වැලන්ටයින් දිනය
පෞද්ගලිකව වැලන්ටයින් දිනයට මම කැමතියි. අපි ලංකාවෙ සමාජයට දිහාවට හැරිලා ඒ කාරණාව විසඳගම්මුද?
ලංකාව කියන්නෙ අද දවසෙදි ආදරය අහිමු වුන රටක්. දේශපාලනික වශයෙන් ඔය කාරණාව ලිහාගන්න හැදුවොත් මෙන්න මෙහෙමයි. ලංකාවෙ බහුතරයක් පවුල් ජීවිත දිහාවට හැරෙමු. ධනවාදය විසින් ලඟා වෙන්න , කිසිදා දිනන්න බැරි ධාවන තරගයකට එකතු කරපු ලංකාවෙ ගැහැණු සහ පිරිමින්ට ආදරය කරන්නවත් වෙලාවක් නැහැ. ආදරය කරන කාලෙදි කොහොම හරි එකිනෙකා රවට්ටගෙන ආදරය කරල අන්තිමේදි පවුල් ජීවිතයෙ එන ප්‍රශ්න එක්ක ආදරය පලා ගියෙ කොතනටද කියන එක හොයාගන්න බැරි වෙනව.
ඕක තව දිගට විස්තර කරන්න ඕන කාරණාවක්. ධනේශ්වරය විසින් දෙමවුපියො දෙන්නා හරි විකුණගෙන කාලා බඩ වියත රැක ගැනීම සමාජයට හුරු කරන කොට වැලන්ටයින් දිනය විතරක් මාර්කට් නොවී පවතින්නෙ නැහැ. නමුත් ආදරය කියල දෙයක් තියෙනව කියල මතක් වෙන්න එහෙම දවසක් හරි තියෙන එක ලොකු දෙයක් කියල හිතෙන්නෙ මේ පවතින ක්‍රමය දිහා බැලුවම.
මං ප්‍රාර්ථනා කරන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට ආදරය කියන එක මතක් වෙන දවසක් ආයෙ එයි කියන එක.
Leave a Reply