හෘද සාක්ෂියේ ඛේදවාචකය හෙවත් ලාංකේය සමාජය

ලාංකේය හෘද සාක්ෂිය පිළිබදව අප අතින් මීට පෙර බ්ලොග් ලිපි වල බොහෝ විට ලියැවුණි. මේ ලිපිය ලියන්න ට හේ තු සාධක අප හට ඕනෑ තරම් විය. හිරි වැටුණු සමාජ සංවේදනයකට උරුම කම් කියන ලාංකේය සාඩම්බරත්වයට එරෙහිව නැගී සිටින්නේ කෙසේ දැයි අප දන්නේ නැත. එක්කෝ අප මේ හෘද සාක්ෂිය අහිමිව හිරි වැටී ගිය සමාජයට අතුල් පහරවල් එල්ල කල යුතුය. එසේත් නැති නම් හිරි වැටුණවුන් සේ බලා සිටිය යුතුය.

මේ ලියැවීමට පාදක කර ගන්නට වූ මුල්ම සිදු වීම අම්පාරේ සිද්ධියකි. එනම් ගම්මුන් එකතුව අපරාධකරුවකු මරා දැමූ පුවතය. අපරාධකරුවකු මරා දැමීම එතරම් දෙයක් නොවේ යැයි ද එය එසේ විය යුතු යැයි ද කියනවුන් වර්තමාන සමාජ භූමීකාව තුල අපිට බුරුතු පිටින් සොයා ගත හැකි වන නමුදු එම නිසා ඒ පිටි පස සැඟවුනු අනතුර ප්‍රශ්න නොකර සිටීමට අපට නොහැක. අපට පැන නැගෙන මූලික ප්‍රශ්නය මේ කැළෑ නීතිය විසින් අපේ සමාජය දක්කා ගෙන යනු ලබන්නේ කොතැනටකට ද යන්නයි. ශිෂ්ටත්වයෙන් අපවර්තනය වන ලාංකේය සමාජයේ දී හෘද සාක්ෂියක් ඇතිව ජීවත් වීමේ අසීරුව පවත්නා මොහොතේ දී වඩාත් තදින්ම අප හට දැනෙන් නේ එහෙයිනි. අද දවසේ පාතාලය මර්ධනය උදෙසා අනුගමනය කරන ක්‍රියා මාරගය අපි සැවොම දනිමු. මෙය සාමාන්‍ය සමාජයේ ආවේගයන්ට අනුව වඩාත් නිවැරදිම ක්‍රියා මාර්ගය ලෙස අර්ථ දැක්වෙනුනිසැකය. එහෙත් නීති පද්ධතියකින් සහ ශිෂ්ඨත්වය පිළිබද පුරසාරම් දොඩවන ලාංකේය සමාජයේ ඉරණම කොයිබට ද යන ප්‍රශ්නය ඒ සෑම පුවතක් පිටු පසම සැඟව පවතී.

රෝහිත භාෂණ වරෙක මෙසේ කීවේය. “යුගයේ මිනිස් හෘද සාක්ෂිය යනු ලේ වැකුණු පාපන්දුවකි, අපි කල යුත්තේ ඊට පෙරලා පහර දී හැකි තරම් ඉන් ඈත් වීමය”. යථාර්තය එය නම් එයට පිටු පෑමට සිතීම එක්තරා අනදමකට මෝඩ කමක් වන්නේය. නමුදු අප ජීවත් වන යුගය මතින් පිය මනින්නේ කොතැනටදැයි අපි නැවත නැවතත් ප්‍රශ්න කල යුතුය. නැවතත් මේ සංවාදයේ මුලින් මතුකල ප්‍රශ්නය දෙසට නැවත හැරී බලමු. එනම් ලාංකේය සමාජ සංවේදනය මේ තරමටම අසංවේදී ඇයිද යන්නය.

පවත්නා යුගය එහෙයි කියන්නන් හට වෙන්වුන යුගයකි. එසේ කරන්නට බැඳී නොසිටවුන් හට අනතුරු දායක යුගයකි. පවත්නා සමාජ ක්‍රමය අපට කියමින් සිටින්නේ කුමක් ද? තමන්ගේ වැඩක් බලාගෙන සිටින ලෙසයි. එනම් යුගයේ දේශ ප්‍රේමීයා ගේ භූමිකාව ප්‍රශ්න නොකර රඟපෑමයි .ඒ අනුව තමන් අවට පවතින සමාජය ප්‍රශ්න කිරීමට හෝ ඊට එරෙහිව නැගී සිටිම දේශ ද්‍රොහී භාවය ලෙස සැලකෙන යුගයකදීය. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ අපට බ්ලොග් අවකාශයෙන්ම සොයා ගත හැක. මේ සියලු නිර්ණය කිරීම් වලට අනුව කලකදී ජන සමාජයේ හතුරකු වූ කරුණා අම්මාන් දේශ ප්‍රේමීයකු වන්නේය.

ලාංකේය සම්ජය ඉතා වේගයෙන් සිය සමාජ වගකීම් අමතක කොට ස්වකීය තනි තනි ගේම් ගසන්නන්ගේ පාරාදීසයක් බවට පත් වීම අපි තැති ගැන්මෙන් යුතුව බලා සිටිමු. නීතිය  විසින් විසඳිය යුතු ප්‍රශ්න වෙනුවට කැළෑ නීතිය රජ කරන්නට පටන් ගෙන ඇති යුගයේ ත්‍රාසජනක භාවය පිළිබදව අමුතු පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.
මේ ලිපිය හැදින්වීමක් පමණි. සංවාදය ඉදිරියට ගොඩ නගමු.

Advertisement

4 comments so far

  1. පිටස්තරයා on

    “පවත්නා සමාජ ක්‍රමය අපට කියමින් සිටින්නේ කුමක් ද? තමන්ගේ වැඩක් බලාගෙන සිටින ලෙසයි. එනම් යුගයේ දේශ ප්‍රේමීයා ගේ භූමිකාව ප්‍රශ්න රඟපෑමයි .ඒ අනුව තමන් අවට පවතින සමාජය ප්‍රශ්න කිරීමට හෝ ඊට එරෙහිව නැගී සිටිම දේශ ද්‍රොහී භාවය ලෙස සැලකෙන යුගයකදීය.”

    well said.

    වෙනසක් පටන් ගන්නත් කලින් සමාජයේ කාලතුවක්කු ඒ දෙසට හරවලා ඉවරයි.

  2. Palitha on

    ඔය තනි ගේම් සමාජයට අකමැති පිරිසත් මහින්ද ට ජන්දය දුන්නා. ඒත් දැං වෙලා තියෙන්නේ ඔක්කොම එකතු වෙලා මිලිටර් ගේම් එකකට යාමයි.

  3. කසුන් on

    තවදුරටත් ලාංකීය සමාජය තුල නීතියේ ආධිපත්‍ය, සාධාරණත්වය යනු හුදු වචන මාත්‍ර පමණි. අප අද අත්දකිමින් සිටිනා මේ විවිධ සිද්ධීන් අපට ඇඟිල්ලෙන් ඇන කියාදෙන්නේ එයයි.
    තම පුද්ගල අභිමතාර්ථ වෙනුවෙන් සමාජ ජීවිතය පවා දී ඇති සමාජයක් අනෙකා මුහුණ දෙන වේදනාවන් වෙත සංවේදී නොවීම අරුමයක් නොවේ. සියල්ලට පළමුවෙන් තමන් ගැන සිතීමට උගන්වන රටක පුදුම විය යුතු නම් පුදුම විය යුත්තේ එසේ නොවුනහොත් පමණි.

    අපරාධ නැවැත්වීම පිණිස අපරාධකරන්නන් මරා දැමිය යුතුය කියන කිසිවෙකුත් ඒ අපරාධයට මූලික වූ අනෙකුත් සමාජීය කාරණා පිළිබඳ වැඩිදුර සිතන්නේ නැත. අපරාධකරුවෙකු බිහිකරන සමාජ විභවයන් එසේ තිබියදීත්, ඒවා වඩ වඩාත් පොෂණය කරමින් ම එහිම තාර්කික ඵලය විනාශ කිරීමෙන් පමණක්ම ගැටළුව විසදිය හැකි යැයි සිතීම මේ වන විට ලාංකීය ජන මනස තුල ආත්මීය හැඟීමක් බවට පත්ව ඇත. එනයින්ම ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු ඒ හා සම්බන්ධ අර්බුධය විසඳී ඇතැයි සලකනු ලැබේ-අපරාධකරුවන් මරා දැමීමෙන් අපරාධ නැතිකල හැකිය-සදාචාරාත්මක පිරිහීම නීති පැණවීම මඟින් පමණක් පාලනය කල හැකිය. මේ දවසේ ලාංකීය සමාජ-දේශපාලනයයි.

  4. suds on

    කතාව ඇත්ත. අපි ලාංකිකයො දැන් ජීවත් වෙන්නෙ හෘද සාක්ෂිය සෑහෙන දුරට අමතක කරල. මේ ගුණයට ඉංග්‍රීසියෙන් කියන්නෙ “moral flexibility” කියල: ඒකට “අවශ්‍යතාවයට අනුව සදාචාරය සම්බන්ද ප්‍රතිපත්ති වෙනස් කිරීමේ හැකියාව” කිව්වොත් මම හිතන්නෙ නිවැරදියි. මේක කොහොමටවත් ‍හොඳ ගුණයක් නම් නෙමෙයි. “CIA” වගේ සංවිධාන කුලී මිනීමරුවන් හැටියට පුහුණු කරන්නෙ ඔයින් අන්තයට ගිය අයලු.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: