ඉවත් කල ප්‍රතිචාර

ෂාන් විසින් ඉවත් කරන ලද ප්‍රතිචාර පහත දක්වමි.

1)
සරත් ගුණතුංග said…

පරිගණක තාක්ෂණයේ අභිවෘද්ධියටත් සිංහල භාෂාව පරිගණකයක් තුල හැසිරවීමෙහි ලා කෙරෙන නව කටයුතු වලට බාධා නොකරනු පිණිසත් මේ සංසදය තුල තුච්ඡ දේශපාලන මතවාද, නොකටයුතු බව මගේ හැඟීමයි. දැනට මෙහි පවතින්නේ ඉතා පිරිසිදු, ඉතාම සභ්‍ය වාතාවරනයකි. දේශපාලනය මෙයට රිංගා ගත හොත් මේ සංසදය බිඳ වැටෙනු නිසැකය. එසේනම් සත්තකින්ම මම නවතින්නෙමි. සාමාජිකයෙක් හැටියට දෙශපාලන සාකච්ඡා නොකල යුතුය යනු මගේ හැඟීමයි. මට තීරනයක් ගත නොහැක. එය සංසදයටම අයිතිය. මෙපමණ කල් අපි සාකච්ඡා කලේ ඉතිහාසගත සිදුවීම් ඉතිහාසය ලෙසට මිස දේශපාලනමය ලෙස නොවේ.
November 13, 2008 1:07 PM

2)ම said…

මෙය සංසදයට අදාල දෙයක් නොව මොහුගේ පුද්ගලික බ්ලොග් අඩවියයි එබැවින් ඔහුට කැමති දෙයක් ලිවිය හැක. කාටවත් මෙය කියවන්න යැයි බලකර නොමැත. කියවීම හෝ නොකියවීම ඔබ සතු තීරනයකි.
November 13, 2008 2:43 PM

3)
@ සරත් ගුණතුංග

මේ සංසදයේ මූලික අරමුණු කරුණා කර කියවා බලන්න. එහිදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දීම උදෙසා එය පිහිටුවා ඇති බව ඔබට දැන ගත හැක. ඔබ නොදන්නා වුවද දේශපාලනය ගැන ලියැවෙන මතවාදීමය කරුණු දැනටමත් බ්ලොග් අඩවි හරහා නිදහසේ ගලා යමින් පවතී. එම නිසා කරුණාකර අන් අයගේ නිදහසට බාධා කර ආතල් ගැනීමට සැරසීමෙන් වලකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. මීට පෙරද ක්‍රිස්තායිනි ආගම අරභයා ලිවෙන බ්ලොග් අඩවියක් ඉවත් කරන ලෙසටද ඔය ආකාරයේම ඉල්ලීමක් ඉදිරි පත් විය.

“සාමාජිකයෙක් හැටියට දෙශපාලන සාකච්ඡා නොකල යුතුය යනු මගේ හැඟීමයි”

මෙය ඔබේ මතය මිස සැමගේ මතය නොවේ. තවද ඕනෑම සාමාජිකයකු දරන මදවාද හා සම්මුඛ වීමට අවශ්‍ය වාතාවරණය බ්ලොග් අවකාශය තුල පවතී. පොලිස් ස්ථාන හීනෙන් පෙනෙන නිසා අසල් වැසියන් පොලිස් සි තුලට ගාල් කිරීමට ඉක්මන් නොවන ලෙස ඉල්ලා සිටිමි.

දේශපාලනයට බිය වීම වෙනමම කාරණාවක් වන අතර එය විසඳා ගැනීමට අනෙක් මත වාරණය කල යුතු යැයි හඬ නැගීම උචිත නොවේ

Advertisement

12 comments so far

  1. Sarath Gunatunga on

    කරුනාකර මම වරදවා තේරුම් නොගන්න. දේශපාලනයට මා බිය නැත. ඇත්තේ පිලිකුලකි.
    සංසදය තුල දේශපාලනය සාකච්ඡා කිරීමට හැකි නම් එය එසේම වේවා. නමුත් මම ඒ පිලිබඳව දුටුවේ මේ ආකාරයටය.

    1. සංසදය දේශපාලනමය කටයුතු සඳහා වෙන්වූවක් නොවන බව මාගේ හැඟීමයි. පරිගණක තාක්ෂණය හා සිංහල භාෂාව මුල්කොට ඇති අධ්‍යාපනික හා සංස්කෘතික වටිනාකම සංසඳයේ අරමුන බව මුල් පිටුවේම සඳහන් වී ඇත. සමාජයීය පරිසරයක ක්‍රියාත්මක වන ඕනෑම සමිතියක දෙශපාලනය තවරා නොගෙන බැරිය.
    මම එය පිලිගනිමි.
    දේශපාලන මතයක එල්බ ගෙන සිටින තැනැත්තා ඒ මතයේම එල්බ ගෙන සිටී. ඔහු වෙනස් කිරීම අපහසුය. වෙනස් කිරීමට යත්න දරන්නාද මෝඩයෙකි. ආගමද එසේමය. අන්තවාදී මුස්ලිම්වරු උදාහරනයක් වශයෙන් දැක්විය හැක. මේ නිසා මිනිස් සමාජය තුල, සතුටු, සාමීචි පිලිසඳර ආදී මානව සන්නිවේදනය සිදුවෙන අවස්ථාවලදී ආගම පිලිබඳවත්, දේශපාලනය පිලිබඳවත් සාකච්ඡා නොකරන ලෙස ලොව පිලිගත් උගතුන් සහ දර්ශනවාදීන් පෙන්වා දී ඇත. ඒ ලයිස්තුව ඉතා දිගය. අවශ්‍ය නම් මට වෙනම ලිපියක එවිය හැක.

    “දේශපාලනය ගැන සාකච්ඡා නොකල යුතුය” යන නිගමනය ඉහත කී කරුණ අනුව සඳහන් කලා මිස අත්තනෝමතික ගත් තීරනයක් නොවේ.
    මම දේශපාලනයට බිය නැත. පොලිසි හීනෙන් පෙනෙන්නේද නැත. හීන කොහොමවත්ම පෙනෙන්නේ නැත. මගේ මනස මට අවශ්‍ය අන්දමට මම පුහුනු කර ඇත. නමුත් මම දේශපාලනඥයන්ට නම් බියවෙමි. ඒ එක්තරා දේශපාලනඥයෙක් මගේ ඇට පොඩිකරන බවට කල තර්ජනයක් නිසා මා උපන් රට හැර එන්නට වූ නිසාය.
    ඔබ හැමට ඇවැසි දෙයක් කර ගැනීමට සම්පූර්ණ නිදහස ඇත. මට කල හැක්කේ මා කැමති නැත්නම් පිටවීම පමණකි.
    නමුත් වටින් පිටින් සිංහල නොඇසෙන පරිසරයක සිට සංසදයට සහභාගි වීමෙන් මා ලද ආස්වාදය අපමණය.

    බුදු සරණයි

  2. සරත් ගුණතුංග මහත්මයානෙනි, සිංහල බ්ලොග් අඩවි හා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය යනු එකක් නොව දෙකකි. සිංහල බ්ලොග් අඩවි පුද්ගලික වන අතර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය යනු සිංහල බ්ලොග්කරුවන් සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සැපයීම හා සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා පමණක් පිහිටුවන ලද්දක් පමණි. මේ දෙක එකක් ලෙස වටහා ගන්න එපා. සිංහල බ්ලොග් අඩවි පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලබන අතර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය පවත්වාගෙන යනු ලබන්නේ එහි සාමාජිකයන්ගේ එකමුතුවෙනි. බ්ලොග් අඩවිවල සටහන් කරනු ලබන දෑ සමඟ සමඟ සංසදය කිසිදු වගකීමක් නොදරයි.

  3. Sarath Gunatunga on

    සුදාරක මහත්මයා, කරුනු පැහැදිලි කලාට බොහොම ස්තුතියි. මට තේරුම් ගන්න බැරි, නියෝගයක් නොදීපු මට නියෝගයක් දුන්නාක් මෙන් ඇමතීමයි. ආතල් කියන්නෙ මොකද්ද කියල දැනගත්තෙ මේ ලඟදි ශාකුන්තල මහත්මයගෙන්. දන්න හැටියට “හාස්‍යජනක” දෙයක්. මට උත්තර ලියපු මහත්මයා, අනුන්ගෙ මතවලට ගරු කරන්න කියල මගේ මතය ගැන කතා කරනව. මේක මම සඳහන් කලාට මම කියපු එකක් නෙවෙයි, උගත් පඬිවරු, සමිතිවල ඇද කුද හැදෙනවට කියපු එකක්. මම එහෙම කිව්වෙ මතුවට ප්‍රශ්න හැදෙන එක වලක්වන්න. ඕන විදියකට තේරුම් ගත්තට මට කමක් නෑ. අතේ පොල් පරාල තියාගෙන අනෙක් මිනිස්සුන්ගෙ ඉරටු කූරු ගැන කතාකරන්න හොඳ නැහැ නේද? මේ දේශපාලනයක් හින්දා පේනව නේද මේක උනත් යන දුර?

  4. මට මහත්මයා කියලා කියන්න එපා. 🙂 මම ඔබට වඩා හුඟක් වයසින්, අත්දැකීම් වලින් බාලයි. 🙂

  5. Sarath Gunatunga on

    ඒ වුනාට මහත්මයා, අන් අයගේ මතයට ගරු කරන්න මම ඉගෙන ගත්තේ ඒ විදියට. වයසින් බාල වුනත්, ජීවිතයේ අත් දැකීම් අඩු වුනත් මේ වගේ තැන් වලදි මහත්මය කියල් කතා කරන්න ඕන.

  6. Sarath Gunatunga on

    මා වෙත යොමු කර ඇති සටහන සම්බන්දව…….

    “දේශපාලනමය හා ආගමික සාකච්ඡා ඒ හා සම්බන්ද වූ සමිති සමාගමක හැර අන් සමිති සමාගමක නොකල යුතුය” යන පඬි වදන මත මම අදහස ඉදිරිපත් කලා මිස ආතලයක් හෝ මාතලයක් බලාපොරොත්තුවෙන් එය නොකෙලෙමි. මට පිලිතුරු දුන් මහත්මයා කවුදැයි මම තවම නොදනිමි. මට එවූ පිලිතුරෙහි සාවද්‍ය භාවයක් හා උපහාසාත්මක භාවයක් ගැබ්ව ඇත. එය ඔබේ ක්‍රියාකාරී ස්වභාවය නම් මට කල හැකි දෙයක්ද නැත. මා පැමිණ ඇත්තේ වැරදි ස්ථානයකටදැයි මම මගෙන්ම ප්‍රශ්න කරමි. කෙසේ හෝ ඔබ කවුදැයි හඳුන්වා දීමට කැමති නම් references මා සූදානම් කර ඇත.

  7. කසුන් on

    බ්ලොග් අවකාශය යනු කිසිවෙකු හො යම් පිරිසක් විසින් පාලනය කරන්නක් හෝ පාලනය කල යුතු තැනැක් නොවේ. එහි විවිධ අදහස්, මතවාද පිළිබඳ බ්ලොග් සටහන් ලියැවෙනු ඇති අතර ඒවා තුලින් දේශපාලනය සම්බන්ධයෙන් කතා නොවිය යුතු යැයි කීම තාර්කික නොවන අදහසකි.

    එහෙයින් දේශපාලනය යනු බ්ලොග් අවකාශය වැනි තැනකදී කතා නොකල යුතු දෙයක්ය යන්න එකඟ විය නොහැක. සැබැවින්ම විය යුත්තේ එහි පරස්පරයයි. මේ අවකාශය වඩාත් පන්නරය ලබන්නේ සමාජ-සංස්කෘතික-ආගමික-දේශපාලනික ආදී සියලුම මාතෘකාවන් පිළිබඳ ලියැවෙන බ්ලොග් සටහන් තුලිනි. යමෙකුට රිසි නොවන දෑ නොකියවා සිටිමට හැකිය. එමෙන්ම විවේචනාත්මක අදහස් දක්වන්නටද හැක. නමුත් අවශ්‍ය නොවේය යන්න අතාර්කිකය.

    අනික සමාජීය ජීවිතයේ බොහෝ දෑ (නැතිනම් සියලු දෑ) දේශපාලනය මත තීරණය වන සමාජයක නිර්-දේශපාලනික වීම යනු ව්‍යාජයක් පමණි. එයත් එක ආකරයක දේශපාලනයක්ම වන අතර මීට උදාහරණයන් ලංකාව තුලින් ඕනෑ තරම් සොයාගත හැක.


    ලංකාව තුල ‘දෙමල ජනයාට ගැටළුවක් ඇත’ යන්න ඇසුනු වහාම අවි අමෝරාගෙන නැඟී සිටීම වූ කලි දේශප්‍රේමය නොවේ. එය වැරදි නම් ඒ පිළිබඳ විවේචනාත්මකව කරුණු දක්වා පරාජය කරනු මිස අන් දේ වලින් සිදුවන්නේ සියල්ල යට ගැසීම පමණි. මේ තුලින් පෙනෙන්නේ ලාංකීය සමාජයේ ඇති පසුගාමී සමාජ-දේශපාලනය අවබෝධය මිස අනිකක් නොවෙයි. එහෙයින් බ්ලොග් අවකාශයේ හෝ කොහේ හෝ දේශපාලන සංවාදයන් ඇතිවීම යනු අනිවාර්්‍ය අවශ්‍යතාවයකි. එහෙත් එය එකම අවශ්‍යතාවය නොවෙයි.

  8. ආගන්තුකයා on

    මම බ්ලොග් අතර සෑහෙන වැදගත් සටහනක් තමා සරත් මහතාගෙ සටහන… (අනේ මට මහත්මයා කියලා නම් කියන්න එපා කැමතිනම් පුතා හරි මල්ලි හරි කියලා කියන්න ) ඇත්තටම ඔතන ගැටලුව ඇත්තේ අදහස් දැක්වීමේ නොව අදහස් ප්‍රකාශ කිරීමය… කිසිවෙකු සිය අදහසක් වෙනුවෙන් සමච්චලයට ලක්වීම සුදුසු නොවේ… අදහස ප්‍රකාශ කිරීම සහ මතවාදයන් පැතිරවීම දෙකකි.. ශාන් ගේ අදහස වටින්නේ එය නිවැරදි ලෙස ප්‍රකාශ කරනවානම් පමණි….

  9. Sarath Gunatunga on

    දේශපාලනය ගැන සාකච්ඡා කිරීමේදී සමහරු ඉතාමත් උනුසුම් සහ වේග වත් වෙයි. ආගම සම්බන්දයෙන්ද එසේමය. මේ මාතෘකා දෙකම සාමාන්‍ය සමිති සමාගම් වල නොකල යුතුය යන වියත් මතය දැක්වීමට පමණයි මා අදහස් කලේ. සිංහල අකුරු ලිවීමේ අපහසු තාවය නිසා මගේ අදහස් ප්‍රකාශය එතරම් හොඳ නොවූවා වීමට ඉඩ ඇත. කිසිවකුගේ අයිතිවාසිකමකට තහංචි දැමීමට මට කිසිම අවශ්‍යතාවයක් නැත. මෙතරම් උසස් මට්ටමකින් ක්‍රියාත්මක වෙන මෙවන් සමිතියක් කඩාවැටෙනු දකින්නට මගේ කිසිම ආසාවක් නැත.

  10. Sarath Gunatunga on

    “ආගන්තුකයාට” මට කඩේ යන්න ආවට (ශාකුන්තල මත්තයගෙන් ඒ වචන ඉගෙන ගත්තෙ!!) බොහොම ස්තුතියි පුතේ.

  11. නිදහස් අදහස් on

    මම හිතන තරමින් අපි බ්ලොග් අවකාශයට ආවෙ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබදව සංකල්පය හිතේ තියාගෙන. එතනදි දේශපාලනය අපි කතා නොකර අත හරින්නෙ නෑ .මොකද ඉහත ප්‍රතිචාරයේ කසුන් කිව්වා වගේ

    “අනික සමාජීය ජීවිතයේ බොහෝ දෑ (නැතිනම් සියලු දෑ) දේශපාලනය මත තීරණය වන සමාජයක නිර්-දේශපාලනික වීම යනු ව්‍යාජයක් පමණි. එයත් එක ආකරයක දේශපාලනයක්ම වන අතර මීට උදාහරණයන් ලංකාව තුලින් ඕනෑ තරම් සොයාගත හැක.

    ” තමයි.

    අනෙත් කාරණාව මෙතුවක් කල් අපි මෙවැනි දෑ සංවාදයට ලක් කල අතර ඉදිරියට ද එය සිදු වනු ඇති බවයි.

  12. පොලි ටික්කා on

    අනේ මන්දා සරත් මහත්මයාටත් වුන දේ, ඕවා ඕහොම තමයි ගනන් ගන්න හොද නැ.
    මේක හොද නැ කියනවනම් එකත් හොද නැ කියලා කියන්න අයිතියක් තියෙනවනේ.
    නැ මං කිවුවෙ මෙ සරත් මහත්මයාට තමන්ගේ මතයේ එල්බගෙන ඉන්නවා කියන අය ඉන්නෙත් එයාලගේම මතයක එල්බගෙනනේ තමන්ගේ පොල් පරාල පෙන්නේ නැනේ.
    සරත් මහත්මයාට වැරදුනේ, අන්තර්ජාලයේ පවතින දෙවල් වෙනස් කිරිමට යැමයි, නමුත් ඇඩ්මින් මහත්වරුන්ට මොලයක් තියෙ නම් එ මහතා කි දෙ ගැන දෙපාරක් හිතා බලන්න වටිනවා.
    සංසදයෙ මෙවැනි එක එක් කෙනාගේ දෙශපාලන අදහස් ඇති පිටු එකතු කිරිම හා එය සාදාරණය කිරිම එතරම් හොද දෙයක් නොවන බවයි මගෙත් හැගිම. පොඩි ළමයිනුත් ඉන්නවනේ මෙ සංසදයේ.
    එයාලට එයාලගෙ අදහස් හා එවාට උදව් දෙන අයටත් මෙ සංසදයෙන් පිට එයාලට කැමති දෙයක් කිරිමට හැකියාව තියෙනවනේ.

    මම හිතනේ තව ටික දවසකින් වැඩිහිටියන්ට පමණක් වන දෑත් මෙ සංසදයේ හුව මාරු වෙයි, මොකද අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තියෙනවානෙ.
    එත් මම කියන්නේ ඕනැ දෙයක් කරගත්තාවෙ හැබැයි මෙ සංසදයේ පිට.
    මෙහි සැම තරාතිරමකම සැම වයස් කාණ්ඩයකම අය සිටින නිසා හැමොටම ගැලපෙන දේ විතරක් සංසදයේ පලකරමු නේද?.

    Report Objectionable Content
    If you find objectionable content in the blog posts notify them to abuse(at)sinhalabloggers.com

    වැදගත්: සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම ලිපි වලින් ප්‍රකාශ වන්නේ එම ලිපි වල කර්තෘවරුන්ගේ මත පමණි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

    මෙ සංසදයේ පිට,
    http://www.eff.org/issues/bloggers


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: