තර්ජන , ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශය
පසුගිය කාලය පුරාම බ්ලොග් අවකාශය තුල දක්නට තිබූ දෙයක් වූයේ බ්ලොග් කරුවන්ට එරෙහිව එල්ල වන තර්ජන, අපහාස ආදියයි. මෙම තත්වයට මුහුණ දීමට සිදු වූ බ්ලඔග් කරුවන් කිහිප දෙනෙකුම අපට දැකගත හැකි විය. beyond frame, ටැබූ , ආනන්දවර්ධන, බුමුතුරුණු මින් කිහිප දෙනෙකි. මෙය මෙතනින් නතර නොවන අතර තවත් විවාද සම්පන්න බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුම මෙම ඉරනමට ඉදිරියේ දී මුහුණ දෙනවාට සැක නැත.
මාධ්‍ය වේදීන් මරා දමන විටත් , පීඩනයට පත් කෙරෙන විට හා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබන විටත් නිසි හඬක් නොනැගෙන කල්හි මෙම බ්ලොග් කරුවන් ගැන සංවේදී වීම එක අතකට අවශ්‍යය දෙයක් නොවේ. නමුත් එසේ සංවේදී නොවී සිටීම බ්ලොග් කරුවකු සතු යුතුකම් කෙසේ වූවත් සාමාන්‍ය පුරවැසියකු ලෙස යුතු නොවන්නේ යැයි අපි කල්පනා කරමු. ඉහත බ්ලොග් කරුවන් ගැන කියු විගසම බ්ලොග් අවකාශය පුරා ඔවුනට එරෙහිව කොටි හිතවාදී, ජාති ද්‍රෝහී, සදාචාර විරෝදී ආදී ලෙස ලේබල ගණනාවක් අලවන්නට ඕනෑ තරම් පිරිස් සිටින බව අපි දැක ඇත්තෙමු. එහෙත් අනෙකා ගේ මතය හා එකඟ නොවූ පමණින් තලා පෙලා , චණ්ඩි පාට් දැමීමෙන් සියලු ප්‍රශ්න විසඳෙන බවට කල්පනා කරන බ්ලොග් අවකාශයේ මර්වින් සිල්ව ලා හට මේවා තේරුම් කරන්නට යාමෙන් වැඩක් වේ දැයි අප දන්නනේ නැත. එහෙත් එකඟ වීම සියලු තැන්හිම සර්ව සාධාරණ ක්‍රමය විය යුතු යැයි ද, විරුද්ධ වාදීන් යනු විදේශ බලවේග විසින් මෙහෙයවන්නන් යැයි මහා භීතිකාවකින් පෙලෙන මේ ලාංකිකයන්ට, අනෙකා හා පොලු අමෝරා නොගෙන සංවාදයේ යෙදුනු නොහැකිදැයි අප ප්‍රශ්න කරමු.
බ්ලොග් අවකාශය තුල අප විසින් ලිවීම ආරම්භ කරන අවදියේ අප තුල තිබූ එක බලාපොරොත්තුවක් විය. එනම් අසංවේදී භාවයට පත් ලාංකික සමාජය තුල සමාජ සංවාද ගොඩ නැගේය යන බලාපොරොත්තුවයි. එලෙසම ප්‍රධාන ධාරාවට එරෙහි වන්නන්ගේ මතවාද සංවාදයට භාජනය වන වේදිකාවක් බවට බ්ලොග් අවකාශය පත් වනු දැකීමයි. එහෙත් අවාසනාවට මෙන් අප දකින්නේ තර්ජනය කිරීම් ය, බැණ වැදීම් ය , කුණු හරුපය. ඉහත කී බ්ලඔක් කරුව් ගේ මතවාද හා 100% එකඟ තාවයක් අපට නැත. නමුත් ඔවුන් එළි දක්වන මතවාද සමග ගැටෙන්නට අපි සැම විටම උත්සහ කලෙමු. ඒ ඔවුන්ගෙන අපට ගත හැකි යමක් තිබෙන නිසාත් , එම සංවාද හරහා මිනිසුන් වෙනුවෙන් ගොඩ නැගෙන්නා වූ සමාජ ව්‍යාපාරයක් බිහි වනු දැකීමේ ත් අපේක්ෂාවෙනි.
ලසන්ත ඝාතනය ගැන බ්ලොග් කරුවන් ලෙස අප හඬක් නැගිය යුතුව තිබුනේ යැයි සහෝදර බ්ලොග් කරුවකු අප හා පැවසීය. නමුදු එය ඉෂ්ඨ නොවීය. මන්ද යත් ලසන්ත දේශපාලනික වූ බැවිනි. මෙතරම් දේශපාලනී කරණය වූ රටකදී ලසන්ත දේශපාලනික චරිතයක් වීම නිසා මිනිසුන්ගේ ජිවත් වීමේ නිදහස ද , ප්‍රකාශන නිදහස ද , යටපත් වන්නේ යැයි බොහෝ අය උපකල්පලනය කල බැවින් සාමූහිකව එයට එරෙහි වීමක් කරන්නට තරම් පෙළඹවීමක් කරන්නට අපට නොහැකි විය. ලසන්ත මෙතැනට අතුරු කතාවක් ලෙස ඈදා ගත්තේ බ්ලොග් කරුවකු මෙවැනි ඉරණමකට මුහුණ දුනහොත් ඊට ප්‍රතිචාර කුමන විදියේ වනු ඇතිදැයි නිගමනය කරගන්නනට සාධක එම සිද්ධි වලින් උකහා ගත හැකි බැවිනි.
මේ ලියන්නේ බ්ලොග් කරුවන් සියලුම දෙනාගේ භාෂණයේ නිදහස වෙනුවෙන් හඬක් නැගීම වෙනුවෙනි. ලියන්නට තිබුනේ කලකට පෙර වුව ද පමාවී හෝ ලියා තබන්නේ අසංවේදී භාවය නිසා මුලු මුනින්ම සමාජය හිරි වැටෙන්නට පෙර ලියා තැබීම යුතුකමක් සේ හැඟුණු බැවිනි.
අපහාසෙට ලක්උනේ ඔය කියන ලිස්ට් එක විතරද? beyond frame, ටැබූ , ආනන්දවර්ධන, බුමුතුරුණු අඩවිවලට අනුන්ට අපහාස කලේම නැද්ද? බ්ලොග් එකට ඒක ධනික වගේම ටැබූත් කරනවා සෙනඟ ගෙන්න ගන්නම සමහරු ඔය වගේ ඒවා දාගන්නව. ඕවා ගැන කතාකරලා වැඩක් නෑ.
@ සමන් – අපහාසෙට ලක්උනේ ඔය කියන ලිස්ට් එක විතරද?
“beyond frame, ටැබූ , ආනන්දවර්ධන, බුමුතුරුණු මින් කිහිප දෙනෙකි. මෙය මෙතනින් නතර නොවන අතර තවත් විවාද සම්පන්න බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුම මෙම ඉරනමට ඉදිරියේ දී මුහුණ දෙනවාට සැක නැත.”
මා ගැන කතා කිරීම ගැන ස්තුතියි. ඒත් කම්මලේ බල්ලාට මෙන් මට නම් ඕවායේ වෙනසක් නැත. අළුතින් අඩවියක් ආරම්භ කරන කෙනෙකුට තම හිට් වැඩි කර ගැනීමට ඇති හොඳම ක්රමයකි ජනප්‍රිය බ්ලොග් එකක් සමඟ කොක්කක් පටලා ගැනීම. පසුව මකා දමන්නට හරි කුණුහරුපයක් දෙකක් ලිව්වාම ආකර්ෂණය තවත් වැඩිවේ. මේ දැඟලීම ඒක කර ගැනීමටය. මේ නිසා මේවා ප්‍රකාශන නිදහසට ඇති තර්ජන සේම මා දකින්නේද නැත.
ඒනිසා මට නම් ඕනෑ කුණුහරුපයක් කියන්න. ඕනෑ තරම් අපහාස කරන්න. රැග් එකේදී ජ්‍යෙෂ්ට උත්තමයන්ගේ අණ පරිදි ඔයිට වඩා අසික්කිත කුණුහරුප අප විසින්ම අපේ දෙමාපියන්ට කියා තිබෙන නිසා ඕවා කාට කෙසේ වෙතත් මට නම් දැනෙන්නේවත් නැත.
Taboo
තම හිට් වැඩි කර ගැනීමට තම බ්ලොග් අඩවියේ අපහාස කමෙන්ට් දැමූ ටැබූට දැන් බයිලා කියවයි. අලුත් අය කලත් පරණ “ජනප්‍රිය” කියල කියාගන්න බ්ලොග් එකක් උනත් වැරැද්ද වැරැද්දමයි.
@ ටැබූ
ඔයාගේ බ්ලොග් අඩවියේ සෙනඟ වැඩිකර ගැනීමට ඔබ අපහාස කමෙන්ට් වලට ඉඩදුන්නා/දාගත්තාද නැද්ද?
සමන් කියනවා වගේ ඔය කියන අය කරනේ අනුන්ට මඩ ගහන එක නේද ? මේ අය අන්තර්ජාලයේ වීරයන් වෙන්න හදනවා හැබැයි ඔක්කොම වැඩ හැංගිලා! මොකද ගැරඩි රෑනක් වගේ කට්ටියක්නේ මට නම් දැන් පේන්නේ මේ අයගේ බ්ලොග් කියවනේ නැති නිසා බොරු මවාපෑම් කරලා ඒ අයගේ බ්ලොග් අඩවි ප්‍රොමෝට් කරන කරන වැඩක් මේක ඒ කට්ටියම මාරුවෙන් මාරුවට ඒ අයට මහ ලොකු වීරයන් කරන්න හදනවා
ඔබත් ඒ අයට කඩේ යන කෙනෙක් ද ?
අපෝ! ආනන්දවර්ධන කියන ගෝලයා සිංහල යුනිකේත සමුහයෙන් ඉවත් කල නිසා ඒ තරහට නිරංජන් මීගමිමන එරෙහිව මඩ බ්ලොග් කීපයක් ලියා තිබුනා. පසුව ආනන්දවර්ධන ගෝලයට පස්සේ ඔයා ඔකොම ලොකු ටෝක් පැත්තක තියා පොස්ට් ටික මකා දමන්න උනා. අනුන්ට මඩ ගසා තමන්ගේ ලොකු කම පෙන්වන එක තමයි මේ අය කරනේ. මුන්ට ඉතින් පාඩමක් උගන්නන ඒක කාටත් හොදයි……
@සමන්,
කාටවත් හේතුවක් නැතුව අපහාස කළ කමෙන්ට් මගේ බ්ලොග් එකේ පළකොට නැත. නමුත් යම් යම් පුද්ගලයින් විසින් රට විනාස කරද්දී (උදා: දුමින්ද සිල්වා) උන්ට ඉතාම දරුණු ලෙස අපහාස කිරීමට මට පැකිළීමක්ද නැත. මා හැමදාම කියන පරිදි බොරුවට පහර දෙන විට බොරුවේ කොටස්කරුවන් පහර කෑම නොවැළැක්විය හැකිය.
එක්තරා යුදවාදී බ්ලොග් රචිකාවියක ගැන පළවූ කමෙන්ට් කිහිපයක් මම තියෙන්නට ඉඩ හැරියෙමි. ඒ මගේ ප්‍රතිපත්තිය අවම වාරණය වූ නිසාත් ඇය දේශපාලන සත්වයකු නිසාත්ය. ඒවා අපහාස කමෙන්ට් හෝ කුණුහරුප කමෙන්ට් නොවේ. ඇගේ ස්ථාවරය ප්‍රශ්න කරමින් ශිෂ්ට භාෂාවෙන් නැගූ ප්රශ්නය. පසුව ඒ ගැන මට තර්ජන එල්ල වෙද්දී ඒවා ඉවත් කළෙමි.
මගේ ප්‍රකාශයක කොටසක් අල්ලාගෙන ඔබ බොරු චෝදනා නඟන පරිදි කවදාවත් අපහාස/කුණුහරුප කමෙන්ට් දමා හිට් වැඩි කර ගැනීමට උත්සාහ නොකළෙමි. හිට් වැඩි කර ගැනීමට මට අවශ්‍ය බව රහසක් නොවන අතර (මා බ්ලොග් ලියන්නේ මකුළු දැල් බැඳෙන්නට නොවේ.) ඊට මා සදාචාරාත්මක ක්‍රම භාවිතා කරමි.
කඩේ, මඩ…..
මෙවැනි සියලුම වචන යොදා ගැනීමට දේශප්‍රේමී, සදාචාර සම්පන්න, ආගමට ලැදි, සංයමකින් හෙබි පුද්ගලයින් පසුබට වන්නේ නැත.
ධනික නැමැත්තා ඇදගන්නා තුරු පෝපා, පෝප් කිරීමට කිසිවෙකුට උවමනාවක් තිබුනේ නැත. එය පත්තු වූ පසු ටැබූගේ අම්මා අප්පා ද මතක් වී තිබුනේ නාමල් වැනි දේශප්රේමීන්ටය. සමහරුන් ටැබූ ආගමකින් හික්මවන්නද දත කනු පෙනිනි. නමුත් එවැන්නන්ගේ ආගම ඇදහීම කමෙන්ට් වලට පමණක් සීමා වන බව මම දනිමි. කෙසේ නමුත් ධනිකගේ මඩ වල මෙතෙක් කල් ටැබූගේ වචන වලින් සිත් රිදුණු අයට රස සාගරයක් විය. පැන නෑම ඇර වෙන කුමක්ද?
මිගාර නැමැති දොස්තරවරයා ද පන්දම අතට ගත්තේ ඉන්පසුවය. මඩට සප් දීමට බෙහෙවින් ප්‍රසිද්ධ වූ ඔහු ද වලක් සාදා දුනි. කස්ටිය ප්‍රමාද වූයේ නැත.
“ඔය විශ්වවිද්‍යාල වල උගන්නන ආචාර්යවරු මහාචාර්යවරු කැමතියි තමන් හරි අලි ලොකු එකා. තමන් විතරයි හැම දේම දන්නේ කියලා පෙන්නන්න” එකෙක් තමන්ගේ ඊර්ෂ්‍යාව පිට කර ගත්තේය. “මේ වාගේ ආගම දහමට නින්දා කරන පක්කිලියන් බිහි කිරීම ගැන වග කිවයුතු උන්ගේ අම්මලාය.” තවෙකෙක් වාඩුව ගත්තේය.
මෙවැනි එකම පන්තියේ හරක් ක්ලෝනයන් ගෙන් ප්‍රධාන ධාරාවට එරෙහි වීම අපේක්ෂා කල නොහැක. තමන් සිටින පුස් පද්ධතිය විවේචනයට ලක් වන විට එය රැකීමට ද ඉදිරිපත් වන්නේ පද්ධතිය තුල වෙසෙන්නන් බැවිනි.
අනේ මල්ලි අපි ඉන්නේ කොයි ගොඩේද කියලා මම නම් දන්නැ.ඇත්තටම දුකක් නැතිව කියන්න පුළුවන් මට නම් සිංහල බ්ලොග් ලිවිම මෙච්චර නැගලා ගියේ ඉංග්‍රිරිසිය බැරි නිසා.(මම මේ ලැඡ්ඡ නැතුව කියන්නේ,එකයි මේ කමෙටුත් දාන්නේ)නමුත් තාමත් මම මගේ මහන්සියෙන් හම්බ කරන් කන්නේ.ඒ නිසා මට කවුරැත් ලොකු නැහැ.අද මලත් එකයි හෙට මලත් එකයි.
එත් මම මේ සංගමයේ හිටිය ටික කාලෙට ඔය කියන කවුරැ නැතිවුනත් ඔය බිඑෆ් කියන එකා නම් මට දිරවන්නැ.ඉතින් ඒ නිසා මම පොස්ට් දෙක තුනක්ම දැම්මා.එවා ඉතින් තර්ජන කියලා නම් කියන්න එපා(මධ්‍ය මර්ධනය නම් නෙමේ).මොකද අපිට නම් රජ්‍ය අනුග්‍රහයක් ඇත්තෙම නැහැ.
එත් ඉතින් බ්ලොග් ලියන අපිට ලසන්තට වුන එකම වෙයි කියලා හිතන්න අමාරැයි.මොකද? අපේ අය ගොඩ දෙනෙක් කයි ගහන්නේ මුන වහගෙනනේ.ඉතින් කව්ද කියලා කොහොමද හොයන්නේ.(මටත් පුළුවන් ඔහොම නම් බයින්න ඔන එකෙකුට )
එනික මේ මධ්‍ය මර්දනය තුල ලසන්ත මුලම මිනිහා නොවේ මැරිච්ච.මොකද මිට පෙර මිටවඩා වැඩකාරයෝ මේ ගැටළුවට මැදිවුනා.මම තම දැකලා නැහැ මේ කැගහන අය ඒ අය ගැන ලියනවා.එත් අපි කථාකරන්නේ මේ මනුස්සයා ගැනම විතරයි.මොකක්ද මෙහි ගැටළුව.
ඒ නිසා මේ තර්ජන,ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශයේ කොනක හරි අපි ඉන්නවා කියලා හිතනවනම් ඔන් අපි නැහැ හොදද?(අපි අපිට හිතෙන විදිය හරිනම් හරි කවිවා වැරදිනම් වැරදි කිව්වා)මොකද?අපේ තාත්තා මවින් නෙවේ නිසා.
අනේ මල්ලි අපි ඉන්නේ කොයි ගොඩේද කියලා මම නම් දන්නැ.ඇත්තටම දුකක් නැතිව කියන්න පුළුවන් මට නම් සිංහල බ්ලොග් ලිවිම මෙච්චර නැගලා ගියේ ඉංග්‍රිරිසිය බැරි නිසා.(මම මේ ලැඡ්ඡ නැතුව කියන්නේ,එකයි මේ කමෙටුත් දාන්නේ)නමුත් තාමත් මම මගේ මහන්සියෙන් හම්බ කරන් කන්නේ.ඒ නිසා මට කවුරැත් ලොකු නැහැ.අද මලත් එකයි හෙට මලත් එකයි.
එත් මම මේ සංගමයේ හිටිය ටික කාලෙට ඔය කියන කවුරැ නැතිවුනත් ඔය බිඑෆ් කියන එකා නම් මට දිරවන්නැ.ඉතින් ඒ නිසා මම පොස්ට් දෙක තුනක්ම දැම්මා.එවා ඉතින් තර්ජන කියලා නම් කියන්න එපා(මධ්‍ය මර්ධනය නම් නෙමේ).මොකද අපිට නම් රජ්‍ය අනුග්‍රහයක් ඇත්තෙම නැහැ.
එත් ඉතින් බ්ලොග් ලියන අපිට ලසන්තට වුන එකම වෙයි කියලා හිතන්න අමාරැයි.මොකද? අපේ අය ගොඩ දෙනෙක් කයි ගහන්නේ මුන වහගෙනනේ.ඉතින් කව්ද කියලා කොහොමද හොයන්නේ.(මටත් පුළුවන් ඔහොම නම් බයින්න ඔන එකෙකුට )
එනික මේ මධ්‍ය මර්දනය තුල ලසන්ත මුලම මිනිහා නොවේ මැරිච්ච.මොකද මිට පෙර මිටවඩා වැඩකාරයෝ මේ ගැටළුවට මැදිවුනා.මම තම දැකලා නැහැ මේ කැගහන අය ඒ අය ගැන ලියනවා.එත් අපි කථාකරන්නේ මේ මනුස්සයා ගැනම විතරයි.මොකක්ද මෙහි ගැටළුව.
ඒ නිසා මේ තර්ජන,ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශයේ කොනක හරි අපි ඉන්නවා කියලා හිතනවනම් ඔන් අපි නැහැ හොදද?(අපි අපිට හිතෙන විදිය හරිනම් හරි කවිවා වැරදිනම් වැරදි කිව්වා)මොකද?අපේ තාත්තා මවින් නෙවේ නිසා.
මං හිතන්නෙ මෙතන comments දාන ගොඩක් අය මට වඩා වැඩිමල්. ඒ හින්දා මං අයියලා කියලා කියන්නම්.
මට Taboo ත් එක්ක කිසිම ගැටළුවක් නෑ. මට ගැටළුව තිබ්බෙ ඔහු පල කරලා තිබ්බ ලිපියක තිබුණු අපහසයක් යැයි කතෝලිකයෙකු ලෙස මට හැඟුණු වචනයක් පිළිබඳව සහ ඔහු නොදැනුවත්කමින් කර තිබුණු ඔටුවා ඉඳිකටු මලෙන් රිංගවීම පිළිබඳ කතාවක් ගැන විතරයි. මං Taboo සම්බන්ධ ලිපි දෙකක් මගේ බ්ලොග් එකේ පල කලේ මේ හේතුව හින්දා විතරයි. කතෝලිකයෙකු ලෙස මට ඒ අවස්ථාවේ එහෙම කරන්න අයිතියක් තියෙනවා කියලා මං හිතනවා.
අයියලා ඔක්කොම දන්නවා ඇති ධනික කියන්නේ කව්ද කියලා, අර මානවයා මෘදුකාංගය හදපු මල්ලි කියලා. ඉතිං මං මගේ බ්ලොග් එක ලියන්නෙ මගේ නමින්. ආදේශ නම් වලින් නෙමෙයි. ඉතිං මට අවශ්‍ය නෑ අහක යන කුණු කන්දල් ඇදල අරං මගේ නමට මගේ ප්‍රතිරූපෙට හානි කරගන්න.
මේවගේ ලිපි වලට ආයෙ මගේ නම සම්බන්ධ කර ගන්න එපා කියලා මං අයියලා හැමොන්ගෙන්ම ඉල්ලනවා. මොකද මේකෙ කියවෙන ගොඩක් අය ඉන්නෙ ආදේශ නම් වලින් උනාට මං ඉන්නෙ මගේ ඇත්ත නමින් නිසා. මගේ මුකුත් වැරැද්දක් තියෙනවා නම් අයියා (හෝ අක්කා) කෙනෙක් විදියට මට එය පෙන්නලා දෙන්න. මගේ ඉ-ලිපිනය ඕනෑම කෙනෙකුට විවෘත්තයි. ස්තූතියි!
@ ටැබූ
“ඒවා අපහාස කමෙන්ට් හෝ කුණුහරුප කමෙන්ට් නොවේ. ඇගේ ස්ථාවරය ප්‍රශ්න කරමින් ශිෂ්ට භාෂාවෙන් නැගූ ප්රශ්නය. පසුව ඒ ගැන මට තර්ජන එල්ල වෙද්දී ඒවා ඉවත් කළෙමි.”
කමෙන්ට් ශිෂ්ඨ නම් ඇයි තර්ජන කලාම අයින් කලේ?
ඔයාගේ බ්ලොග් අඩවියේ සෙනඟ වැඩිකර ගැනීමට ඔබ අපහාස කමෙන්ට් වලට ඉඩදුන්නා/දාගත්තා ද නැද්ද?
@ සසික
“එත් මම මේ සංගමයේ හිටිය ටික කාලෙට ඔය කියන කවුරැ නැතිවුනත් ඔය බිඑෆ් කියන එකා නම් මට දිරවන්නැ.”
ඔයාට දිරවන්නේ නැති හැම එකාගැනම පෝස්ට් දානවද? ලසන්ත ගැනත් එකක් ලියල දාපංකෝ
ego කියන එක හරි පිස්සුවක් මචං අඩු කරගත්තොත් හොඳා.
@ ධනික
දැන්ද තේරුනේ කරපු වැරැද්ද?
ධනිකට
මෙයට ඔබ සම්බන්ධ වීම ඔබගේ විශේෂ හැකියාවක් නිසා සිදුවූවක් නොව ඔබ සිදු කල සටහන නිසාය. ඔබේ නම සම්බන්ධ කර ගැනීමට අකමැති නම් එය නොකර සිටීමට තිබුනි.
ආගම ඕනෑම මගුලකට ඇද ගත හැක. ඒ එහි ස්වාභාවයයි. ආගම ගැන කතා කරද්දී අකුලාගෙන පැත්තකට බහින මිනිසුන් පඳුරකට පයින් ගසා වුවද සොයාගත හැක.
ඔබගේ මානවයා මෘදුකාංගයක් ගැන ඕන තැනටයි ඕන නැති තැනටයි ඇද ගැනීම මම ස්ථාන කිහිපයකදී නිරීක්ෂණය කලෙමි. මෙය එබ කෙසේ තේරුම් ගත්තත් මට කමක් නැත. මෘදුකාංග(මෘදුකාංගද නැද්ද යන්න පසුව කියා දිය හැක) නිර්මාණය කල එකම තැනැත්තා ඔබ නොවන බව තේරුම් ගත යුතුය. කොටින්ම එය මෙවැනි සංවාදයකදී අධෝ වාතයකුදු වැදගත් නොවන කරුණක් බව කියමි.
කුණු කූඩේට පයින් ගැසුවොත් කුණු විසිවෙන බව පයින් ගැසීමට පෙර ඕනෑම ගොබ්බයෙකු දනී.
@ සමන් හැම එකාම නොදිරවිමට තරම් මාතුල ලෙඩක් නොමැත.එහෙත් මේ පොලොවතුල අමාරැවෙන් පය ගසා සිටන අපිට මාහා ලොකු විපාකයක් මවා පැම මම කෙසෙවත් අගයන්නේ නැත.
එසෙම ලසන්ත ගැනත් මා හට නම් ලිව්ය හැක එත් ඉට පෙර මධ්‍ය නිදහස වෙනුවෙන් දිවිදුන් බොහො අය ඇත.ලසන්තට පෙර ඔවුන් මෙනෙහි කිරිම මා වටිනවා යැයි සිතන්නේ ඔවුන් මෙන් නොව ලසන්ත මියැදුනේ සුකොපබෝගි රථයක නිසාය.
බ්ලොග් අවකාශයේ කුණුහරුප කීමට මමද විරුද්ධ වන්නෙක්මි. ටැබූට හෝ මෙහි කාටවුවද කුණුහරුපයෙන් බැනවැදීම මම අනුමත නොකරමි. තිත්ත කුණුහරුප සහිත බ්ලොගයක් සින්ඩියෙන් ඉවත් කිරීම පිළිබඳව ගොඩ නැගුනු අපහාස පෙළහරකට ටැබූ එකතු වූයේ මෙසේය.
“මේකට මගේ නමද කවුරුන් හෝ ඇදගෙන ඇති නිසා මා පිළිතුරු දිය යුතුය.
ඒ කියන කතාව ඇත්තය. මගේ Taboo Subjects බ්ලොග් එක තවමත් කාගෙවත් Blog list එකට ඇතුළත් කර නැත. මා ඒ ගැන අමනාපයක්ද නැත. මගේ බොහොමයක් පෝස්ට් වලට තරු ලැබෙන්නේද නැත. ඒ නැතිවාට මට ජීවත් විය හැකිය. මා බ්ලොග් ලියන්නේ මිතුරන් සොයා ගැනීමට නොවේ.
‘කුණුහරුප’ යැයි වර්ගීකරණය කොට බ්ලොගයක් සින්ඩිකේටරයෙන් ඉවත් කිරීමට කුඩා කොටසක් කටයුතු කිරීම සාධාරණ සේ මා දකින්නේ නැත. මතවාද කුමක් වුවද සින්ඩිකේටරයේ සැමට ඉඩ ලැබිය යුතුය. මගේ Taboo Subjects බ්ලොග් එක පවා මෙසේ ‘කුණුහරුප’ යැයි වර්ගීකරණය කොට ඉවත් කිරීමට මේ සුළු පිරිසට ඉඩ ඇත. ඔවුන් එසේ කරන්නේ නම් ඒ හිතුවක්කාර පියවරකි.
සිංහල බ්ලොග් අවකාශයේ සිටිය යුත්තේ යුද්ධය එකහෙළා අනුමත කරන, සිරසට නෙළන, පුද්ගලික විශ්ව විද්‍යාල වලට අකැමති, සරසවියකට ඇතුළු වීම මහා වීරකමක් සේ දකින පිරිසක් පමණක් නොවේ. මීට විරුද්ධ අදහස් ඇති අයටද බ්ලොගවකාශයේ ඉඩ ලැබිය යුතුය.”
කලින් එසේ කියූ ටැබූ දැන් කුණුහරුප කමෙන්ට් සදාචාර සම්පන්න නොවේ කියන්නේ ඇයි?
සමන්
කුණුහරප යැයි වර්ගීකරණය වූ එවාද සැබෑ ලෙසම “අම්මට …..” යනුවෙන් ඇති කුණුහරපද අතර විශාල පරතරයක් ඇත.
@ සසික
ඔව්නේ
ලෙඩා මළත් බඩ සුද්දයිනේ.
@
පිටස්තරයා
“කුණුහරප යැයි වර්ගීකරණය වූ එවාද සැබෑ ලෙසම “අම්මට …..” යනුවෙන් ඇති කුණුහරපද අතර විශාල පරතරයක් ඇත.”
දුමින්ද සිල්වාගේ අම්මාට… අම්මාගේ අසවල් එකට… කියා බැන්නේ කව්ද?
@ පිටස්තරයා
ඇම්ඩන්ගේ කතා කුණුහරුපද නැද්ද?
@ සමන්
දැන් වෙලා තියෙන්නේ ලෙඩා මලත් බඩ සුද්දවිම නොව,ලෙඩා මරා බඩ සුද්ද කිරිමකි.එයයි මට ඇති ගැටළුව.
“කාටවත් හේතුවක් නැතුව අපහාස කළ කමෙන්ට් මගේ බ්ලොග් එකේ පළකොට නැත. නමුත් යම් යම් පුද්ගලයින් විසින් රට විනාස කරද්දී (උදා: දුමින්ද සිල්වා) උන්ට ඉතාම දරුණු ලෙස අපහාස කිරීමට මට පැකිළීමක්ද නැත. මා හැමදාම කියන පරිදි බොරුවට පහර දෙන විට බොරුවේ කොටස්කරුවන් පහර කෑම නොවැළැක්විය හැකිය.”
මෙය උපුටා දැක්වීමක් පමණි.
ඇම්ඩන්ගේ කතා පිළිබඳව මම දන්නා කරුණක් නොමැත. ඉහත දැක්වෙන පරිදි කුඩා කොටසකගේ උවමනාවට බ්ලොග් ඉවත් කිරීම පමණක් එහි ප්රශ්නය වී ඇති බව පැහැදිලිය. මේ සඳහා මම උත්තර දීම පලක් නැත.
මෙයද උපුටා දැක්වීමක පමණි.
මඩ, තර්ජන, කුණුහරුප ඔය මොකත් ඉතිං ලංකාවේ පොදු ලක්ෂයක් කියලා තේරෙන්නේ නැද්ද? හොදක් කලත් කියනවා නරකක් කරලත් කියනවා. එව්වා තේරුම් අරං ලියන කියන දෙයක් ලිය ලිය උන්නා නම් ඉතිං?
සසිකට බාහිර්රාමුව අල්ලන්නේ නැතිව ලියන්නත්, ධනිකටත් ටැබුගේ වචන වලට විරෝධය හෝ දක්වා ලියන්නත්, බුන්දිය වහකදුරු වී මිගාරට ලියන්නත්, බාහිර්රාමු කසාපබ්බතගේ ඒවාට විරුද්ධව ලියන්නත් මකබාස් සසන්දයට විරුද්ධව ලියන්නත් උන්මන්තක සසදයේ වැරදි පෙන්නා ලියන්නත් නිදහස්අදහස්ට හා පිටස්තරයාට එලෙසම ලියන්නත් බැරිද? මා කිව්වේ ක්මෙන්ට් ගැන නොව. බිලොග් ලිපි ගැනයි.ඒ විදිහට මහින්දලා ඇතුලු අයට කඩේ යන්න අයට කඩේ යන්න වගේම බනින්නත් බැරිද?
@සසික, තර්ජනයට මරණයට ලක් වුණ වෙනත් මාධ්‍යවේදින් හා පුද්ගලයින් ගැන ඔය තරම් දන්නේ නම් අප ඔබට ආරාධනා කරනවා ඒ ගැන ලියන්නැයි කියා. එය ඔවුන්ට කරන ගෞරවයක් නෙව? ආණ්ඩුවෙන් බොන්ස් ලැබන ඹාධ්යවේදින් ගැනත් හැකි නම් ලියන්න. ලසන්තගේ වහාන ගැන කතාකරන්නේ නම් එදා මෙදාතුර ආණ්ඩුවේ කත් ඇන්ද හා විරුද්ධ වු අයගේත් වහාන නිවාස දේපල ගැන ලියන්නේ නැත්තේ මන්ද?
ලෙඩා මරා බඩ සුද්ද කරන අය ගැන ඔය තරම් අමාරු අය වත්මන් ආණ්ඩුව කරන බඩ සුද්ද කෙරිල්ල ගැන සද්දයක් නැත්තේ මන්ද?
@-බිன்ku-
මඩ, තර්ජන, කුණුහරුප මේවා ලංකාවට විතරක් ආවේනික දෙවල් ද?වෙනත් ඔය කයි ගසන රටවල මෙවැනිදේ නැද්ද?මානව හිමිකම්,මධ්‍ය මර්ධනය සිදුවෙන්නේ නැද්ද?
මධ්යවේදන් කොපමන තර්ජන ගර්ජන වලට ලක් වුවද බ්ලොග් තුල දකින්නේ ලසන්තම පමනක් වන බවයි මම අදහස් කලේ.ලියන්නනම් පුළුවන්ය එත් දැනට මාකට් ලසන්ත පමනක් වන නිසා ඔහු දැනට හොදින් වෙනත් අය ලග විකිනෙන නිසාත් මම ඒ පිලිබදව ලිවිමෙන් කිසිදු ඵලයක් නොමැත.
@සසික, මඩ, තර්ජන, කුණුහරුප ගැන ඔයාට අදාලව ලිව්වේ නෑනේ. එව්වා ලංකාවට විතරක් නො වුණාට එව්වාටයි විරුද්ධ හා යම් මතයක්ට එරෙහිව යන අයට කරන එව්වා හොද හැටි කරන්නේ නැද්ද ලංකාවේ? වෙන රටවල නොවෙනවාම නොවේ, ඒත් අදාල නැති එව්වා මෙතන වැඩක් නෑනේ. ලසන්තව විතරක් නෙමේ වෙන අය ගැනත් ලියලා ඇති ඔන්න: http://tinyurl.com/ooswu6
පහුගිය ආණුඩුවල අය ගැනත් ඕන නම් ලියන්නත් පුලුවන් නෙව?
ලියන්න පුලුවන් කියා පලක් නොවෙන්න දෙයක් නෑනේ. මා ඇසුවේ ඔබතුමාගෙන් මෙවැන්නක් බලාපොරොත්තුවෙන් නෙමේ. අඬහැරයක් ලෙසට හඩක් නගාවි කියායි. කමත්වා!
මෙතැන් සිට කතා කිරිමේ පලක්වේදැයි මා සිතන්නේ නැත, තනිකර රණ්ඩු වීමක්ද අමනාප වීමක්ද පමණි. මහා ලොකු විපාකයක් වුවද දරන්නේ නැති අයට වැරද්දක් නොපෙනෙන තරම!
ධනික කොල්ලො, උඹේ ඔය “මානවයා” මහ ලොකු මෘදුකාංගයක්ද?ඕක ගැන ඔච්චරටම කියවන්න.මොකෝ උඹට විතරද ඕව කොරන්න පුලුවන්?උඹ, උඹවම මාර්කට් කර ගන්නෙ නැතුව නිකන් හිටපන් කොල්ලො.
මීට සමරනායක සීයා.
-බිன்ku-
මඩ, තර්ජන, කුණුහරුප ගැන මට අදාලව ලිව්වේ නෑතිවුනත් ඔබ තථාකරන්නේ මගෙත් රට ගැනය.ඒ නිසා මටද කථාකිරිමට අයිත්යක් ඇතැයි මා සිතයි.
එසේම මහා ලොකු විපාකයක් වුවද දරන්නේ නැති අයට වැරද්දක් නොපෙනෙන තරම!නොව මහා ලොකු විපාක මවා පැම නම් මම නම් කෙසෙවත් නොදරන අතර බලෙන් වැරදිලෙස පෙන්වුවාට එය වරද්දක් ලෙස සියළුම දෙනා පිලිගත යුතුද නැත.
@සමන්,
මෙන්න ප්‍රශ්න වලට පිළිතුරු:
1. කමෙන්ට් ශිෂ්ඨ නම් ඇයි තර්ජන කලාම අයින් කලේ? — ඇත්තම කියනවා නම් බයට හා හතුරන් හදා ගැනීමට විශේෂ උවමනාවක් නැති නිසා.
2. ඔයාගේ බ්ලොග් අඩවියේ සෙනඟ වැඩිකර ගැනීමට ඔබ අපහාස කමෙන්ට් වලට ඉඩදුන්නා/දාගත්තා ද නැද්ද? — නැත. මෙය ඉහත පැහැදිළි කර ඇත.
3. කලින් එසේ කියූ ටැබූ දැන් කුණුහරුප කමෙන්ට් සදාචාර සම්පන්න නොවේ කියන්නේ ඇයි? — දිගින් දිගටම වල්ගේ පාගා ගත යුතු නැත. ඔබට ඔබේ පටු චින්තන රාමුවෙන් එළියේ සිතීමටත් සරල සිංහල අවබෝධ කර ගැනීමටත් විශාල අපහසුවක් ඇති බව පෙනේ.
‘කුණුහරුප’ යනු සාපේක්ෂ දෙයකි. මේ දීර්ඝ ලෙස කථා කළ යුතු මාතෘකාවකි. නමුත් ඔබ කියන්නාක් සේ ඔය වචනයකට දෙකකට සදාචාර සම්පන්න නොවේ යැයි මා කොහේවත් කියා නැත. (කුණුහරුප ගැන මගේ නිර්වචනය වෙනස්ය.) මට ඕනෑ තරමක් කුණුහරුප කියන්න යයි ඉහළින්ම කියා ඇත්තේ එනිසාය.
ඔබේ සිංහල අවබෝධ කර ගැනීමෙ දුර්වලතා නිසා මා දිගින් දිගටම වෙහෙස කිරීම සාධාරණ නොවන යමක් ලියන්නට පෙර මා කියා ඇතිදේ හොඳින් කියවා අවශ්‍යනම් කාගෙන් හෝ උදව්වක් ගෙන අවබෝධ කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
@සියල්ලන්ටම,
ඔබට තෘප්තියක් ලැබේ නම් Taboo ට හෝ Taboo ගේ මෑණියන්ට හෝ නෑදෑයින්ට හෝ ඕනෑතරම් කුණුහරුපයෙන් බනින්න. Taboo කවුදැයි දන්නේ මා පමණකි. ඒ නිසා කොච්චර බැන්නත් Taboo ට වන හානියක් නැත.
අනේ බං උඹලා නොදන්නවාට , ධනික සෑර් ගෙ ඔය මානවයාද මොකක්ද එක ගන්න බිල් ගේට් උන්නැහැ දෙතුං පාරක් මුට්ටිය දාල. අපේ සෑර් බෑ ම කිව්වලු. පාප් වහන්සේ නං නිකං කොපියක් ඉල්ලපු පරක්කුවෙන් හැරෙන තැපෑලෙන් යැව්වලු. උන්දැට තාප්පයක් උඩට වෙලා ආප්පයක් කකා ඕක බලන්න බැරියැ..
@කුඩු ලාල්
හි.. හි.. ඔන්න ඔහොම පොඩි ජෝක් පාට් එකක් දාලා හිනාවෙලා ඉඳපල්ලකො… මොකද මේ හැමතිස්සෙම කට්ටියත් එක්ක වලි දාගන්නෙ..? අන්න අරෙහෙ ප්රභාකරන් ලොක්කව අල්ලලු… ඒවා ගැන කතාකරපල්ලකො… ඒවනෙ මේ දවස් වල සබ්ජෙක්ට්….. හි.. හි..
හි.. හි.. බොලේ මං ඔය උඩ තියෙන කොමෙන්ට් එක දැම්මෙ කුඩු ලාල් කොල්ලා දාපු පොඩි ජෝක් කොමෙන්ට් එකක් ගැන… ඒක අතුරුදහන් වෙලානෙ බොලේ… තමක් නෑ.. කමක් නෑ.. කොහොමහරි උඹලගෙ යුද්ධෙ නැවතුනානෙ.. හැමතිස්සෙම පොඩි උන් වගේ රණ්ඩු කරගන්නැතුව ඉඳිල්ලා බං… වැඩකට ඇති දෙයක් ගැන කතා කරපල්ලා… අන්න හෙට යුද්ධෙ ඉවරයිලු…. හි.. හි..
>”බ්ලොග් අවකාශය තුල අප විසින් ලිවීම ආරම්භ කරන අවදියේ අප තුල තිබූ එක බලාපොරොත්තුවක් විය. එනම් අසංවේදී භාවයට පත් ලාංකික සමාජය තුල සමාජ සංවාද ගොඩ නැගේය යන බලාපොරොත්තුවයි. එලෙසම ප්‍රධාන ධාරාවට එරෙහි වන්නන්ගේ මතවාද සංවාදයට භාජනය වන වේදිකාවක් බවට බ්ලොග් අවකාශය පත් වනු දැකීමයි. එහෙත් අවාසනාවට මෙන් අප දකින්නේ තර්ජනය කිරීම් ය, බැණ වැදීම් ය , කුණු හරුපය.”< — අදහස් අවකාශය
නැතිනම් හුදු පුද්ගල විවේචනයන්ය.
මේ අතාර්කික, අවසංවේදී සමාජ යථාර්තය තුල බ්ලොග් අවකාශය ද ඉන් පරිභාහිර නොවේ. මහා සමාජය තුල ප්‍රතියමාන වන අර්බුධයන් එලෙසම බ්ලොග් අවකාශය තුලද මතවාදී තලයේදී අඩු වැඩි වශයෙන් පවතියි. දැන් දැන් මේ විසංවාදී කතිකාවන් බොහෝ විට ඇති කරන්නේ කලකිරීම පමණි.
වැඩි දුර යා යුතු නැත. බ්ලොග් අවකාශයේ ‘ප්‍රකාශන නිදහස’ ගැන ඒ වෙනුවෙන් ලියා ඇති මේ සටහනට ලැබී ඇති ප්රතිචාරයන් ම සෑහේ. ඒ වැඩිමනක් ප්රතිචාරයන් අදාල කරුණ ගැන කතා කරනු වෙනුවට සරල පුද්ගලික විවේචයන් සඳහා වෙන්ව ඇත.
කණගාටුය. එහෙත් විකල්පයක් පෙනෙන්නට නැත.
—
සටහන ගැන ස්තූතියි!
හි.. හි.. මං මේ බ්ලොග් එක ලියන කොලුවට කියන්නෙ.. මේ ලිපියෙ තියෙන විෂයට අදාල නැති මඩ කොමෙන්ට් මකලා දැම්මොත් හොඳයි නේද කොලුවො… මොකෝ ඔය මඩ කොමෙන්ට් වලින් කාටවත් වැඩක් සිද්ද වෙන්නෑනෙ.. අවැඩක් මිසක්… එතකොට මේ බ්ලොග් අඩවිය මඩ කොමෙන්ට් වලින් තොර සම්භාව්‍ය බ්ලොග් අඩවියක් වේවි නේද කොලුවො… හි.. හි..
මං උඹලට එදා කිව්වනේ යුද්ධෙ ඉවරයි, ඒක ගැන කතා කරපල්ලා කියලා…. කොහෙද උඹලට ඒවා කතා කරන්න නම් බෑ… කිසිම අදාලත්වයක් නැන් වල ඌරො වගේ අනුන්ට මඩ ගහන්න නම් පුළුවන්… මං කිව්වා වැරදිද? යුද්ධෙ ඉවරයි නේද..? හි.. හි..
@ ජොකර් – මෙම සටහන ලියන ලද්දේ බ්ලොග් කරුවන්ගේ අදහස් ප්‍රකාශන නිදහස වෙනුවෙන් හඬක් නැගීමේ අරමුණෙනි. එය ඔවුන්ට තර්ජනය කිරීම් , බැණ වැදීම් , කුණු හරුප වෙනුවට සංවාදාත්මක නැඹුරුවකට සේස්සන් හට කෙරුණු අරාධනයකි. එහෙත් මියගිය මහාචාර්ය සමරනායකන් හටදඅ අපහාස කෙරුණු ප්‍රතිචාර මෙන්න හුදෙක් ආතල් ගැනීම සඳහා ද ලියවුණු ප්‍රතිචාර ඉවත් කර දැමූයේ නැවත වතාවක් ලිපිය ලිවූ මුල් අරමූණු සිහිපත් කිරීමේ අටියෙනි. මේ බ්ලොග් අඩවිය සම්භාව්‍ය වීමද නැද්ද තීරණය කිරීම කියවන්නා සතු කාර්යයක් වන අතර අප ඒ සඳහා අමුතුවෙන් වෙහෙස නොවන වගද කරුණාකර සලකන්න
මේ සංවාදයට ලසන්ත ඈදා ගත්තතේ ඇයි ද යන්නත් තවත් පරශ්නයක් වී ඇත. නැවත වතාවක් ලිපිය සැලකිලෙන් කියවා බලන ලෙස ඉල්ලා සිටිමි.
“ලසන්ත ඝාතනය ගැන බ්ලොග් කරුවන් ලෙස අප හඬක් නැගිය යුතුව තිබුනේ යැයි සහෝදර බ්ලොග් කරුවකු අප හා පැවසීය. නමුදු එය ඉෂ්ඨ නොවීය. මන්ද යත් ලසන්ත දේශපාලනික වූ බැවිනි. මෙතරම් දේශපාලනී කරණය වූ රටකදී ලසන්ත දේශපාලනික චරිතයක් වීම නිසා මිනිසුන්ගේ ජිවත් වීමේ නිදහස ද , ප්‍රකාශන නිදහස ද , යටපත් වන්නේ යැයි බොහෝ අය උපකල්පලනය කල බැවින් සාමූහිකව එයට එරෙහි වීමක් කරන්නට තරම් පෙළඹවීමක් කරන්නට අපට නොහැකි විය. ලසන්ත මෙතැනට අතුරු කතාවක් ලෙස ඈදා ගත්තේ බ්ලොග් කරුවකු මෙවැනි ඉරණමකට මුහුණ දුනහොත් ඊට ප්‍රතිචාර කුමන විදියේ වනු ඇතිදැයි නිගමනය කරගන්නනට සාධක එම සිද්ධි වලින් උකහා ගත හැකි බැවිනි.
”
ලසන්ත ගේ නම සමග කියවන ඔබට යම් කිසි ගැටුමක් ඇත්නම් ඒ වෙනුවට ඔබ කැමති කෙනෙකුගේ නම ආදේශ කර ගන්නා ලෙස ඉල්ලමි. මන්ද ලසන්ත දේශපාලනික වූ බැවින් එය සාධාරණිකරණය කරන්නට සැදී පැහැදෙන අයට මේ සමාජය ඇද වැටී තිබෙන්නා වූ ඛේදවාචකය ගම්‍ය නොවන බැවිනි.
අප කාගේ පිලේ ද යන්න හෙවත් කාට හරි කඩේ යනවා දැයි බවත් ප්‍රශ්නයක් මතුව තිබේ. මේ යුගයේ තවත් ජනප්‍රිය ඵරශ්නයක් වන එය ඇසීමෙන් සියලු ගැටලු නිරාකරණය නොවන වග මතක් කර දීමට අපට සිදු වේ.
මේ ලියවිල්ල සැලකිල්ලෙන් කියවා බැලුවහොත් අප මතු කරන්නට හදන කාරණාව වටහා ගත හැක. අප සිටින්නේ භාෂණයේ නිදහස පැත්තතේය. රාඦාණ්ඩුවක් මෙන් රජතුමාට එහෙයි කියාගෙන ජීව්ත් වීම පරමාඳර්ශය කොටගත් ජීවිත වලට කණට ගසන්නන්නේ පිලේය. එම නිසා අහිංසකයින් වගේ පෙනෙන තක්කඩියන්, බඩු ගසන්නන් ඇතුලු සියලු දෙනා හට (පෙරදිග සුලං ට අනුව ) රිදවීම වැලැක්විය නොහැක.