘප්තිය ලැබීමටවත් බාධා වත් සිදු වන්නෙ නෑ

  9. මං කියවමු අරාබියේ දියණියෝ සහ කූඩු කිරිල්ලී කියන පොත් වලත් මේ ගැන කියලා තිබුණා. හිතට ඇතිවෙන්නෙ පුදුම තරහක්. මිනිස්සුන්ට මේ තරම් කුහක වෙන්න පුළුවන්ද?

  10. සිතුවිලි on

    ලංකාව හොදයි කියන එකට මං විරුද්ධයි
    ලංකාවේ ඉපදෙන්න පිං කලාට මෙහෙ ඉන්න පිරිමි එක්ක ජීවත් වෙන්න කරලා තියෙනවා මහ පව් ගොඩක් මේ ලංකාවේ ගැහැණු.
    ” සංස්කෘතික කාරණා මත යැයි කියමින් වුවද සිය ලිංගික ජීවිතයේ තක්කඩි කම් වලට යෙදෙන්නට පිරිමින් විසින් නිර්මාණය කරගත් සමාජ රාමු සහ හර පද්ධති අපට ඕනැ තරම් හමුවේ. ඒවා මග හැර යාම නොව ඒවා අභිමුඛ වී එරෙහි වීම අපගේ කාර්යය විය යුත්තේය.”
    මෙන්න මේ කාරනයෙදි ඒවා මග හරින එක හෝ අභිමුණ එරෙහි වීම කෙසේ වෙතත් කටින් බතල හිටවන මිනිසුන් (පිරිමින්) ඕනෑ තරම් ඇස් පනාපිට හමු වේ.

    සටහනට ස්තුතියි.

  11. Homo Erectus on

    මේ කියන මිලේච්ච ක්‍රියාව සිදු‍වන්නේ විවාහයට පෙර. ලංකාවේ ස්ත්‍රීන් මිලේච්චත්වයට ගොදුරු වන්නේ විවාහයෙන් පසුව. ලංකාවේ පිරිමි කොච්චර ‍’හොඳද’ කියල දැනගන්න පුළුවන් අවංකව කථා කරන බිරඳකගෙන් ඇසුවොත්.

    සටහන නිමයි.

  12. samanalee on

    ඔයා කිව්වා හරි අයියේ.. ඇඬුනා තමයි.. මේ සටහනට ගොඩක්‌ ස්‌තූතියි..

    කියන්න දෙයක්‌ නෑ.. හරිම නපුරු ලෝකෙක අපි ජීවත් වෙන්නෙ..
    තමන් විඳින දුක්‌ කරදර ගැන කියන්න, ඒවාට එරෙහිව සටන් කරන්න, බලයක්‌ නැති පිරිසක්‌ ගැන ඔයා මේ ලියලා තියෙන්නෙ.. ඒ අය වෙනුවෙන් වචනයක්‌ කියන්න ඉදිරිපත් වීමත් ලොකු දෙයක්‌. අනුන්ගෙ දුක දැනෙන මිනිස්සු තව බිහි වෙන තරමට අපිට හෙට දවස ගැනවත් බලාපොරොත්තුවක්‌ තියාගන්න හැකියාවක්‌ තියේවි.

    more info on FGM: http://www.forwarduk.org.uk/key-issues/fgm

  13. අදහස් අවකාශය on

    “Mama tied a blindfold over my eyes. The next thing I felt my flesh was being cut away. I heard the blade sawing back and forth through my skin. The pain between my legs was so intense I wished I would die”

    Waris Dirie, UNFPA Goodwill Ambassador and spokesperson on FGM.

    උපුටා ගැනීම – http://www.forwarduk.org.uk/key-issues/fgm

    ස්තූතිය – සමනලී නංගිට මේ තොරතුර ලබා දීමට

  14. apelogic on

    ලංකාවේ ඉන්න කාන්තාවාදීන් ව සෝමාලියාවට යැව්වනම් ඇත්ත මේ වගේ ඇත්ත ප්‍රශ්ණ වලට විස්ඳුම් හොයන්න උදච්චෙන්න, කොතරම් අගේ ද?

  15. කසුන් on

    සමාවෙන්න සටහන පළවෙලා කාලයක් ගතවෙලා තිබුනත් අද තමයි දකින්න ලැබුනේ.

    මීට කාලෙකට ඉස්සර තමයි ‘Desert Flower’ ගැන පුවත්පතක පලවූ විවේචනයක් කියවන්න ලැබුනේ. ඒත් මේ වනතෙක් පොත කියවන්න නම් ලැබුනේ නැහැ.
    ඇත්තටම තවමත් මෙවැනි සම්ප්‍රදායන්,චාරිත්‍රයන් මේ ආකාරයෙන් ආරක්ෂා වී තිබීම වේදනාවක්. මේ ලියන මොහෙතේත් කී දාහක් දෙනා මේ නරුම චාරිත්‍රයේ ගොදුරු වෙනවා ඇත්ද. යන සිතුවිල්ල තුල දැනෙන පිළිකුල වචනයෙන් විස්තර කල නොහැක්කක්.

    ලාංකීය සමාජය තුල ඇති ‘හොඳ’ හොඳින්ම බලාගන්න පුළුවන් විශ්වවිද්‍යාල, රැකියා ස්ථාන ආදියේ වගේම පිරිමින් සමූහයන් වශයෙන් කල්ලි ගැහෙන තැන්වල සිදුවන සමහරක්’ සංවාදයන්ගෙන්. ස්ත්‍රිය හුදු ලිංගික භාන්ඩයක් පමණක් ලෙසින් සිතන සමාජයක් තව එකකට වඩා හොඳ වෙන්නේ කොහොමද කියන එක ගැන මට නම් හිතා ගන්න බැහැ.
    කසාද බඳින විට ස්ත්‍රියගේ කන්‍යාභාවය පරීක්ෂා කරන කිසිවෙක් පිරිමියාගේපිරිසිදු කම ගැන ප්‍රශ්න නගන්නේ නැහැ. මේක තමා යථාර්ථය. මේ සකලවිධ පසුගාමී සම්ප්‍රදායන් කෙරෙහි එරෙහි වීම තමයි ශිෂ්ඨ සමාජයක වගකීම‍ වෙන්නේ.


    ‍සටහනට ස්තූතියි!

  16. සුභාෂ් on

    ස්ත්‍රී චර්මඡේදනය ගැන ලියවුනු සටහනට වඩා ඒ වෙනුවෙන් ලියැවුනු comments දැක්කහම ලංකාවේ ස්ත්‍රීන්ට අත්විඳින්නට සිදුවෙලා තියෙන්නේ ඊටත් වඩා ලොකු ප්‍රචන්ඩත්වයකට මුහුන දීමට බව ඇතැම් අය සිතන බව පේනවා. මේ වගේ දේවල් හිතන්නේ ඒ රටවල් වල සිදුවන මේ වගේ ක්‍රියාවල් වල කුරිරු කම හරියට අවබෝධ කර නොගත්තු අය කියලයි මට හිතෙන්නේ.. ඇත්තටම ලංකාවේ ගැහැනුන්ට මේ බලපෑම් වලින් සීයෙන් එකකටවත් මුහුන දෙන්න සිදුවන්නේ නැහැ. නමුත් ‘ගස් නැති රටට තුත්තිරිගහත් ගසක්’ කියන්නාවාගේ මේ රටේ ඉන්න න්‍යායික ස්ත්‍රීවාදීන් ලංකාවේ ස්ථානීයව සිදුවන ඇතැම් සිද්ධීන් ලොකුවට හුවාදක්වලා මේක බරපතල විදිහට කාන්තා අයිතීන් උල්ලංඝනය කරන තැනක් විදිහට ලෝකයාටත් කියනවා. නමුත් මෙහෙ කාන්තාවන් වෙනුවෙන් කොයිතරම් දේවල් කෙරෙනවාද? ඇයි ඒවා ගැන අවධානය යොමු නොකරන්නේ? ඒ රටවල්වල කාන්තාවන්ට කමන්ට සිදුවන අසාධාරනයන්ට සිතුවිල්ලකින්වත් විරුද්ධ වෙන්න බැරිබව දන්නවාද? හොඳම උදාහරනේ මේ වාරිස් ඩයිරී! එයාටත් කටඅරින්න පුලුවන් උනේ එංගලන්තෙට ගියාට පස්සෙයි…..!

  17. දර්ශන on

    අහන්නත් ටිකක් අමාරුයි. ඕව කරනවුන්‍ට ඕකම වුනු දවසකයි උන් පාඩමක් ඉගනගන්නෙ. ඒකත් නොබෝදිනක් යන්න කලින්ම වේවි.

  18. chaminda on

    ethakota oya mushlim sahoodarayo?

  19. slBlow on

    Not only female circumcision, male circumcision is painful and against the will of the person experiencing it. And we all know our muslim “brothers”, jews, and even Americans do that. If you don’t know please read the wikipedia article on “circumcision”. Americans began it on boys decades ago in order to prevent them masturbating. Even today most of the american boys are surgically circumcised almost on the second day of there birth “without” anesthetics. Doctors say that anesthetics cannot be used because boys are really too young and if tried it will damage their nervous system. You can see many videos on male circumcision on youtube. Those include surgical removal of foreskin and also ritual circumcision in turkey, Philippines and middle east.
    World health organization said in 2007 that male circumcision prevents the infection of many STD’s including HIV. But after all there are number of international organizations who are campaigning against male circumcision for years now.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: