Facebook දේශප්‍රේමය : (පරිවර්තනයකි)

මේ ලිපිය http://suranga.wordpress.com බ්ලොග් අඩවියේ පලවූ ලිපියක පරිවර්තනයකි. මුල් ලිපිය සඳහා :

අන්තර්ජාලයට පිවිසීමට පසු ගිය මාස කිහිපය තුල මට හට නොහැකි වූ නමුදු අතරින් පතර අන්තර්ජාලයට පිවිසුණෙමි. ඒ අතරතුර මා නීරීක්ෂණය කල අමුතු සිදුවීමක් වූයේ facebook හි profile picture එක වෙනස් කල තිබූ ප්‍රමාණයයි. බොහෝ පින්තූර වල අඩංගුව තිබුනේ ජාතික ධජය නොයෙකුත් ආකාර වලනි. මේ කුමන අරුමයක්දැයි සිතා ගැනීමට මට දිනක් දෙකක් ගත විය. අපේ රණ විරුවන් තවත් ත්‍රස්තවාදී තිප්පලක් තම ග්‍රහණයට ගෙන ඇත. එම අනුව රණ විරුවන් හට කෘතවේදීත්වය පල කරනු උදෙසා මේ ක්‍රියාව සිදු කර ඇත. තවද ප්‍රතිචාර දහස් ගණනින් එක් කර ඇත. මේ සඳහා බොහෝ විට පෙරමුණ ගෙන තිබුනේ විදෙස් රටවල ජීවත් වන ලාංකිකයන් වීම කැපී පෙනුනි.

එම අනුව යුධ පෙරමුණේ සිය දිවි පරදුවට තබා සටන් වදින සොල්දාදුවන් මීළඟ වතාවේ තම බලැක්බෙරි දුරකථනයෙන් facebook අඩවියට පිවිසි විට, ඔවුනට විශාල සතුටක් දැනෙනු ඇත. යුද්ධයෙන් සිය පුතුන්, ස්වාමියා , සහෝදරයා අහිමි වූවන් හට සහනයක් දැනෙනු ඇත. සිය නිවස පෝෂණය කල සහෘදයා අහිමි වීම විඳ දරා ගැනීමට මේ ඔන් ලයින් දේශප්‍රේමීන් ශක්තිය ලබා දෙනු ඇත.

මේ දේශප්‍රේමීන් සිකුරාදා රාත්‍රී වල සමාජ ශාලා වල කරක් ගැසීම නවතා දමා ඇතිවාට සැක නැත. තවද අවන්හල් හි සුරා පානය, ගී ගැයීම් සහ අධික වියදම් නවතිනු ඇත. යාන වාහන , උත්සම , අධික මිලැති ඇඳුම් පැළදුම් වලින් තොරවනු ඇත. ගණිකා මඩම් ද , සම්බාහන ආයතන වලටද නොයනු ඇත. ඒ සියලුම මුදල් රණ විරුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුල් වල සුබ සාධනය සඳහා වැය වනු ඇත.

මෙවැනි කැපකිරීම් වලින් පසු තවත් ඔවුන්ට කිරීමට ඉතිරිව ඇත්තේ කුමක්ද ???? ජාතික ධජය සිය profile picture එක ලෙස දමාගෙන එදිරියට ඇදෙන රණ විරුවන් දෙස නෙත් දල්වා හිදීම පමණී. ඉදිරියේ දී මෙවැන් MSN, YAHOO,GOOGLE දේශප්‍රේමීන් වැඩි වැඩියෙන් දක්නට ලැබෙනු ඇත. ඔවුන් දැක උද්දාමයට පත් නොවී සිටිය හැක්කේ කා හටද????? මේ රටට දෙවි පිහිටයි.

සටහන : බ්ලොග් කතෘගේ අවසරය ගැනීමට ප්‍රායෝගිකව අපහසු බව හැඟුණු බැවින් හදිසියේම අවසරය නොමැතිව පරිවර්තනය කරන ලදී.

Advertisement

6 comments so far

  1. gayankt on

    විදේශයන්හී ජීවත් වන ලාංකිකයන් ඇතුලත්ව බොහෝ දෙනෙක් තමන්ට හැකි පමණින් රණවිරුවන්ට ආචාරදක්වීම වරදක්ද? ඔබතුමා‍ගේ (සටහනේ කතෘතුමාගේ) විකල්ප‍ය කුමක්ද?

  2. බාල්දිය on

    මේක ලංකාවෙ තියෙන සමාජ වෙබ් අඩවි, ‍profile images සහ signatures වලදිත් මම දැකල තියෙනව. රණ විරුවන්ට ආචාරය දක්වන බව පෙන්වීම තුලින් ඒ අංශය ෂේප්කරගැනීමක් විනා ඒ වගේ අය‍ නිසා රණ විරුවන්ට වෙන සෙතක් නෑ. අපේ රණ විරුවන්ගෙන් කොපමණ සංඛ්‍යාවක් අන්තර්ජාලයේ ඉන්නවද කියල මම දන්නෙත් නෑ. ඉන්න අයට නම් පොඩි ආත්මාභිමානී ආතල් එකක් යනව ඇති.

    මමනම් ඔය කොඩි දාගෙන ඉන්න අය කරන්නෙ පොඩි මරිසි වැඩක් කියලයි හිතන්නේ. ඇත්ත ජීවිතේ අජූතයි. බොරුවට රූපය පෙන්නල ෂේප් වෙනව.

    @ ගයාන් – මේකට විකල්පයක් නෑ. ඕනම කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්නේ. මේක මේ ජරා ජීර්ණ වුණ තවත් එක සමාජ යථාර්ථයක් විතරයි.

    සැලකිය යුතුයි – ඇත්තටම තමන්ට දැණෙන ආත්මාභිමානය නිසා මේ දේ කරන අයත් නැත්තෙ නෑ.

  3. කසුන් on

    සයිබර් අවකාශය තුලත් පත්තර පිටු තුලත්, වචන තුලිනුත් කටිනුත් යුද්ධ කිරීම පහසුය. ජීවිත තර්ජන නැත. යම් විටෙක අනෙකෙකුගේ විවේචනයකින් හිත රිදෙනු මිස සිදුවන අනෙක් නරකක්ද නැත. ප්‍රතිඵල නම් බොහෝය. තමන් දේශහිතෛෂී, රට-ජාති-ආගම පිළිබඳ මහත් අභිමානයක් යුතු වූවෙකු බව ලොවටම පෙන්විය හැකිය. සිය ජීවන චරියාවේ ඇති නරුම ස්භාවයන් වෙනුවට, ආත්මාර්ථකාමී නුගුණ වසා ඒ වෙනුවට මහත් පරාරාර්ථකාමී උදාර වෙසක් මවා ගත හැක. සියල්ලටම වඩා තමන් සේ සිතන බහුතරයෙන් එකෙකු විය හැකිය. තමන් සේ නොසිතන, නොකරන එකෙකුට ජාතිද්‍රෝහියා, දේශ ද්‍රොහියා ලෙස බැන වදිමින් විනොදයක් ලැබිය හැකිය.

    පසුවදන,
    තමාගේ අවබෝධයෙන් යුතුව යුද්ධය නිවැරදි යයි සිතන ඒ වෙනුවෙන් අවංකව පෙනී සිටින්නන් ට ගරු කල යුතුය. ඒ, ඔවුන් යුද්ධය වෙනුවෙන් පෙනී සිටින නිසා නොව මේ අඳුරු සමයෙහි අවසානයක් දකිනු රිසියෙන් විසඳුමක් සේවීමේ රිසියෙන් තර්කකරන හෙයිනි. නමුත් ඒ තර්කයන් සීමාන්තික නම්, පටු ජාතිකවාදී නම් ඔහුද සැබෑ විසදුම් කරුවෙකු නොවේ.

  4. පොතේ ගුරා on

    නියම ලිපියක්..

  5. පොලි ටික්කා on

    අමෙරිකන් කෙල්ලො අමෙරිකන් ජාතික කොඩියෙන් බොල දෙකයි යට තියෙන වි කරලයි වසා ගන්නේ ජාතික අභිමානය නිසා වෙන්න ඇති. එයාලට නම් ඔය කියන ආතල් එක ඇරෙන්න වෙන දෙයක් නැ
    එත් සමස්තයක් විදිහට මෙ රට බෙරා ගන්න රණ විරුවන්ට ගෞරව දක්වන එකට මෙ සා විශාල ලෙස මඩ ගහන්නෙ ඇයි දැයි කල්පනා කර බැලිය යුතුය.
    පුරුද්දක් විදිහට මෙ විදිහට කරයන්ගෙ උවමනා එපාකම් වලට කැහැල කැහැල උන්ගේ පු.ත් ලෙවලා ලැබෙන සොච්ච්ම් මුදලෙන් කරන වැඩ වෙන්න ඇති මෙ කියලා තියෙන්නේ, රණවිරුවන්ට උපහාර දක්වන අය දැන් කරන් නැ කියලා.
    මෙ යුද්ධය නවත්තන්න එ වෙනුවෙන් කහින මෙ වගේ එවුන්ට, තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි මෙ රණවිරුවන්ට සහයොගය දක්වන පිරිස.
    කවුරුවත් කොඩි බැරිනම් කොඩි ගස් පිටින් දැන්මම, කාටවත් තියෙන රුදාව මොකද්ද?
    මෙක බලන අයට දැන්වත් තෙරෙවිනේ මෙයා මොකටද මෙ එන්න යන්නෙ කියලා
    ක්‍රිඩාවක් කරන කෙනෙක් එයින් ජයග්‍රහණයක් ලැබුවම එකට පත්තර වලයි රුපවාහිණියෙයි තාප්ප වලයි එකම දේ දාන්නේ මොකදා, ඇයි අපේ කකුල් හරි අත් වලින් හරිද එ ජයග්‍රහන ලැබුවේ නැත්නම් අපෙ සල්ලි වලින්ද?
    අම්මා තාත්තා ගැන ආදරයක් නැති, රට ජාතිය ආගම ගැන ආදරයක් නැති, අවජාතකයන්ට නම් මෙ රට බල්ලන්ට නොමිලේ දිලා පිටරට පනින්න පුලුවන්. ඇයි විසා එකයි ඩොලරුයි ලැබෙනවානේ.
    එ තරම්ම පිනට ලැදිනම් ඌඹලගෙ ගෙවල් අපිට නොමිලේ ලියලා දිපල්ලකෝ ආතල් ද බලන්න.

    හැබැයි ඉතින් අපි ගිහින් එයාලගේ ගෙවල් වල බලෙන් පදිංචි වුන දාට බලා ගන්න පුලුවන් වෙවි මෙයාලගේ මෙ තියෙන මානව දයාව පිලිකන්න පැත්තෙන් පැනල යන හැටි.
    ඩොලර් ලැබෙන එක නවතිනකන් මුන්ගේ මෙ ලෙවකැවිලල නම් ඉවර වෙන එකක් නැ.
    මුන්ට කියනවා නම් කියන්න තියෙන්නේ තව කොච්චර කල් ඌඹලා රණවිරුවන්ව අචාර කරනවාද?
    යුද්ධය ඉවර වුනාට පසු ඔක්කොම අමතකයි නෙද?
    එක නිසා වචනෙට හරි එ ගරු කිරිම හැකිතාක් කාලයක් කරන්න කියලා ඉල්ලා සිටිම නොවෙද?

  6. garuka on

    ane ammapa….hithila thiyena deewal wala tharama..
    e bun, mamath jaathika kotiya damma FB eke. Hebei oka munichchaawatath daapu un hitiya thamai. Mama nam pulu puluwan widihen udau kara army ekata. Hebei ithin boru kiyanna one ne ne…mama nam oya dinners wage ewwa neweththuwe ne. Mama kiyanne mechcharai….ahanneth mechcharai…
    1.oya ke gahana eka kawadaawath profile picture eka oya kiyana widihata wenas kare nethda?
    2.Oka liyapu saha pariwarthanaya karapu dennam thamange mona monawada ranaviruwo wenuwen kepakare? car ekak wikkada? trip cancel karaaada? Ehema karaanam witharak oya wage lipiyak reddak adan dammata kamak ne.

    Anyway what I’m trying to say here is if someone at least show the gratitude in any way I think it should not be neglected or insulted.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: