හෘද සාක්ෂියක් නොමැති විට :යුධ අපරාධකරුවකු පාර්ලිමේන්තුවට
කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට ගිය පුවත දැන් පිලුණු වී හමාරය. හෘද සාක්ෂියක් නොමැති කල් හී එය එසේ වීම පුදුමයක් නොවේ. එහෙත් මිය ගිය මිනිසුන් උදෙසා යුක්තිය ඉටුවිය යුතුව තිබේ . එය පැහැර හැරීමට ලක්වන්නේ ඇයි?
කරුණා අම්මාන් යනු කවරෙක්ද? විනයාග මූර්ති මුරලි දරන් හෙවත් කරුණු අම්මාන් මේ සමාජයට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ඔහුගේ ත්‍රස්ත වාදී ඉතිහාසයට අමතරව අලුතෙන් යමක් ලියවුනි නම් ඒ ඔහු ජාත්‍යන්තර ආගමන හා විගමන නීති නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කල බව සහ දැන් දරන පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය පමණි. කරුණා අම්මාන් කලකදී සිංහල ජන සමාජයේ සතුරකු වූ අතර අද කිසිවකු ඔහු ගැන තව දුරටත් වද වෙන්නේ නැත. ජාතික හෙළ උරුමයට හා ජවිපෙ ට අනුව දේශ මාමක සම්මානයකින් පවා පිදුම් ලබන්නට සුදුසුය. නමුත් කරුණා අම්මාන් යුධ අපරාධ කරුවෙකි. නැගෙනහිර පළාතේ සිංහල පොලිස් නිලධාරීන් 600 ක් අමු අමුවේ ඝාතනය කිරීම ඇතුලු යුධ අපරාධ ගණනාවකට වරද කරුවෙකි.
සටන් බිමේ මිය යන සොල්දාදුවන්ගේ ලේ මතින් සිය දේශපාලනික සටන් පාඨ මෙහෙයවන ජවිපෙ සහ හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් පිරි නමන විට ඊට එරෙහි වූවා ද? නැත.ජවිපෙ පවා වැලපුනේ සිය මන්ත්‍රී ධුරය පිළිබඳ මිස එම ධුරයට පත් කරන පුද්ගලයා ගැන නොවේ. සිය අවස්ථා වාදී දේශපාලනය ඉතා හොඳින් පෙන්නුම් කරන මේ පක්ෂ කිසිදු හිරි කිතයකින් තොරව පාවා දීම් සිදු කරයි. මිය ගිය මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු නොවන්නේ මන්ද? දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ යුධ අපරාධකරුවන් ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩු පැවරුණේ මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු පිණිසය. ඊශ්‍රායලය ඇඩොල්ෆ් අයික්මාන් පසු පස ලුහු බැඳ ගියේ ද එම නිසාවෙනි. නමුත් ශ්‍රී ලංකාවේ දී? ඩිලාන් පෙරේරා හට සිය මිතුරු නාලන්ද එල්ලාවල වෙනුවෙන් හෘද සාක්ෂියට ඉඩ දීමට හැකි වූවා ද? නැත .
හෘද සාක්ෂිය ලංකාව තුලදී අවලංගු කාසියක් බවට පත් වන්නේ එ අයුරිනි. 71 , 83 , 89 දී මිය ගියවුන් වෙනුවෙන් කොමිසම් ගොඩ නැගුනි. සූරිය වැව මීනි ඇට කටු ගොඩ ගත් චන්ද්‍රිකා රජය බලයට ආවෙ භීෂණ සමයේ දී සිය දූ පුතුන් අහිමි වූ මව් වරුන්ගේ කඳුලු මතිනි. නමුත් පසු කලක දී ඝාතකයන් එම රජයේම කොටස් කරුවන් ලෙස එක්වී තනතුරු දරන්නට ගත්තේ පාවා දීමේ සලකුණු සටහන් කරමිනි. දේශපාලන වේදිකා මත තම දිවු පිදූ සඟයන් ගැන කඳුලු සලමින් බලයට පැමිණි විමල් වීරවංශ වැනි දේශපාලකයන් හට කරුණා අම්මාන් තම බලය රැක ගැන්මට උපන් උපයෝගි කරගත හැකි එකෙකු පමණි. ඒ ජඩ දේශපාලනයට හෘද සාක්ෂියක් නොමැත. 71 දී ද ඉන් පසුවද ගැලූ ලේ තවමත් තැනින් තැන ගල් ගැසී තිබේ. ලංකාවේ දී හෘද සාක්ෂිය තැනී තිබිය යුත්තේ ලෙයින් මසින් නොවේ. මන්ද පාවා දීම පැවැත්මේ එකම ක්‍රමය බැවිනි.
මිය ගියවුන්ගේ විලාප ඒ ගැන වැලපෙන සමීපතයන් හට මිස සෙසු ජන සමාජයට දැනෙන්නේ නැත. තමන්ගේ නොවන කල් හී මිනිස් ජීවිත වෙනුවෙන් හෘද සාක්ෂිය අවදි කිරීමට වඩා ස්වකීය පුද්ගලික ගේම් ගැසීම සුව දායක වන නිසා ඒ ගැන වද වීමට අවශ්‍යය නැත. නමුත් තවමත් ජවිපෙ ඉල්මහ විරුවන් සමරයි. සූපර් ස්ටාර්, කිඩ්ස් ස්ටාර්, ඩාන්සින් ස්ටාර් යුගයේ සූරියවැව, බටලන්ද ඇතුලු වධක බිම් ද නැගෙනහිර පළාත තුල ඝාතනය වූ ඒ පොලිස් නිලධාරීන්ද හුදු ඉතිහාසය පමණි. ඒවා දැනටමත් අමතක කර හමාරය. තුවාල වූ හදවත් වල වේදනාව හරහා සිය බලය තහවුරු කර ගැනීම හැර ලාංකේය දේශපාලනයට කාර්යක් නැත. කරුණා අම්මාන් යුක්තිය ඉදිරියට ගෙන එන්නැයි කීම දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස නම් කිරීමට ඉඩ ඇත. කලෙක මිනී මරුවන් අප ඉදිරියේ සිනා පෑව ද කම් නැත. මන්ද හෘද සාක්ෂිය පාවා දී ඇති යුගයක දී එය අතිශය ස්වාභාවික බැවිනි.
ජාතික හෙල උරුමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශමමකත්වය ගැන මමනම් හොදට දන්නවා.
ඒත් මට ඒ ගැන කථාකරන්න හිතෙන්නෑ,
ඔව්න්ගේ දේශමමත්වය ගැන මතක් කරනකොටත්
මට මම ගැනම දුක හිතෙනවා.
කොයි එකත් එකයි
කථාකරල වැඩක් නෑ!
කතාව නම් සියයට සීයක් ඇත්ත. නමුත් කරුණා අම්මාන් ඇතුළු පිරිස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එහෙමත් නැත්තම් කරුණා මේ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට ගෙන ඒම තුලින් ඉතා පැහැදිළි සාක්ෂියක් වනවා උතුරේ පවතින අර්බුදය වර්ගවාදී එකක් නොවන බවට. ඒක ජ්‍යාත්‍යන්තර වශයෙන් අපේ රටේ කීර්ති නාමයට ඉතා වැදගත් කාරණයක් බවව මගේ නම් අදහස.
@ මම මමවන්
එහෙමනම් ලංකාව ‘මානව හිමිකම්’ හොඳින් සුරකින රටක් කියල පෙන්වන්න මිනීමැරීමට වැරදිකරවන් වන්නවුන්ටත් ඔයවගේ අවස්ථාවන් දුන්නනම් හොඳා, පොලිසියේ රැකියාවක් වගේ
@ මම මචං – ඔබ හා එකඟ වෙන්නට බැහැ. මොකද ජර්මනියට එරෙහිව යුධ අපරාධ පිළිබදව විභාග කරන එක නැවතුනේ නෑ නෙ. මතකනෙ “කලු සැප්තැම්බර්” ඝාතකයන්ට ඊශ්‍රායලය කරපු දේ