නිර්ණාමික බ්ලොග් කරණය , තර්ජන සහ බ්ලොග් අවකාශය

නිර්ණාමික බ්ලොග් කරණය සහ ප්‍රතිචාර පල කිරීම පිළිබඳව නොයෙකුත් මතවාද සිංහල බ්ලොග් අවකාශය තුල පසුගිය කාලය පුරාවටම දකින්නට ලැබුනි. අපට වැඩි වශයෙන් දකින්නට තිබුනේ නිර්ණාමික බ්ලොග් කරණය හා ප්‍රතිචාර පල කිරීම පිළිබඳවඊට එරෙහි මතවාදයන්ය. නිර්ණාමිකත්වය  කශේරුකාව පිළිබද, ලියන්නාගේ කශේරුකාව පිළිබඳ ගැටලුවක් ලෙස සම්පිණ්ඩනය කෙරෙන අදහස් අපට ඕනෑ තරම් දකින්නට ලැබුනි. අපගේ මෙම  ලිපියේ අරමුණ නිර්ණාමික ප්‍රතිචාර පිළිබඳව සාකච්චා කිරීම නොව

  • නිර්ණාමික ලේඛන කලාව
  • ආරූඪ නාම
  • නිර්ණාමික බ්ලොග් කරණය 

යන සංකල්ප පිළිබඳව සංවාදයක් මතු කිරීමය.

නිර්ණාමික හෝ ආරූඪ නාම ලේඛන කලාව

නිර්ණාමික ලේඛන කලාව හෙවත් ආරූඪ නම් වලින් ලේඛන කල්වෙහි යෙදීම ලොව පුරා පිළිගත් සම්ප්‍රදායකි. ලොව පිළිගත් ලේඛකයන්, පත්‍ර කලාවේදීන් ඇතුලු  බොහෝ දෙන් නිර්ණාමිකව හෝ ආරූඪ නාම වලින් බ්ලොග් කරණයේ යෙදී ඇත. උදාහරණ ලෙස

  • මාර්ක් ට්වේන්
  • මක්සිම් ගෝර්කි
  • ලුවිස් කැරොල්
  • ස්ටීවන් කිංග්
  • ජෝජ් එලියට්
  • වී අයි ලෙනින්

ඇතුලු ඉතා දීර්ඝ ලැයිස්තුවක් අපට හමුවේ. මේ සියලු දෙනාම නොයෙකුත් හේතු මත ආරූඪ නාම වලින් ලේඛන කලාවේ නිරත වූහ. මීට අමතරව ලංකාව තුල නිර්ණාමිකව ලේඛන කලාවේ යෙදුනු ලේඛකයන් අපට ඕනෑ තරම් හමුවේ. මෙම ලේඛකයින් ගේ සැබෑ අනන්‍යතා බොහෝ කල් සඟවා පවත්තවා ගැණුනු අතර එමගින් ඔවුන්ට ඒ ඒ කාල සීමා තුල පැවති සමාජ, දේශපාලන සංස්ථාවෙන් එල්ල විය හැකි තර්ජන , පීඩා මග හරවා ගැනීමට කටයුතු යෙදිණි.

  • හික්කඩුවේ සුමංගල හිමි
  • ලසන්ත වික්‍රමතුංග
  • ඒ ජේ ගුණරත්න
  • කසුරි
  • සුන්දර නිහතමානී ද මැල්
  • වික්ටර් අයිවන්
  • විමලසිරි ගම්ලත්

ලංකාවේ ආරූඪ හෝ නිර්ණාමික ලේඛන කලාවේ යෙදුනෝ වෙති. ඒ අතර විමලසිරි ගම්ලත් පසු කාලීනව විමල් වීරවංශ ලෙස ප්‍රසිද්ධියට පත් විය. 

නිර්ණාමික බ්ලොග් කරණයේ යෙදෙන්නේ ඇයි????????
අද බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනෙකුට ඇති ගැටලුව නම් “ඇයි කෙලින් ලියන්න බැරි?”, “මොකද කොන්ද පණ නැද්ද?” ආදී දේ ය. නමුත් අප සියලු දෙනාම ලේඛන කලාවේ පිලිගත් සිද්ධාන්ත අනුව සලකා බලන විට අරුමයක් නොවන නිර්ණාමික හෙවත් ආරූඪ නම් වලින් බ්ලොග් කරණයේ යෙදීම ගැටලුවක් කර ගන්නේ ඇයිද යන්නට තේරුම් ගැනීම අසීරුයි. නමුත් ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය මතවාද හා ගැටෙන විට , විවේචනය කරන විට, රටක පවතින සමාජ දේශපාලනික ව්‍යූහයන් ප්‍රශ්න කරන විට ඊට එරෙහිව එල්ල වන ප්‍රතිචාර අතිශය දරුණුයි. සමහර විට මෙම නිසා බ්ලොග් කරුවන් සිරගත කිරීමට ලක්වුණු අවස්ථා පවා ලෝකයේ තිබෙනවා. මීට අමතරව බ්ලොක් කරුවන් හට නොයෙකුත් තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු වී තිබේ. සමහර විට ඔබ නොදන්නවා වුනත් ලංකාවේ සමහර බ්ලොග් කරුවන්ගේ අනන්‍යතා සඔයා ගෙන ඔවුන්ට මානසික පීඩා ගෙන දෙමින් , සමීපතමයින් හට තර්ජනය කල අවස්ථා පවා අප අත් දැක තිබේ. මේ සියල්ල සිදු වන්නේ මතවාදිමය වශයෙන් එකඟ නොවීම් දිරවා ගන්නට බැරි කම හේතුවෙන් බව ඉතා පැහැදිලිය.

නිර්ණාමික බ්ලොග් කරණයට එරෙහි වන හේතු සාධක
මෙම ලිපිය පුරා නැවත නැවතත් සඳහන් කරන පරිදි බ්ලොග් අවකාශය තුල නිර්ණාමිකත්යට එරෙහි වන්නේ තමන් දරන මතයට විරුද්ධ බ්ලොග් කරුන් ගේ නිර්ණාමිකත්වයට වීම විශේෂිතයි. බොහෝ විට තමන්ගේ මතවාදය සහ එකඟ වෙන බ්ලොග් කරුවන්ගේ නිර්ණාමිකත්වය ප්‍රශ්න කරන්නට මේ පොලු අමෝරා ගන්නා අය ඉදිරිපත් වෙන්නේ නැහැ. පසුගිය කාලය පුරා මෙම කාරණය නිසා සිංහල බ්ලොග් අවකාශය තුල සිටින නිර්ණාමික බ්ලොග් කරුවන්ට
නොයෙකුත් තර්ජන , අපහාසවලට මුහුණ දීමට සිදු වුනා. සමහරුන් මේ නිර්ණාමික බ්ලොග් කරුවන්ගේ අනන්‍යතාවයන් සෙවීමට මහත් වෙනසක් ගනු ලැබුවේ අප තැති ගැන්වීමට ද ලක් කරමින්. තවත් අය නිර්ණාමික බ්ලොග් කරුවන් ගේ අඩවි සින්ඩිකේටරයෙන් පන්නා දැමිය යුතු යැයි කියන මතවාද පවා ඉදිරිපත් කර තිබුනේ එක්තරා ආකාරයක අන්තර්ජාල චණ්ඩි පාට් රඟ දක්වමින්. නමුත් තමන් හා එකඟ නොවූ පලියට එසේ කිරීම කෙතරම් යුක්ති සහගත දැයි අපි ප්‍රශ්න කරමු.

අනන්‍යතා නිර්මාණය උදෙසා බ්ලොග් කරණය  ???????????????????????????????????
මේ  තර්ජන කරන සමහරුන්ට වැළඳී ඇති රෝගය  ලෙස අප දකින්නේ බ්ලොග් ලිවීම යන් අනන්‍යතා නිර්මාණය කර ගැනීමේ මාර්ගයක් ලෙස ඔවුන් උපකල්පනය කිරීමයි. අනන්‍යතා අහිමු වූ නූතන ලාංකිකයා හට “අහවල් බ්ලොග් එක ලියන්නෙ මම”  යනුවෙන් තෘප්තිමත්වීමට ඇති අවස්ථාව මේ බ්ලොග් කරුවන් නිසා අහිමි වන බව නොරසහකි. මන්ද නිර්ණාමිකයන් බ්ලොග් ලියන්නනේ අනන්‍යතා නිර්මාණය උදෙසා නොවන බව අප හොදාකාරව තේරුම් ගෙන සිටිනා බැවිනි. එම නිසා නිර්ණාමික බ්ලොග් කරනයට එරෙහිව කූණු හරුපයෙන් බැනීමටත් , ඔවුන්ගේ අනන්‍යතාව සොයා ගැනීම සිතමින් සිටීමෙන් සමහරවිට සිය නින්ද අහිමි කරගැනීමත් කර නොගන්නා ලෙසට මේ අයට අකමැත්තෙන් වුවත් අවවාදයක් දීමට අපට සිදු වන්නේ එහෙයිනි.

මීලඟ ලිපියෙන් තවත් සාකච්චා කරමු.

විශේේ ස්තූතිය – තොරතුරු , මූලාශ්‍ර සැපයූ ආනන්ධ වර්ධන සොයුරාහට

 

8 comments so far

  1. Mahinda on

    ane me oya maha lokuwata ka gahana blog karayota kondak na thami me aya eka shreshta kathuwaruge nam gawanna epa oya mahaloku nirnamika blog karayo karane anunta madagahana eka thami wadak athi deyak karane ne dan oya e ayata sudu hunu ganna epa uge blog walata giyahama penawa ewa kawruth kiyawane ne unma unge blog wala eka ela nam walin mada comment dagena blog eka prmote karanna yanawa dan ehama karalath blog balane nathi nisa dan boruwata ka gahanawa

  2. අදහස් අවකාශය on

    මහින්ද ගේ ප්‍රතිචාරය සිංහල බසින් –

    අනෙ මෙ ඔය මහ ලොකුවට ක ගහන බ්ලොග් කරයොට කොන්ඩක් න තමි මෙ අය එක ශ්‍රෙශ්ට කතුවරුගෙ නම් ගවන්න එප ඔය මහලොකු නිර්නමික බ්ලොග් කරයො කරනෙ අනුන්ට මඩගහන එක තමි වඩක් අති ඩෙයක් කරනෙ නෙ ඩන් ඔය එ අයට සුඩු හුනු ගන්න එප උගෙ බ්ලොග් වලට ගියහම පෙනව එව කවෘත් කියවනෙ නෙ උන්ම උන්ගෙ බ්ලොග් වල එක එල නම් වලින් මඩ cඔම්මෙන්ට් ඩගෙන බ්ලොග් එක ප්‍රමොටෙ කරන්න යනව ඩන් එහම කරලත් බ්ලොග් බලනෙ නති නිස ඩන් බොරුවට ක ගහනව

  3. ගයන්ත on

    හ්ම්ම්!!! 😀

    ඒක ඇත්ත…

  4. සියදෝරිස් on

    සෑහෙන්ට වටින ලිපියක්…

  5. එල එල….
    ඇත්තටම වටිනවා…

  6. පිටස්තරයා on

    “අනේ මේ මහින්ද යන්න මහින්ද යන්න”

    එක ප්‍රශ්නයක් තියෙනවා. කවුරුත් ඔය බ්ලොග් වලට යන්නේ නැත්තන් ඉතින් කොච්චර සුදු හුණු ගෑවත් ප්‍රශ්නයක් නෑනේ.

    අදහසට ගහන්න බැරි නිසා කවුද පුද්ගලයා කියලා බලනවා. පුද්ගලයාගේ පසුබිම හොයාගන්න බැරි වුනාම තමයි නිර්නාමිකත්වයට බනින්නේ.

    හැබැයි එහෙම වුනාට නිර්නාමිකත්වය දෙපැත්ත කැපෙන පිහියක්. සම්පූර්ණ පෞද්ගලික මඩත් එන්නේ ඒ ස්වරූපයෙන්මයි. එහෙම කියලා නිර්ණාමිකත්වය සම්පූර්ණයෙන් නැති කරන්නත් බැහැ.

  7. Palitha on

    සම්පූර්නයෙන් ඇත්ත. ඔය නිර්නාමික බ්ලොග් අයින්කරන්න කියලා කෑගහන අයගේ බ්ලොග්වලට ගියාම පේනවා ඔය අනන්‍යතා අර්බුදය. ඔවුන් නිකමෙක් නොවී සමහරෙක්වීමට උත්සාහ කරනවා (Nobody to Somebody by Dr Kumari Jayawardena)

  8. චින්තන on

    වටිනා ලිපියක්


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: