හෘද සාක්ෂිය අහිවූ සමාජය
මේ සටහන ලියන්නේ බූන්දි යේ පලව තිබූ ලිපියක් දැකීමෙනි. එය පලවන කාරණාවයි. දෙවැන්න කරුණා අම්මාන් සමග අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කරේ අත දමාගෙන නැටූ බව පලව තිබූ පුවතක් දැකීමෙනි. මුල් ලිපියෙහි කියා තිබුණු පරදිද්දෙන්ම අප ජීවත්වන්නේ මිය ගියවුන් උදෙසා යුක්තිය ඉටු නොවන සමාජයකය.
“ ඝාතනය යනු අපරාධයකි. නමුත් ඝාතනයන් අමතක කොට, යුක්තිය පසිඳලීම පසෙක ලා ඝාතකයින් හා සහජීවනයට හුරුවීම ඊටත් වඩා සාපරාධයකි.”
ඒ උපුටා ගැනීම මුල් ලිපියෙනි. කරුණා අම්මාන් ගැන මතකයන් අද වන පිලුණු වී හමාරය. යුගයේ එවැන්නන් හා සහජීවනය ජීවත් වීමේ නිසා මාර්ගය ලෙස සැලකේ. එවිට මිය ගියවුන් උදෙසා යුක්තිය???? ලංකාවේ ජන සමාජයට හෘද සාක්ෂියක් නොමැත්තේ ඇයි දැයි අපට සැම විටම පැන නගින ගැටලුවකි. හෘද සාක්ෂියක් සතුව ජීවත් වීම යුගයේ ක්‍රමය නොවනවා වන්නට පුලුවන. නමුත් ලාංකේය ජන සමාජය තුල ඇති කල තුවාල සුවපත් කරන්නට මීනී මරුවන් හා එරෙහි වන්නට අපට නොහැකි වී ඇත්තේ ඇයි????
89 මව්වරුන්, පියවරුන් තවමත් වැලපේ. අතුරුදන් වූවන් ගේ මව්පියන් හට අදද යුක්තිය ඉටු වී නොමැත. ඩිලාන් පෙරේරා සිය හෘද සාක්ෂිය පසෙක තබා සහජීවනයට හුරු වූවේය. සමාජය සතු තුවාල සුවපත් කරන්නට නම් යුක්තිය ඉටු විය යුත්තේය. නමුදු අද දවසේ අපේ දේශපාලන නඩයට කරුණා අම්මාන් තවත් ගජ මිතුරෙකි. කාලය විසින් යුක්තිය සහ සාධාරණය සඳහා වන නිර්වචනයන් ලාංකීය භූමිය තුල වෙනස් වී ඇත්තේය. කලක දී මිනී මරුවන් අද වන විට අප ඉදිරියේ සිනා පාමින් සිටිති. ඔවුන් හා පෙරලා සිනහ නොවීම යුගයේ දී දේශ ද්‍රොහී කමකි.
මා සඳහන් කල මුල් ලිපියෙහි රචිකාවිය හඬා වැලපෙන්නේ යුක්තිය වෙනුවෙනි. නමුදු ඒ යුක්තිය හුදෙක් බලාපොරොත්තුවක් බවට පත්ව ඇති අතර සිය එදිනෙදා කාර්යන් සමග සිත යොමා සිටින අවශේෂ සමාජයට සංවේදනය වන්නේද නැත. මියගිය වුන් ගේ සමීපතමයන් හට ඇරෙන්නට ඒ වෙනුවෙන් කැපවන සමාජ ව්‍යාපාර අද දවසේ දී අප හමුවේ මුණ නොගැසෙන්නේ එබැවිනි.
විසිරුණු කල්පනාවන් අතරදේ දී කලකට ඉහත දිවයිනේ පලවූ ඡායාරූපයක් මගේ මතකයට නැගෙයි. ඒ ඇඹිලිපිටිය මහ විදුහලේ සිසුන් ඝාතනයට වැරදිකරු බවට උසාවියෙන් තීරණය කර බන්ධනාගාරය දක්වා කැඳවාගෙන යන එම විදුහලේ විදුහල්පතිව සිටි දයානන්ද ලොකූගලප්පත්ති නම් මීනිමරුවාගේ සිනාසෙන ඡායාරූපයකි. එම ඡායාරූපයේ ශීර්ෂය වූයේ “මීනිමරුවොත් සිනාසෙති” . එයට යටින් අති සංවේදී වැකි පෙලක් සටහන් කොට තිබුණි. සාධාරණත්වයේ නාමයෙන් තවත් එවැනි මීනි මරුවන් ගණනාවක් යුක්තිය ඉදිරියට ගෙන ආ යුතු වුවද සමාජය එය අමතක කර දමා නිසොල්මනේ සිටියි.
අවසානයේ අප සිතට නැගෙන ගැටලුව එය ලාංකීය ජන සමාජයේ හෘද සාක්ෂිය අහිමි වීමද නැතහොත් නපුංසක භාවයද යන්නයි. කාරණාව කුමක් වුවද කලකට ඉහත රෝහිත භාෂණ ගේ වැකියකින් නැවතීමේ තිත තබමි.
“ජීවත්ව සිටින වුන් නිදිගත් සමාජයක මළවුන් වෙනුවෙන් කිසිදා යුක්තිය ඉටු නොවේ”
නන්දෙගේ දුවගේ සටහනේ බර ගානට අඩු කළා වගේ දැනෙනවා.
“මේ වකවානුව ගැන අපට දුක් වන්නට සිදුවනු ඇත. ඒ, නරක මිනිසුන් කරන නරක වැඩ නිසා නොව, හොඳ මිනිසුන් නිහඩව සිටිනා නිසාය …” –මාටිං ලුතර් කිං
මේ වදන් වත්මන් ලාංකීය සමාජයටද එකසේ අදාලය. එහෙත්…?
Thanks for comment