තර්ජන , ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශය 2
අප ලියූ තර්ජන තර්ජන , ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශය ලිපියට ලැබී තිබූ සමහර ප්‍රතිචාර දෙස බැලූ විට පෙනී ගියේ ඒවා මගින් අප සිටින්නේ කාගේ පිලේ යන්න දැයි ප්‍රශ්න කරන අතරේ හුදු පුද්ගල විවේචන එල්ල කරන බවත්ය. ඒ අතරින් මියගිය මහාචාර්ය සමරනායක මහතා හට අපහාස කරමින් ලියැවුණු ප්‍රතිචාර මකා ඉවත් කරන්නට සිදුවිය. එහෙත් ඒ පිළිබඳව වැඩි දුර ලියන්නට නොයන්නේ බ්ලොග් අවකාශයට සදාචාරය උගන්නන්නට අප උත්සහ නොකරන බැවිනි. මන්ද බ්ලොග් අවකාශය නිරූපනය කරන්නේ අපට එදිනෙදා හමුවන සමාජයේ කොටසක් වන බැවිනි.
අප කාගේ පිලේ ද යන්න හෙවත් කාට හරි කඩේ යනවා දැයි බවත් ප්‍රශ්නයක් මතුව තිබේ. මේ යුගයේ තවත් ජනප්‍රිය ප්‍රශ්නයක් වන එය ඇසීමෙන් සියලු ගැටලු නිරාකරණය නොවන වග මතක් කර දීමට අපට සිදු වේ.එම ලියවිල්ල සැලකිල්ලෙන් කියවා බැලුවහොත් අප මතු කරන්නට හදන කාරණාව වටහා ගත හැක. අප සිටින්නේ භාෂණයේ නිදහස පැත්තතේය. රාඦාණ්ඩුවක් මෙන් රජතුමාට එහෙයි කියාගෙන ජීව්ත් වීම පරමාදර්ශය කොටගත් ජීවිත වලට කණට ගසන්නන්නේ පිලේය. එම නිසා අහිංසකයින් වගේ පෙනෙන තක්කඩියන්, බඩු ගසන්නන් ඇතුලු සියලු දෙනා හට (පෙරදිග සුලං ට අනුව ) රිදවීම වැලැක්විය නොහැක. ඒ රිදවීම අප හට ආතල් එකක් නොව සමාජ සංවේදනය උදෙසා ඉටු කරන්නකි. අද දවසේ දී රෝහිත භාෂණ ලා රට හැර ගොසිනි. එය අපට පෙන්නුම් කරන්නේ අප වටා ඇති නිදහසේ සීමාවයි. එම නිසා අපට ඒ වෙනුවෙන් හඬක් නැගීමට අවශ්‍යව තිබේ. යුගයේ ජනප්‍රිය ප්‍රශ්නය වන “ඔයා ඉන්නෙ කාගේ පැත්තේ” අසමින් අප වෙත එන අයට කියන්නට ඇත්තේ කුමක්දැයි අප නොදනිමු. මන්ද එයට දෙන පිළිතුර කුමනාකාරයේ වුවත් අවි අමෝරා නැගී සිටීමට ප්‍රශ්න අසනා පාර්ශවය සූදානම් බැවිනි.
මේ සංවාදයට ලසන්ත ඈදා ගත්තතේ ඇයි ද යන්නත් තවත් ප්‍රශ්නයක් වී ඇත. නැවත වතාවක් ලිපිය සැලකිලෙන් කියවා බලන ලෙස ඉල්ලා සිටිමි.
“ලසන්ත ඝාතනය ගැන බ්ලොග් කරුවන් ලෙස අප හඬක් නැගිය යුතුව තිබුනේ යැයි සහෝදර බ්ලොග් කරුවකු අප හා පැවසීය. නමුදු එය ඉෂ්ඨ නොවීය. මන්ද යත් ලසන්ත දේශපාලනික වූ බැවිනි. මෙතරම් දේශපාලනී කරණය වූ රටකදී ලසන්ත දේශපාලනික චරිතයක් වීම නිසා මිනිසුන්ගේ ජිවත් වීමේ නිදහස ද , ප්‍රකාශන නිදහස ද , යටපත් වන්නේ යැයි බොහෝ අය උපකල්පලනය කල බැවින් සාමූහිකව එයට එරෙහි වීමක් කරන්නට තරම් පෙළඹවීමක් කරන්නට අපට නොහැකි විය. ලසන්ත මෙතැනට අතුරු කතාවක් ලෙස ඈදා ගත්තේ බ්ලොග් කරුවකු මෙවැනි ඉරණමකට මුහුණ දුනහොත් ඊට ප්‍රතිචාර කුමන විදියේ වනු ඇතිදැයි නිගමනය කරගන්නනට සාධක එම සිද්ධි වලින් උකහා ගත හැකි බැවිනි. ”
උපුටනය – මුල් ලිපිය
ලසන්ත ගේ නම සමග කියවන ඔබට යම් කිසි ගැටුමක් ඇත්නම් ඒ වෙනුවට ඔබ කැමති කෙනෙකුගේ නම ආදේශ කර ගන්නා ලෙස ඉල්ලමු. මන්ද ලසන්ත දේශපාලනික වූ බැවින් එය සාධාරණිකරණය කරන්නට සැදී පැහැදෙන අයට මේ සමාජය ඇද වැටී තිබෙන්නා වූ ඛේදවාචකය ගම්‍ය නොවන බැවිනි. ලසන්ත වෙනුවට ආදේශ කර ගත හැකි ජීවත් ව සිටින , නොසිටින නම් ලැයිස්තුවක් මෙතැන පල කල හැක. ලසන්ත සමග දේශපාලනික 100% එකඟතාවයක් නොමැති වුවද, අදහස් ප්‍රකාශ කිරීමේ වරදට මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීම යුක්ති සහගත දැයි අපට ගැටලුවකි. ප්‍රතිචාර වල තිබූ පරිදි තමන්ට නොදිරවන බ්ලොග් කරුවන් හා යුධ වැදීමේ සීමාව කොතැනින් නිමා විය යුතු දැයි නැවත වතාවක් ප්‍රශ්න කිරීමට අපට අවශ්‍යය විය. එමෙන්ම නොයෙකුත් ආකාරයේ තර්ජන වලටද , අනන්‍යතා එළිදරව් වීම හරහා මානසීක පීඩා වලට මුහුණ දුන් බ්ලොග් කරුවන් ද අප අතර ඇත. නැවත වතාවක් මේ ලියවීම ඒ වෙනුවෙනි.
මේ ගැන දිගින් දිගට කතා කළ යුතුද? හැමදෙනාගේම අවසාන බලාපොරොත්තුව සාමාන්‍ය මිනිස් අවශ්‍යතා සපුරාගෙන ජීවත්වීමය. සත්වැනි මහින්ද මහාරාජෝත්තමයානන්ට එරෙහි වීමට වඩා, “ආයුබෝ වේවා – මහ රජානනේ” කියමින් උන්වහන්සේගේ ඉදිරිපිට දනින් වැටී, උන්වහන්සේට පශ්චාත් භාගය සේදීම, උන්වහන්සේ පුම්බා බ්ලොග් ලිවීම වැනි සුළු සුළු බැල මෙහෙවර කොට බලු ගැත්තකු සේ ජීවත් වීම ඉතාම පහසු කාර්යයකි.
අපේ සමහර බ්ලොග් කරුවන් කරන්නේ චිරාත් කාලයක් තිස්සේ ඔවුන්ගේ මුතුන් මිත්තන් විසින් කරගෙන ආ කටයුත්ත ඉදිරියට ගෙන යාමකි. ඒ කාලයේ රජ්ජුරුවන්ට හා ප්‍රාදේශීය ප්‍රබලයන්ට පක්ෂපාතීත්වය පෙන්වීමට අමතරව අවශ්‍ය වෙලාවට ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ලීම සඳහා ගෑනුන්ද සපයා දිය යුතු විය. අපේ බලු ගැති බ්ලොග් කරුවන් මීට සූදානම් නම් අප කලබල විය යුතුද?
වැදගත් අදහසක් ප්‍රකාශ වන ලිපියක පහළින් දකින “Taboo Subjects” ගේ ප්‍රතිචාරය, ලිපියේ වටිනාකම හෑල්ලු කරන්නක් යැයි මට සිතේ.
පවත්නා රජයට විරුද්ධ වීමට (හේතු (පෞද්ගලික, සමාජයීය) සහිතව / රහිතව) යම් පිරිසකට අයිතියක් ඇත් ද, එවැනිම අයිතියක් රජයට පක්‍ෂපාතී වීමට (හේතු (පෞද්ගලික, සමාජයීය) සහිතව / රහිතව) තවත් පිරිසකට ඇත. ඇත්තෙන්ම මෙතැන ඇත්තේ “රජයට විරුද්ධ” සහ “රජයට පක්‍ෂ” යන බෙදුම නොව තමන් දරන අදහස ප්‍රකාශ කිරීමයි. එය “රජයට විරුද්ධ” සහ “රජයට පක්‍ෂ” ලෙස ලේබල් කරනු ඇත්තේ කියවන්නන් විසිනි.
මාගේ පෞද්ගලික අදහස වනුයේ හැමවිටම රජයට විරුද්ධ වී කෑ ගැසීම හෝ හැමවිටම රජයට පක්‍ෂ වී ආවැඩීම නොව, රජයේ ඒ ඒ ක්‍රියාකාරකම සම්බන්‍ධව තමන්ගේ අදහස පළ කිරිමයි. නැතුව “මහින්‍ද කරන ඔක්කොම හොඳයි” හෝ “මහින්‍ද කරන ඔක්කොම නරකයි” යනුවෙන් සඳහන් කිරීම ඵල රහිතයි.
ඒ සියල්ල අතර පෞද්ලික අපහාස (නම් සඳහන් කරමින් / නොකරමින්) කරමින් ගෙන යන ප්‍රකාශ ඒ “භාෂණයේ නිදහසට” අයත් විය යුතු ද ? එය “භාෂණ නිදහසේ” වල්බූරු අවස්ථාව නොවන්නේ ද ?
මා දන්නා තරමින් බ්ලොගෝලයේ ක්‍රියාකාරී ත්‍රස්තවාදී සාමාජිකයන් නොමැත. ඒ ඒ බ්ලොග් කරුවන් දක්‍වන අදහස් අප හට වරක බෙදුම්වාදයට පක්‍ෂ පාතී ලෙද පෙනුන ද ඔවුන් ඒ සඳහා ක්‍රියාකාරී දායකත්වයක් දක්‍වා නොමැත. එම නිසා කළ යුත්තේ ඔවුන් දක්‍වන අදහස් වලට අනෙක් පාර්ශවයේ ඇත්තන් විසින් මතවාදීව පිළිතුරු දීම විනා පෞද්ගලික අපහාස කෙරුම නොවේ. මෙය සියල්ලන්ටම අදාළ ය. යම් හෙයකින් බ්ලොගෝලයේ ක්‍රියාකාරී බෙදුම්වාදීන් සිටින්නේ නම් ඒ සඳහාද කළ යුත්තේ පෞද්ගලික අපහාස කෙරුම නොව, පිළිගත හැකි සාක්‍ෂි සමග අදාළ තොරතුරු ආරක්‍ෂක අංශ වෙත ලබා දීමයි. එසේ නැතිව “කොටියා ! කොටියා !!” කියා කෑගැසීම පළක් නොවේ.
සත්වැනි මහින්ද නැමැති වැඩවසම් පාලකයා විසින් අප රට දක්කා ගෙන යන්නේ කොතැනකටද යන්න තේරුම් ගැනීමට තරම් මුහුකුරා ගිය දේශපාලන ඥානයක් බුධාජීවට ඇතැයි මම නොසිතමි. එනිසා පිළිතුරු දීම නිෂ්ඵලය.
@taboo
සත්වැනි මහින්ද නැමැති වැඩවසම් පාලකයා විසින් රටට නිදහස ලබාදි ඇත. ඔහු රට ගෙනියන තැන ගන උබ වැනි ගොන් හරකෙක්ගෙන් උපදෙස් ගැනිමට අවශය නැත. එම නිසා පිලිතුරු නොදෙන ත‍්රමට හොදය.
අවුරුදු 3 පෙර ඔය ටබු ද කිවෙ ඔය යුද්දය දිනිය නොහකිය කියාය. දැන්.. රට විනශ ක‍්රනව කියයි..
තව අවුරුදු 5 පසු අපි බලමු. සත්වැනි මහින්ද නැමැති වැඩවසම් පාලකයා විසින් අප රට දක්කා ගෙන යන්නේ කොතැනකටද කියා